, , , ,

වන වැදුණු දොස්තර

රු600.00

  • Author: ප්‍රේමචන්ද්‍ර අල්විස්
  • Surgeon of the Wilderness (by Christine Spittel Wilson) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sooriya Publishers
  • Tenth Edition 2020
  • ISBN 978-955-9348-51-5
  • 343 pages

Out of stock

Author: ප්‍රේමචන්ද්‍ර අල්විස්

Surgeon of the Wilderness (by Christine Spittel Wilson) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

Tenth Edition 2020

ISBN 978-955-9348-51-5

343 pages

සිය පියා යමක් ලියනු දුටු හැම මොහාතකම ඔහුගේ ඇඟෙහි දැවැටෙමින්  “තාත්තේ ඔයා හැම තිස්සේම කුරුටු ගාන්නේ මොනවා ද?” යි ඇසූ සිඟිති දුවක් පසුව සුරංගනා කතා ලිවීමෙන් තාත්තාගේ අඩි පාරේම යන්නට පටන් ගෙන මුහුකුරා ගිය ලේඛිකාවක වශයෙන් ඇගේ තාත්තාගේ ජීවිත කතාවද ලිවීමට වාසනාවන්තියක් වූවාය. ඒ, ඉංග්‍රීසියෙන්  ලියූ පොත් තුදුසකින් එම සාහිත්‍ය පෝෂණයට දායක වූ ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් නමැති සුප්‍රකට ලේඛිකාව ය. මේ රටේ සිටි සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකු මෙන්ම ලේඛකයකුද වූ ආර්. එල් ස්පිට්ල්ගේ වැඩිමහල් දූ ය. ඇයට නැඟණියක්ද සිටි නමුත් කුඩා කාලයේදීම මිය ගියාය.

ක්‍රිස්ටීන් විල්සන්ගේ මුල් ඉංග්‍රීසි කෘති අතුරෙන් කීපයක් “තිත්ත කෝපි”, “කඳුකර මාවත”, “අත්තටු මැවිලා”, “වීර දිවයින”, යනුවෙන් සිංහලයට පරිවර්තනය වී තිබෞ. මේ “වන වැදුණු දොස්තර” Surgeon of the Wilderness යනුවෙන් ඇය ලියූ ඇගේ පියාගේ ජීවිතයේ හැම පැතිකඩම අතිශය භාව පූර්ණාකාරයෙන් විවරණය කරන්නී විවිධ සාහිත්‍ය රස පාඨක මනසට ඇතුළු වන ආකාරයෙනි.

ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් දැන් ජීවතුන් අතර නැත. ඇයත් ඇගේ සැමියාත් සැබෑ මානව දයාවෙන් හෙබි, ඉතා නිහතමානී, එමෙන්ම කාරුණික, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිස් නාමය අන්වර්ථ කර ගත් යුවළක් බව ජීවතුන් අතර නැති ඒ දෙදෙනාටම දක්වන උපහාරයක් වශයෙන් මෙහි ලා සටහන් කරමු.

#WanaWedunuDosthara

Weight 0.400 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වන වැදුණු දොස්තර”

Your email address will not be published. Required fields are marked *