,

ලේන්සුව

රු300.00

  • Author: ඩබ්ලියු. ඒ. සිල්වා 
  • Publisher: S Godage & Sahodarayo (Pvt) Company 
  • Fourteenth Batch 2017
  • ISBN 955-20-2157-X
  • 152 Pages 

Out of stock

Author: ඩබ්ලියු. ඒ. සිල්වා 

Publisher: S Godage & Sahodarayo (Pvt) Company 

Fourteenth Batch 2017

ISBN 955-20-2157-X

152 Pages 

 

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට්‍යරසයෙන් පර්පූර්ණ ප්‍රථම සිංහල නවකථාව-සිරියලතා-උත්පාද කිරීමෙන් සතළොස්වියේ දී ම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළ දිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබළුණු වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පංතියේ පවුලක උත්පත්තිය ලැබුවේය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ වීය. සිංහල, පාළි, සංස්කෘත, ඉංගිරිසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද වීය. ලෝක ධර්ම හා නරස්වභාවය හැඳිනීමේ තියුණූ නුවණින් ප්‍රවීණ වීය. අවලෝකනයෙන් හා ප්‍රතිභාශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වී ය. තුරුණු වියෙහි දී වෙළෙඳ ලිපිකරුවෙකු වශයෙන් ගෙවුණු සුළු කාලය ද, “ලංකා සමය” වැනි පුවත්පතින් මෙන්ම, “සිරිසර” , “නුවණ”, “තිලක” වැනි මාසික සංග්‍රහයන් තුළින් පුවත්පත්කලාව වෙනුවෙන් කැරුණු සේවය ද, හැරුණු විට, නවකථාකරණය සඳහා ඔහුගේ මුළු කාලය යෙදුණේ ය. ශ්‍රම ශක්තිය ගෙවුණේ ය. ඩබ්ලියු. ඒ. සිල්වාගේ ශ්‍රේෂ්ඨතම ප්‍රබල පෑන, 1957 මැයි 31 වැනි දින සිට සඳහට ම ක්‍රියා විරහිත වී ඇත්තේ ය. ඔහුගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය අප කෙරෙන් තුරන් වී ඇත්තේ ය. එහෙත් සිංහල සාහිත්‍යය වෙනුවෙන් මුළු ජීවිතය කැපකොට, පනස් වසරක් තුළ ඔහු විසින් ලියා තැබූ අගනා මිණිවන් අමරණීය මහා පොත් රැසක් නො‍නැසී පවතින්නේ ය. 

#Lensuwa #WASilva #SinhalaNawakatha #OnlinePoth #OnlineBooks  

Weight 0.205 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලේන්සුව”

Your email address will not be published. Required fields are marked *