Sale!
, , , , ,

වන ගත ලංකා + ලක් බිමේ තවත් යුගයක් + නොක්ස් දුටු ලක්දිව

රු3,753.00

  • වන ගත ලංකා + ලක් බිමේ තවත් යුගයක් + නොක්ස් දුටු ලක්දිව
  • සාමාන්‍ය මිල – රු. 3950/=
  • අපේ මිල – රු. 3753/=

Availability: 2 in stock

වන ගත ලංකා + ලක් බිමේ තවත් යුගයක් + නොක්ස් දුටු ලක්දිව

සාමාන්‍ය මිල – රු. 3950/=

අපේ මිල – රු. 3753/=

 

වනගත ලංකා

Author: ප්‍රේමචන්ද්‍ර අල්විස්

WILD CEYLON (by R.L.Spittel’s ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

New Print 2020

ISBN 978-955-9348-64-7

280 Pages

 

වනයට ආදරය කරන්නට පුතාට උගැන්නූ තාත්තාගේ නාමයට උපහාර කොට පිරිනමමින් ඒ පුතා WILD CEYLON යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියූ කෘතිය ” වනගත ලංකා ” යන නමින් අප මෙසේ ඔබ අතට පත් කරමු. තාත්තාගෙන් ලත් දැනුම ක්‍රියාවට නංවමින් වනයත් වැදි සනුහරයත් ගැන ආර්. එල්. ස්පිටල් නම් ලේඛක වෛද්‍යවරයා අතින් ලියවුණු පළමුවැනි ග්‍රන්ථය මෙයයි. වැදි ජීවන රටාව වෙසෙසින් විවරණය කිරීම මේ කෘතිය සම්පාදනයේදී තමාගේ ප්‍රබල අභිලාෂය වූ බව ලේඛකයා ප්‍රකාශ කරයි.

එඩිතරකම වැද්දකුට පමණක් කළ හැකි  “බඹර කැපීම ” මෙහි විස්තර කැරෙන්නේ ඒ කාර්යය ත්‍රාසය පාඨක සිත්හි ද ජනිත වන ආකාරයෙනි. බඹර කැපීම සඳහා අවශ්‍ය වැල් ඉණිමඟ හා අනෙක් උපකරණ සකසා ගැනෙන අන්දමත්, ගිරිකුළකින් පහළට එල්ලෙන වැල් ඉණි මඟෙහි පැද්දෙමින් බඹර කැපීමෙහි යෙදෙන වැද්දාගේ ජීවිතයේ අවදානම හා ඒ කාර්යයේ දුෂ්කරතාවත් සියැසින් දැක ඇති ස්පිටල් ඒ පිළිබඳ කදිම චිත්‍රයක් මේ කෘතියෙන් පාඨක ඔබ වෙත ඉදිරි පත් කරයි.

 

#WanagathaLanka #VanagathaLanka #PremaChandraAlvis #Parivarthana #SinhalaPoth

 

ලක් බිමේ තවත් යුගයක්

 

Author: ප්‍රේමචන්ද්‍ර අල්විස්

Far-off Things (by R. L. Spittel) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

Third Edition 2009

ISBN 978-955-9348-36-1

416 pages

 

සුදු හූරා නමින් වැදි ජනතාව අතර සුපතළ ආර්. එල්. ස්පිටල් ‘වන සරණ’ (Savage Sanctuary) නිසා සිංහල පාඨකයෝ මැනවින් හඳුනති. 1881 දෙසැම්බර් 9 වැනි දා දකුණේ තංගල්ලේදී ජන්ම ලාබය ලත් හෙතෙම, 1969 සැප්තැම්බර් 3 වැනිදා කොළඹ ගුවන් විදුලි සංස්තාව අසල අද “විචර්ලි” ජාත්‍යන්තර පාසල පිහිටි සිය නිවසේදී ජන්මාන්තරගත විය.

වැදි ජනතාවට බෙහෙවින් ආදරය කළ ස්පිටල්, තම අවමඟුල වැදි චාරිත්‍රානුකූලව පවත්වන්නැයි ඉල්ලීමක් කර තිබිණි. දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු, කවියකු හා සාහිත්‍යධරයකු වූ ඔහු අතින් ලියැවුණු කෘති අතුරින් Where the White Sambur Roams ‘සුදු ගෝනා’ නමින් ද Wild White Boy ‘සුදු වැද්දා’ නමින් ද Vanished Trails ‘මැකී ගිය දඩමං’ නමින් ද සිංහලයට නැගී තිබේ.

ලංකාවේ ඉපද – හැදී – වැඩී – උගෙන මෙහිම ජීවත් වූ බර්ගර් ජාතික ස්පිටල්, මෙරටට දැක්වූ භක්ත්‍යාදරය Far-off Things නම් කෘතියෙන් ප්‍රකට වේ. ලෙනාඩ් වුල්ෆ් ගේ Growing, ‘ලක්බිමේ සත් වසක්’ යනුවෙන් සිංහලයට නැගූ  ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා Far-off Things, ‘ලක් බිමේ තවත් යුගයක්’ නමින් පරිවර්තනය කිරීමෙන් කළ ශාස්ත්‍ර සංග්‍රහය ප්‍රශස්ත ය.

මෙම කෘතිය ලංකාවේ ‌ෙඑතිහාසික තොරතුරු ද – ආදී වාසීන්ගේ වතගොත ද – සිද්ධස්තාන හා සුන්දර ස්ථාන පිළිබඳ විස්තර මෙන්ම ජනශ්‍රැති හා මිත්‍යා මත ද හෙළි කරණ අතර ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාගේ පරිවර්තන කෞශල්‍යය ද එමැනවින් පිළිබිඹු කරන්නකි.

-තිලකරත්න කුරුවිටබණ්ඩාර

#LakBimeThawathUgayak #PremaChandraAlvis #Parivarthana #SinhalaPoth

 

නොක්ස් දුටු ලක්දිව

Author: ප්‍රේමචන්ද්‍ර අල්විස්

Historical Relation of The Island Ceylon In The East –Indies (by Robert Knox) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

First Edition 2009

ISBN 955-8892-45-9

414 pages

 

ශ්‍රී ලංකාව ගැන ඉංග්‍රීසියෙන් ලියැවුණු වීරප්‍රකට ග්‍රන්ථය 1681දී ප්‍රකාශයට පත් වූයේ ය.

ඒ වූ කලි රොබට් නොක්ස් ගේ AN HISTORICAL RELATION OF THE ISLAND CEYLON IN THE EAST -INDIES නමැති සර්ව කාලීන ශාස්ත්‍රීය කෘතියේ එතෙක් ප්‍රකාශයට පත් ප්‍රථම මුද්‍රණයයි. එය දිවයිනේ මධ්‍ය කාලීන සමාජයේ ශිෂ්‍ය පරම්පරාවෙත් විවිධ ප්‍රාඥයන්ගේත් නිත්‍ය මූලාශ්‍ර ග්‍රන්ථයක් බවට පත්ව තිබේ. පුරාතන සාහිත්‍ය වංශයේ සුවිශේෂ පාඨක ප්‍රතිග්‍රහණයට පාත්‍රව පවත්නා මේ කෘතිය එහි මූලික ස්වරූපයේ හා මුද්‍රණ ස්වභිවයේ වෙනසක් නොමැතිව ප්‍රකාශයට පත් වීම නිසා එය පොත් එක් රැස් කරන්නන්ගේ ආකර්ෂණයක් බවට ද පත්ව තිබේ. කර්තෘවරයා කන්ද උඩරට රාජධානිය තුළ ගත කළ සිපිරි ජීවිතය පිළිබඳ තොරතුරුත්, ඔහු ගේ වාග් විලාසයෙන් ප්‍රකට වන සූක්ෂම දෘෂ්ටියත්, විවෘත මනසින් ඔහු යෙදෙන සමාජ විද්‍යාත්මක නිරීක්ෂණයේ විශිෂ්ටත්වයත් ඒකාබද්ධ වීමෙන් මේ කෘතිය සාම්ප්‍රදායික සංස්කෘතියේ සාරයත් එහි සමකාලීන විශිෂ්ටත්වයත් එක සේ උද්දීපනය කරන මා හැඟි රමණීය ඵෙතිහාසික ලේඛනයක් බවට පත් වන්නේ ය.

ඉංග්‍රීසි ජාතික නාවිකයකු වූ රොබට් නොක්ස්ගේ හා අසාමාන්‍ය දේව භක්තියකින් යුත් මාතාවක වූ නී බොනෙල් නොක්ස්ගේත් පුතකු වශයෙන් රොබට් නොක්ස් 1641 පෙබරවාරි 8 වැනි දා මෙලොව එළියදුටුවේ ය. ඔහුට වැඩි මහල් සහෝදරියක් හා බාල සහෝදරයෙක් ද වූහ.හතරවැනි වියේදී පළමුවෙන් ම මුහුදට ගිය රොබට් නොක්ස් ඔහුගේ පියාගේ ‘ඈන්’ නමැති අලුත් ම නැවෙන් ඉන්දීය සාගරයෙහි සංචාරයක යෙදුණේ ය. 1657 දී නොක්ස් පෙරළා ලන්ඩනයට පැමිණෙන විට ඔහුගේ මව පරලෝ සැපත්ව වසරක් ගත වී තිබිණ. මුලදී පියාගෙන් එල්ල වුණු විරෝධය ද නො තකා රොබට් නොක්ස් ‘ඈන්’ නෞකාවේ ම නැවියකු වශයෙන් සේවය ට බැදුණේ එය “ඉංග්‍රීසි නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගම” සතුවතිබිය දී ය. 1658 ජනවාරි 21 වැනි දින සිය දෛවෝපගත සඤ්චාරය ආරම්භ කළ නොක්ස් පසු කළෙක ඔහුගේ ස්වයං චරිතාපදානයෙහි මෙසේ සටහන් කළේ ය. “මගේ පියාත්, මගේ ම ජීවිතයත්, මගේ යෞවනයත්, 1680 දක්වා වසර විසි තුනක ජීවිත අපෙක්ෂාත්, ව්‍යාපාරය වෙනුවෙන් කැප කරන්නට මට සිදු විය.”

AN HISTORICAL RELATION OF THE ISLAND CEYLON IN THE EAST – INDIES නම් මා හැඟි ග්‍රන්ථය සිංහලට නඟන ප්‍රේමචන්ද්‍ර අල්විස්, හොඳම පරිවර්තක ලෙස කිහිප වරක් රාජ්‍ය සාහිත්‍යය සම්මානයෙන් පිදුම් ලැබූ කෘතහස්ත පරිවර්තකයකු හා ලේඛකයකු වෙයි. තිස් පස් වසරක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන “දිණමිණ” කර්තෘ මණ්ඩලයේ සේවය ට බැදුණු මේ ලේඛකයා එහි සත් වසරක සේවා කාලයෙන් අනතුරුව “ලංකාදීප” කර්තෘ මණ්ඩලය ට එක් ව, අදත් එහි සේවය කරයි .

#KnoxDutuHeladiwa #NoksDutuLakdiva #PremaChandraAlvis #Parivarthana #SinhalaPoth

 

Weight 1.265 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වන ගත ලංකා + ලක් බිමේ තවත් යුගයක් + නොක්ස් දුටු ලක්දිව”

Your email address will not be published. Required fields are marked *