, , ,

වි‍ශේෂාංග රචනා කලාවේ නව ප්‍රවේශය : මග සලකුණු ඔස්සේ ගිය පා ගමනක්

රු560.00

  • Author -කරුණාදාස සූරියආරච්චි, තිස්ස වීරසේකර, චන්ද්‍රසිරි කටුදෙණිය
  • Publisher – Sooriya Publishers
  • First Edition 2018
  • ISBN 978-955-656-515-7
  • 256 Pages

Out of stock

Author -කරුණාදාස සූරියආරච්චි, තිස්ස වීරසේකර, චන්ද්‍රසිරි කටුදෙණිය

Publisher – Sooriya Publishers

First Edition 2018

ISBN 978-955-656-515-7

256 Pages

 

ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු වන කරුණාදාස සූරියආරච්චි ශූරින් සිය වෘත්තීය දිවිය ඇරඹුවේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජාතික පුවත්පතක් වූ දිවයින ඉරිදා සංග්‍රහයේ විශේෂාංග ලේඛකයෙකු වශයෙනි. දශක තුනකට අධික කාලයක් තිස්සේ පුවත්පත් කලාවේ නියුතුව සිටි ඔහු විශේෂාංග කර්තෘ, නියොජ්‍ය කර්තෘ සහ ප්‍රධාන කර්තෘ වශයෙන් දිවයින සහ සිළුමිණ යන ජාතික පුවත්පත්වල සේවය කළේය. ප්‍රවෘත්ති කලා හා නිර්මාණාත්මක කෘති දහයක පමණ කර්තෘත්වය දැරූ ඔහු ‘කසුරි’ යන කෙටි නමින් පාඨක ආදරය දිනා සිටියේය. ලේඛකයෙකු වශයෙන් නවකතා, කෙටිකතා, තීරු ලිපි සහ ගේය පද රචනයෙහි දස්කම් පාමින් නොනිමි මෙහෙවරක යෙදී සිටියදී කසුරි 2014 වර්ෂයේදී දැයෙන් සඳහටම සමු ගත්තේය.

 

සිය පාසැල් අවධියේ සිට ලේඛන  කලාවෙහි දස්කම් පෑ තිස්ස වීරසේකරයන් පුවත්පත් කලා වෘත්තිකයෙකු වශයෙන් මාධ්‍ය ලෝකයට අවතීර්ණ වූයේ දිවයින පුවත්පතේ කර්තෘ මණ්ඩලයට බැඳීමත් සමඟය. සහකාර කර්තෘ ධුරයක් දැරූ ඔහුගේ සේවා කාලය තුළදී නවතම ශාස්ත්‍රීය , සාහිත්‍ය කලා හා සංස්කෘතික විශේෂාංග රැසක් පාඨකයාට හඳුන්වා දුන්නේය. ජන සන්නිවේදනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වශයෙන් රජරට සරසවියට බැඳීමෙන් පසු මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සමඟ ශාස්ත්‍රීය කලා හා නිර්මාණාත්මක කුසලතා පාදක කර ගනිමින් ඔහු ශාස්ත්‍රීය හා සන්නිවේදන පර්යේෂණ රැසක නිරත විය. පර්යේෂණ ලිපි රාශියක මෙන්ම, කෘති කිහිපයක කර්තෘත්වය දරණ තිස්ස වීරසේකරයන් ජන සන්නිවේදනය පිළිබඳ මහාචාර්ය වරයෙකු ද වෙයි.

 

චන්ද්‍රසිරි කටුදෙණිය ශුරින් කැළණිය සරසවියෙන් ජන සන්නිවේදන උපාධිය දිනා ගැනීමෙන් අනතුරුව සිය වෘත්තීය පුවත්පත් කලා දිවිය ආරම්භ කරන්නේ දවස පුවත්පතේ ප්‍රාදේශිය ප්‍රවෘත්ති ලේඛකයෙකු වශයෙනි. අනතුරුව ඔහු දිවයින කර්තෘ මණ්ඩලයට බැඳෙන අතර ප්‍රවෘත්ති හා විශේෂාංග යන අංශද්වයෙහිම සිය හැකියාවන් විශද කරයි. යුධ,උසාවි,පාර්ලිමේන්තු සහ ගවේෂණාත්මක වාර්තාකරණය වැනි පුවත්පත් කලාවේ අසීරු ඉසව් ඔහුට හුරු පුරුදුය. ඔහුගේ “ මහ මුහුද මැද මරණය අබියස” කෘතිය එයට නිදසුනකි. ජනමාධ්‍ය සංවිධානවලද පුරෝගාමි මෙහෙවරක් ඉටු කළ ඔහු මාධ්‍යවේදියකු වශයෙන් දෙස් විදෙස් පුහුණුවද ලබාගෙන ඇත. නියෝජ්‍ය කතුවරයෙකු දක්වා උසස්වීම් ලැබූ කටුදෙණිය මහතා සිය නිල පදවිවලින් බැහැරව දැනට ඇමරිකාවේ පදිංචි වී සිටිය ද ලේඛක කලාව ඔහුගේ ජනප්‍රිය විනෝදාංශයක් කරගෙන සිටී.

ජයන්ත චන්ද්‍රසිරි

‘දිවයින’ හිටපු ප්‍රධාන කර්තෘ

#MagaSalakunuOsseGiyaPaaGamanak #KarunadasaSooriyaarachchi #ThissaWeerasekara #ChandrasiriKatudeniya #SinhalaPoth #OnlinePoth #OnlineBooks

 

Weight 0.314 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වි‍ශේෂාංග රචනා කලාවේ නව ප්‍රවේශය : මග සලකුණු ඔස්සේ ගිය පා ගමනක්”

Your email address will not be published. Required fields are marked *