, ,

ලෝහ – නූතන ලෝකුරු ශිල්ප සංක්ෂිප්තය

රු500.00

  • Author: උපාලි කීර්තිසිරි
  • Publisher: S. Godage & Sahodarayo (Pvt) Company
  • First Edition2018
  • ISBN 978-955-30-8683-9
  • 176 Pages

Availability: 1 in stock

Author: උපාලි කීර්තිසිරි

Publisher: S. Godage & Sahodarayo (Pvt) Company

First Edition2018

ISBN 978-955-30-8683-9

176 Pages

මොරටුව ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයෙන් ඉංජිනේරු අධ්‍යාපනය ආරම්භ කළ මෙම කතුවරයා ඉන් අනතුරුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන යාන්ත්‍රික ඉංජිනේරු අවසාන විභාගයෙන්ද සමත්ව ජර්මන් ජනරජයෙන් ලද ශිෂ්‍යත්වයක් මත යාන්ත්‍රික ශිල්පය, ද්‍රව හා වායව ශිල්පය හා ප්ලාස්ටික් අරුවම් ශිල්පය පිළිබඳ විශේෂඥ පුහුණුවද, සිංගප්පූරුවේදී හා ජපානයේදී ලෝහ හා ප්ලාස්ටික් පිළිබඳ පාඨමාලාද හදාරා ඇත.

ලංකා ජර්මන් – කාර්මින අභ්‍යාස ආයතන උපදේශක මඬුල්ලේ වසර පහකට ආසන්න කාලයක් සහ සෞදි අරාබියේ ARAMCO කාර්මික අභ්‍යාස ආයතන‍යකද සේවය කර ඉන් අනතුරුව  ශ්‍රී ලංකාවේ විශාලතම නිෂ්පාදන කර්මාන්තශාලා සහිත පුද්ගලික සමාගම් කීපයක අභ්‍යාස ඉංජිනේරු, පර්යේෂණ හා සංවර්ධන ඉංජිනේරු, කරුමාන්තශාලා ඉංජිනේරුවරයකු හා කර්මාන්තශාලා කළමනාකරුවකු වශයෙන් වසර 35 කට අධික කාලයක් සේවය කර ඇත.

ඊට අමතරව වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේද, ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේද, මහා බ්‍රිතාන්‍යයේ පිරියත ඉංජිනේරු ආයතනයේ සහ ද්‍රව්‍ය ආයතනයේද, ලංඩනයේ ඉංජිනේරු සමාජයේද, (The Institution of Engineers” Sri Lanka, The Institution of Plastics Engineers and The Institution of Materials of U.K. and Society of Engineers, London) සාමාජිකත්වය දරයි.

ඉංජිනේරු ක්ෂේත්‍රයේ සතලිස්පස් වසරක පළපුරුද්ද හා අත්දැකීම් තුළින් අද ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයට අත්‍යාවශ්‍යම ශිල්පයක් පිළිබඳ මෙම පොත විශේෂයෙන් තරුණ පෙළට ලබා දෙන මහඟු දායාදයකි.

#Loha #UpaliKeerthisiri #SinhalaPoth

WhatsApp us