, ,

වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය

රු500.00

  • Author : අභය හේවාවසම් 
  • Cancer, Cocaine & Courage (by Arthur J. Backhard & Wilium D. Crean) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Sooriya  Publishe
  • Nineth Batch  2014
  • ISBN 978-955-8892-25-4
  • 208 Pages

Availability: 1 in stock

Author : අභය හේවාවසම් 

Cancer, Cocaine & Courage (by Arthur J. Backhard & Wilium D. Crean) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Sooriya  Publishe

Nineth Batch  2014

ISBN 978-955-8892-25-4

208 Pages

ලෝක පූජිත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වූ විලියම් ස්ටූවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වූයේ සැත්කම්වලට බඳුන් වන මිනිසුන් සැත්කමේ දී හා එයින් පසු විඳින මහත් වූ වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය. ඒ සඳහා ඔහුට අවසානයේ දී සිය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වූ නමුත් සියලු බලවේගයක් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයකු බවට පත් වීමට ඔහුට හැකි විය. 

නොපසුබස්නා වීර්යය හා නොසැලෙන අධිෂ්ඨානය මත සිය ජීවිතය ගොඩනැඟු වෛද්‍ය විලියම් හල්ස්ටඩ් මානව වර්ගයා වෙනුවෙන් ඉටු කළ අද්වීතීය මෙහෙවර අදත් නොමැකී පවතින්නේ, ඔහු තුළ වූ කැපවීමේ උසස් බව නිසාය. වෛද්‍ය වෘත්තියේ සාරධර්ම මුදලට විකිණී වෛද්‍යවරුන්ගේ හදවත් විද්‍යුත් මෙවලම් බවට පත් වී ඇති අද වැනි යුගයකට වෛද්‍ය විල්ගේ චරිතය අකුණු සැරයක් බඳු යැයි සිතේ. දැනුම සොයා යාමේ දීත්, එය අත්හදා බැලීමේ දීත්, ලෝකයාගේ ගරු සම්මානයට බඳුන් වෙද්දිත් එකසේ නිහතමානීව, නිවහල්ව, අදීනව, අකුටිලව සිය සේවාව ඉටු කළ මානවහිතවාදියෙකු ගේ ජීවිත කතාව සිංහල පාඨකයන් වෙත තිළිණ කිරීම පිළිබඳව අභය හේවාවසම් මහතාණන්හට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය. 

 

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා                                                                                                                                                                             ලේඛකාධිකාරි, ආයුරුවේද වෛද්‍ය සභාව.

#VaidyaWillgeWismithaLokaya #AbayaHewawasam #Sinhalapoth #SinhalaPariwarthana #Willge

 

Weight 0.245 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය”

Your email address will not be published. Required fields are marked *