Author – ඉන්ද්‍රකීර්ති සිරිවීර
Publisher – sarasavi Publishers
First Edition 2020
ISBN 978-955-31-1929-2
294 Pages
“සංග්රාම ආරම්භ වන්නේ මිනිසුන්ගේ මනස් තුළින් ය” යන පැරණි වෛදික සඳහන යුනෙස්කෝ සංවිධානය විසින් ද පිළිගෙන ජනප්‍රිය මතවාදයක් බවට පත් කර ඇත. මිනිස් මනස අතීතයේ සිට ම විවිධාකාරයෙන් වර්ධනය වී ඇතත් ලෝක ඉතිහාසය සංග්රාමයන්ගෙන් පිරී ඇත. එහි ලා ජන සමූහයන් තුළ හා රට වල විවිධ මතවාද සහ සංකල්ප බලපා ඇත. ශ්‍රී ලංකාව මෙම ප්රවාහයෙන් බැහැර වූ දේශයක් නොවේ. එහි සංග්රාම වෘත්තාන්තය අන්තර්ගත මෙම කෘතිය පරිශීලනයෙන් සංග්රාම ගැන පමණක් නොව ඉතිහාසයේ විවිධ පැතිකඩ පිළිබඳව ද අවබෝධයක් ලැබීමට පිළිවෙන.
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකු වන කතුවරයා විවිධ අවස්ථාවල රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති පදවිය ද, විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති ධුරය ද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති ධුරය ද බණ්ඩරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධයස්ථානයේ අධ්යක්ෂ නිලය ද හොබවා ඇත.
#VijithapuraSitaNandikadalThek #IndrakeerthiSiriweera #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.