Sale!
,

වෛද්‍ය ආර්.එල්. ස්පිට්ල් මහතාගේ කෘති එකතුව

Original price was: රු7,670.00.Current price is: රු7,287.00.

  • වන සරණ + ලක්බිමේ තවත් යුගයක් + මැකීගිය දඩමං + සුදු වැද්දා + වනගත ලංකා + සුදු ගෝනා
  • සාමාන්‍ය මිල – රු. 7670/=
  • අපේ මිල – රු. 7287/=

Availability: 2 in stock

වන සරණ + ලක්බිමේ තවත් යුගයක් + මැකීගිය දඩමං + සුදු වැද්දා + වනගත ලංකා + සුදු ගෝනා

සාමාන්‍ය මිල – රු.7670/=

අපේ මිල – රු. 7287/=

 

වන සරණ

Author: ඒ. පී. ගුණරත්න

Savage Sanctuary (by R. L. Spittel) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

Ninth Edition 2017

ISBN 978-955-9348-01-9

368 pages

මානව විද්‍යාත්මක විස්තර හුයින් විසිතුරු කථා වස්ත්‍රයක් විවීමට පළමුවෙන්ම මට යෝජනා කරන ලද්දේ මහාචාර්ය බාන්ස් මහතා විසිනි. ඒ මහතා මට මෙසේ ලීවේ ය.

“වැද්දන් වැනි පුරාණ මනුෂ්‍ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළිබදව විස්තරයන් ඇතතුළත් ‌ෙකාට කරන ලද මානව විද්‍යාත්මක සංග්‍රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පූර්ණයෙන් ශාස්ත්‍රීය කෘතියකි. එහෙත් එයින් වැදි ජීවිතය අනාවරණය නො කරයි. වැදි හාමිනේ උදේ අවදිවන්නේ කොයි වේලාවේ ද? ඈ උදය මුහුණ කට සෝදා ගනී ද නැද්ද? හීලට පිළයෙල වන්නේ මොනවා ද? වැදිරාළ වැඩට පිටත්වන්නේ කොයි වේලාවට ද? ඔහු කරන්නේ මොනවා ද? සිතන්නේ මොනවා ද? වැදි ජීවිතය පිළිබඳ ඉතා කිට්ටු ඔබට කළ හැකි තරම සම්පූර්ණ විස්තරයක් ඔබ අපට ඉදිරිපත් කරතැයි මම ඉතා ආසාවෙන් බලාපොරොත්තු වෙමි. එය ඉතා වටිනා එසේ  ම කියවන්නා ප්‍රිය කරන කෘතියක් ද වෙනවා ඇත.”

“වනසරණ” හා “මැකීගිය දඩමං” එම උත්සාහයේ ප්‍රතිඵලයයි.

-ආර්. එල්. ස්පිට්ල්

මේ  “වනසරණ” ආර්. එල්. ස්පිට්ල් දොස්තර මහත්මයා විසින් ලියන ලද සුප්‍රකට “Savage Sanctuary” නම් පොතේ සිංහල අනුවාදය යි. මෙය සත්‍ය කරුණු ආශ්‍රයෙන් ලියන ලද මානව විද්‍යාත්මක වටිනාකමකින් යුත් කරුණු රාශියක් ඇතුළත් රසවත් කථාවකි.

වන්නියේ වැද්දන් සොයමින් මහ වනයේ හැම තැනක ම ඇවිදින්නට පුරුදු ව සිටි දොස්තර මහතා වැද්දන් හා වැදි ජීවිතය ද පිළිබඳ බොහෝ දේ මෙහි විස්තර කරයි. සිත්කලු මහ වනය හා බිහිසුණු වන ජීවිතය ද කියවන්න් ඉදිරියෙහි විචිත්‍ර ලෙස විදහා පෙන්වයි.

#WanaSarana #Vanasarana #APGunarathna #SinhalaPoth #OnlineBooks

 

ලක්බිමේ තවත් යුගයක්

Author: ප්‍රේමචන්ද්‍ර අල්විස්

Far-off Things (by R. L. Spittel) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

Third Edition 2009

ISBN 978-955-9348-36-1

416 pages

සුදු හූරා නමින් වැදි ජනතාව අතර සුපතළ ආර්. එල්. ස්පිටල් ‘වන සරණ’ (Savage Sanctuary) නිසා සිංහල පාඨකයෝ මැනවින් හඳුනති. 1881 දෙසැම්බර් 9 වැනි දා දකුණේ තංගල්ලේදී ජන්ම ලාබය ලත් හෙතෙම, 1969 සැප්තැම්බර් 3 වැනිදා කොළඹ ගුවන් විදුලි සංස්තාව අසල අද “විචර්ලි” ජාත්‍යන්තර පාසල පිහිටි සිය නිවසේදී ජන්මාන්තරගත විය.

වැදි ජනතාවට බෙහෙවින් ආදරය කළ ස්පිටල්, තම අවමඟුල වැදි චාරිත්‍රානුකූලව පවත්වන්නැයි ඉල්ලීමක් කර තිබිණි. දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු, කවියකු හා සාහිත්‍යධරයකු වූ ඔහු අතින් ලියැවුණු කෘති අතුරින් Where the White Sambur Roams ‘සුදු ගෝනා’ නමින් ද Wild White Boy ‘සුදු වැද්දා’ නමින් ද Vanished Trails ‘මැකී ගිය දඩමං’ නමින් ද සිංහලයට නැගී තිබේ.

ලංකාවේ ඉපද – හැදී – වැඩී – උගෙන මෙහිම ජීවත් වූ බර්ගර් ජාතික ස්පිටල්, මෙරටට දැක්වූ භක්ත්‍යාදරය Far-off Things නම් කෘතියෙන් ප්‍රකට වේ. ලෙනාඩ් වුල්ෆ් ගේ Growing, ‘ලක්බිමේ සත් වසක්’ යනුවෙන් සිංහලයට නැගූ  ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා Far-off Things, ‘ලක් බිමේ තවත් යුගයක්’ නමින් පරිවර්තනය කිරීමෙන් කළ ශාස්ත්‍ර සංග්‍රහය ප්‍රශස්ත ය.

මෙම කෘතිය ලංකාවේ ‌ෙඑතිහාසික තොරතුරු ද – ආදී වාසීන්ගේ වතගොත ද – සිද්ධස්තාන හා සුන්දර ස්ථාන පිළිබඳ විස්තර මෙන්ම ජනශ්‍රැති හා මිත්‍යා මත ද හෙළි කරණ අතර ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාගේ පරිවර්තන කෞශල්‍යය ද එමැනවින් පිළිබිඹු කරන්නකි.

-තිලකරත්න කුරුවිටබණ්ඩාර

#LakBimeThawathYugayak #PremachandraAlwis #SinhalaPoth #OnlineBooks

 

මැකීගිය දඩමං

Author: ඒ. පී. ගුණරත්න

Vanished Trails (by R. L. Spittel) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

Twelfth Edition 2017

ISBN 978-955-9348-00-0

336 pages

මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක් ස්වරූපයෙන් ලියන ලද්දකි. වැද්දා ගල් ගෙවල වාසය කරමින් වනයේ තැනින් තැන ඇවිද ආහාර පාන සපයා ගැනීමෙන් ජීවත් වූ අවදියේ සිට ගෙපැල අටවාගෙන හේන් ගොවිතැනින් ජීවත් වන්නට පටන් ගත් අවදිය තෙක් වූ වැදි ජීවිතය මෙහි විස්තර වේ. නවකතාවකට අවශ්‍ය අංගයක් වශයෙන් බැහැරින් එකතු කළ යම් දෙයක් හැරුණු විට හෙළදිව ආදී ම වැසියන් වූ වැද්දන්ගේ අන්තිමයන් පිළිබඳ මේ කතාව – වැද්දන්ගේ අන්තිම පදය – සත්‍ය කතාවකි.

හුදු ශාස්ත්‍රීය පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ගවේෂකයකු ඉදිරිපත් කරන එකිනෙකට සම්බන්ධ මානව විද්‍යාත්මක විස්තරයක් මෙන් නොව පාඨකයාගේ රුචිය දියුණු වන සේ නවකතාවක ස්වරූපයෙන් සමාජ මානව විද්‍යාව ඉදිරිපත් කිරීමේ ක්‍රමය සාර්ථකව කළේ මා මීට පෙර ලියූ “වන සරණ (Savage Sanctuary)” නම් පොතෙනි. එම කථාවේ ඉතිරි කොටස මෙහි සම්බන්ධව තිබේ.

-ආර්. එල්. ස්පිට්ල්

#mekigiyaDadaman #MekeegiyaDadaman #APGunarathna #SinhalaPoth #OnlineBooks

 

සුදු වැද්දා

Author: ප්‍රේමචන්ද්‍ර අල්විස්

Wild White Boy (by R. L. Spittel) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

Revised Edition 2019

ISBN 978-955-656-046-6

202 pages

“හැන්ස් ඔබ! මොකද කරන්නේ?” ඩේමියන් පූජකතුමා ඉතා බැරෑරුම් හඬින් විමසීය.

“මට කැලේම තමා”

ඒ ගැන තර්ක විතර්ක වලට ඉඩක් නැති බව ඔහුගේ වචනවල නිශ්චිතතාවෙන් තහවුරු විය. එවැනි උත්සාහයක් නොදැරීමට වගබලා ගතයුතු තරමට ඔවුහු හැන්ස් ගැන මනා අවබෝධයෙක් ඇතිව ද සිටියහ.

“අර අසරණ තරුණිය නාලිනීට ඉන්න මීට වඩා හොඳ තැනක් ගැන මට හිතා ගන්න බැහැ. මෙහේ නවතින්න ඇය කැමැති කර ගන්න මම උත්සාහ කරන්නම්. මා ළග ඉන්න කට්ටියේම කෙනෙක් හැටියට මම ඇය රැක බලා ගන්නම්.”

මඳ වේලාවක් නිහඬව සිටි පියතුමා හැන්ස් ඇමතුවේය. “මගෙ පුතා හැන්ස්, කැලය ඔබේ ශරීරයත් ආත්මයත් අවනත කරගෙන, එය හැම දාම ඔබගේ නිවහන වෙයි. ඒත්, කැලේ අද්දර ඉන්න අප බලන්න ඉඳහිට වත් නෑවිත් ඉන්න හේම ඒක හේතුවක් නෙමේ. අපි හැම විටම ඔබ ආදරයෙන් පිළිගන්නවා.”

“බොහෝම ස්තූතියි පියතුමනි. මම ඔබතුමා අමතක කරන්නේ නැහැ.”

ඔවුන් නැගිට වැලි පිස දමා අඳුරු වන ගුල්මය මැදින් පූජකතුමාගේ පැල්පත කරා ගිය අතර හැන්ස් ඔවුන්ගෙන් වෙන්ව රනී වෙත ගියේය.

පොරොන්දු වූ පරිදි, පසු දා අලුයම ඔවුහු සියලු දෙනාම හැන්ස්-රනී යුවල අවසන් වරට දැක ගැනීමට ගියහ. ඔවුන් දෙදෙනා බල්ලාද කැටුව යනු ඔවුහු බලා සිටියහ. කැලයට ඇතුළු වත්ම හැන්ස් ආපසු හැරී අත වනා ඔවුනට ආයුබෝවන් කීවේය.

#SuduVadda #PremachandraAlwis #SinhalaPoth #OnlineBooks

 

වනගත ලංකා

Author: ප්‍රේමචන්ද්‍ර අල්විස්

WILD CEYLON (by R.L.Spittel’s ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

New Print 2020

ISBN 978-955-9348-64-7

280 Pages

වනයට ආදරය කරන්නට පුතාට උගැන්නූ තාත්තාගේ නාමයට උපහාර කොට පිරිනමමින් ඒ පුතා WILD CEYLON යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියූ කෘතිය ” වනගත ලංකා ” යන නමින් අප මෙසේ ඔබ අතට පත් කරමු. තාත්තාගෙන් ලත් දැනුම ක්‍රියාවට නංවමින් වනයත් වැදි සනුහරයත් ගැන ආර්. එල්. ස්පිටල් නම් ලේඛක වෛද්‍යවරයා අතින් ලියවුණු පළමුවැනි ග්‍රන්ථය මෙයයි. වැදි ජීවන රටාව වෙසෙසින් විවරණය කිරීම මේ කෘතිය සම්පාදනයේදී තමාගේ ප්‍රබල අභිලාෂය වූ බව ලේඛකයා ප්‍රකාශ කරයි.

එඩිතරකම වැද්දකුට පමණක් කළ හැකි  “බඹර කැපීම ” මෙහි විස්තර කැරෙන්නේ ඒ කාර්යය ත්‍රාසය පාඨක සිත්හි ද ජනිත වන ආකාරයෙනි. බඹර කැපීම සඳහා අවශ්‍ය වැල් ඉණිමඟ හා අනෙක් උපකරණ සකසා ගැනෙන අන්දමත්, ගිරිකුළකින් පහළට එල්ලෙන වැල් ඉණි මඟෙහි පැද්දෙමින් බඹර කැපීමෙහි යෙදෙන වැද්දාගේ ජීවිතයේ අවදානම හා ඒ කාර්යයේ දුෂ්කරතාවත් සියැසින් දැක ඇති ස්පිටල් ඒ පිළිබඳ කදිම චිත්‍රයක් මේ කෘතියෙන් පාඨක ඔබ වෙත ඉදිරි පත් කරයි.

#WanagathaLanka #VanagathaLanka #PremaChandraAlvis #Parivarthana #SinhalaPoth

 

සුදු ගෝනා

Author: ඒ. පී. ගුණරත්න

Where the White Sambhur Roams (by R. L. Spittel) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

Revised Edition 2019

ISBN 978-955-656-045-9

258 pages

එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදි පිරිස අමතා “හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුඟ දවසකට ආපහු එන්නේ නෑ” යි කී ය. මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නූ රන්දුනා, “අර හාමුදුරැවන් ඉන්න ගල් ගෙට යනවා නෙ මෙයි මම හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කීවා නේ.” යි පැවසී ය.

“නෑ මම ගිහින් එන්ඩ ඔනෑ මා කලින් හිටපු විල අද්දරට. එහෙ මගෙ යාළුවන් කීප දෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඔනෑ.”

“මොන යාළුවන් ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට ඒන්න ඉස්සර වෙලා කිසිම යාළුවකු හිටියෙ නෑ කියාලායි.”

“ඔව්, මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට ඒහෙදි කිරි දීපු මී දෙනක්, නයකුගෙන් මගෙ දිවි ගළවා දීපු මුගටියෙක්, ඒ ඔක්කෝට ම වඩා මිත්‍ර සුදු ගෝන නාම්බෙක් එහෙ ඉන්නවා.”

රනීගේ දෙනෙත මහත් විය. “අපි සේරම යමු. මාත් ආසයි ඒ විල් එළිය දකින්න.”

#SuduGona #APGunarathna #SinhalaPoth #OnlineBooks

Weight 2.189 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වෛද්‍ය ආර්.එල්. ස්පිට්ල් මහතාගේ කෘති එකතුව”

Your email address will not be published. Required fields are marked *