Author – දයා සිරිවර්ධන
Publisher – Samudra Publishers
First Edition 2014
ISBN 978-955-680-292-4
281 Pages
ඉතා සරල බසින් පැහැදිලිව ලියා ඇති මෙම ග්‍රන්ථය පරමාණුවේ ස්වභාවය සහ ව්‍යුහය, එහි විවිධ කොටස් වල හැසිරීම සහ මෙම අද්විතීය ශක්ති ප්රභවය ග්‍රහණය කරගැනීම සදහා, මිනිසා විසින් අධ්‍යයනය කිරීමට යෙදු උපක්‍රම පිළිබඳව කියවේ.
පරමාණුවේ මූලික සාධක, න්‍යෂ්ටිය විදාරණය, විඛණ්ඩනය, විලයනය සහ පර්යේෂණ කටයුතුවලට, වෛද්‍ය විද්‍යාවට, කර්මාන්ත වලට සහ කෘෂිකර්මයට, විකිරණශීලී සමස්ථානික යොදාගැනීම පිළිබඳ මිනිසාගේ නවතම යෙදුම් ආදී විද්‍යාත්මක ඥාණය, අනුපිළිවෙලකට මෙහි ඉදිරිපත් කර ඇත.
විශේෂයෙන් නවතම බල ශක්තිය ලෙස අද විද්‍යාඥයින් ගේ අවධානය යොමු වී ඇති, සූර්යයා තුල ක්‍රියාත්මක වන විලයන ක්‍රියාවලිය යොදාගැනීම පිළිබඳ තොරතුරු මෙහි ඉදිරිපත්කර ඇත.
ඉලෙක්ට්‍රෝන ධාරා නිපදවීම සහ පාලනය, විදුලි කෝෂ වලින් ක්‍රියාකරන ගයිගර් ඝණකයක් සාදාගැනීම, අන්තරීක්ෂ අංශු මගින් න්‍යෂ්ටියක් පෘථක්කරණයවීම ඡායාරූපයට නැගීම සහ විසරණ වළා කුටීරයක් ඉදි කර භාවිතා කිරීම, යනාදී නිවසේ දී කළ හැකි පරික්ෂණ රාශියක් මෙම ග්‍රන්ථයේ ඇතුලත් කර ඇත.
උපකාරී රූප සටහන්, වගු සහ ඡායාරූප රාශියක් ග්‍රන්ථය පුරාම ඉදිරිපත් කර ඇති නිසා, ” විස්කම් පරමාණුව” න්‍යෂ්ටික විද්‍යාව සහ අද මානව වර්ගයාට ඉන් ලබාගත හැකි ප්‍රයෝජන පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් පාඨකයාට ලබා දෙයි.
අ.පො.ස. (සා.පෙ) ශිෂ්‍යයින්ට, අ.පො.ස. (උ.පෙ.) ශිෂ්‍යයින්ට, සරසවි ශිෂ්‍යයින්ට සහ විපරම් කාරි වැඩිහිටියන්ට, පරමාණුක ශක්තිය පිළිබඳව සිංහල භාෂාවෙන්, මූලික අවබෝධයක් ලබාගැනීමට මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇත.
#ViskamParamanuwa #WiskamParamanuwa #DayaSiriwardhana #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.