, , ,

විපරීත

රු600.00

  • Author : පියදාස උඩවත්ත
  • Publisher : Dayawansa Jayakodi Publisher 
  • Frist Edition 2019
  • ISBN 978-955-686-402-1
  • 256 Pages

Availability: 2 in stock

Author: පියදාස උඩවත්ත

Publisher: Dayawansa Jayakodi Publisher 

Frist Edition 2019

ISBN 978-955-686-402-1

256 Pages

ඇගේ කීම ඔහු හිස සලා පිළිගත්තේය. සුදුබණ්ඩා තමන්ට පිටුපා යන තම මව දෙස බලා සිටියේය. බුලත් විටක් කටේ රුවාගත් අප්පුහාමි ද බණ්ඩාර මැණිකා යන දෙස බලා සිටියේය. ‘ තවමත් හැඩකාරියක ’ යැයි ඔහුට සිතුණි. 

“ හැබෑට උඹලා ඡන්දෙ දීලා නෑ නොවැ. එව්ව ගැන කොහොමද දන්නෙ? උන්දලා අපේ ඡන්දෙ ඇන්න යනවා. ඉතින් ඔය කාලෙකට පස්සේ ගමේ මොනා හරි හොඳ වැඩක් කොරනවා. ඊට පස්සේ ආයේ වතාවක් ඡන්දේ ඉල්ලනවා. එහෙම තමයි උන්දලගේ හැටි. සමහර කාලවලදිත් මොකවත්ම  කොරන්නෙ නැතුවත් ඡන්දෙ ඉල්ලනවා. අපේ ඇත්තෝ එදාට මහන්සිවෙලා ගිහුල්ල ඡන්දෙත් දෙනවා. ඒක හරියට පුතා සිරිතක් වගෙ වෙලා. උන්දලා ඉල්ලනවා, අපි දෙනවා. එච්චරයි. වෙන්නෙ.”

“ එහෙනම් මක්කේ මේ දෙගොල්ලොම එකතු වෙලා කොරන මගඩියක් වාගෙ. බෑනො මේ ඇවිල්ලා තියෙන්නෙ මං කිව්ව විපිරියාස කාලෙම තමයි.  ඔය විදියට එහෙම ගියොත් නම් ඉතින් ආයෙ දෙයියො කිව්වත් නවත්තන්ටම බැරුව මේ ගම්තුලානෙ දුප්පත් ඇත්තන් වළපළ්ලටම යනවා.”

“ මට උඹේ අණ්ඩර දෙමළේ තේරෙන්නේ නෑ බෑනො. උඹලා එහේ ගිහුල්ලා මොනා කෙරුවා කිව්වද?” අප්පුහාමි නැවත ඇසුවේය.

“ඔය ඇත්තෝ කියන්නේ උද්ගෝසන කෙරුවා කියලා. ඒක ඔය මහ වචනේ දැම්මට අමාරු එකක් නොවේ අප්පච්චී. අපි එකතු වෙලා බෝඩ් අල්ලගෙන කෑගගහා පැයක් විතර මහ පාරෙ අයිනට වෙලා ඉඳලා උත්තරේකුත් ඇන්න තමයි ආවේ” සුදුබණ්ඩා කීවේය. 

“ මොකක්ද උත්තරේ?” 

“තව දොහ තුනකින් විතර වීවලට කාසි පනම් දෙනවා කියලා ඔය අම්පාරේ ඉන්නා ලොකු මහත්තයෙක් කියලා ගියේ. කාසි පනම් ලැබෙයි.” 

#Viparitha #PiyadasaUdawaththa #SinhalaPoth #SinhalaNawakatha

Weight 0.314 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විපරීත”

Your email address will not be published. Required fields are marked *