,

විජයයි කුවේණියයි

රු650.00

  • Author – රූපා ශ්‍රියානි ඒකනායක
  • Publisher – Sooriya Publishers
  • Sixth batch 2021
  • ISBN 978-955-8892-00-9
  • 376 Pages

Availability: 2 in stock

Author – රූපා ශ්‍රියානි ඒකනායක

Publisher – Sooriya Publishers

Sixth batch 2021

ISBN 978-955-8892-00-9

376 Pages

 

වංශ කථාවලට අනුව නම්, දුටු මතින් පිටරැටියක හා පෙම් බැඳ තම නෑදෑයින් සියලු දෙනා සිත් පිත් නැති ව ඒ පිටරැටියාට පාවා දුන් කුරිරු ගැහැනියකි කුවේණි ය. එහෙත් විජය කෙරෙහි බැදි ඇගේ ප්‍රේමයේ දුක්ඛ පක්ෂය වර්ණනය කෙරෙන තැන් අපේ පැරණි පොත පතේ ඉතා විරල ය, දරු දෙදෙනෙකු ලද කුවේණිය, විජය විසින් පිට මං කිරීමේ සිද්ධිය ඒවායේ සඳහන් වන්නේ එතරම් සැලකිල්ලට නොගත යුතු සාමාන්‍ය සිද්ධියක් ලෙස ය.

එහෙත්, ලක් රජය දිනා ගැනීමෙන් අනතුරුව විජය විසින් බිරිය කොට ගත් කුවේණිය, දරු දෙදෙනෙකු ලද පසු මාලිගාවෙන් පිට මං කිරීම ඉතිහාසයේ සඳහන් සිද්ධි අතර අතිශය අනුවේදනීය කතා පුවතක් ලෙස ගැනිය හැකි ය. එය නැවත නැවතත් මෙනෙහි කිරීමේ දී ඒ වටා ගොනු වන දුක්ඛිත වූත්, විචිත්‍රවත් වූත් සිද්ධි රාශියක් මා සිතට ඇතුළු වෙයි. විජයයි කුවේණියයි නවකතාව තුළින් මා පාඨක මනසේ ද සිත්තම් කිරීමට වෑයම් කරන්නේ කුවේණිය පිළිබඳ මා මනසෙහි ජනිත වූ ඒ නොයෙක් විචිත්‍රවත් අදහස් සමූහයකි.

රූපා ශ්‍රියානි ඒකනායක ගවේෂණශීලී ලේඛිකාවකි. සෙංකඩගල මහ බිසෝ නවකතාවේ දී මෙන්ම මෙම විජයයි කුවේණියයි නවකතාවේ දී ද ඇය ඓතිහාසික මූල සාධක අර්ථාන්විතව ගළපා ගනිමින් චරිත ප්‍රතිනිර්මාණයෙහි යෙදෙන අයුරින් ම ඇයගේ ප්‍රතිභාව හා ස්වීයත්වය වඩාත් කැපී පෙනෙයි.

ඇය අතින් ලියැවුණු සිටුවර පුවත නවකතාවට 2012 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය හිමි විය.

 

#VijayaiKuweniyai #RoopaSriyaniEkanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.424 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විජයයි කුවේණියයි”

Your email address will not be published. Required fields are marked *