Sale!
, , , , , ,

ලක්දිව මනරම් සයුර

Original price was: රු1,280.00.Current price is: රු1,216.00.

  • ලක්දිව සාගර පත්ල + මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය 
  • සාමාන්‍ය මිල – රු.1280 /=
  • අපේ මිල – රු.1216/=

Out of stock

ලක්දිව සාගර පත්ල + මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය 

සාමාන්‍ය මිල – රු.1280 /=

අපේ මිල – රු. 1216/=

 

ලක්දිව සාගර පත්ල

 

Author: මනෝ ප්‍රනාන්දු, නන්දන එල්ලාවල

The Reefs of Taprobane (by Arthur C. Clarke) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

First Edition 2011

ISBN 978-955-656-208-8

232 pages

 

ලක්දිව සාගර පත්ල නමින් මෙසේ සිංහලට නැඟෙන The Reefs of Taprobane කෘතිය ආතර් සී. ක්ලාක් ගේ The Blue Planet Trilogy කථා පෙළේ දෙවැන්නයි. එහි පළමුවැන්න The Coast of Coral වන අතර, තෙවැන්න The Treasure of the Great Reef වෙයි. ආතර් සී. ක්ලාක්, රොඩ්නි ජොන්ක්ලාස් සහ මයික් විල්සන් සමඟ ඒකතුව ශ්‍රී ලංකාවේ මුහුද අවට කළ ගවේෂණ පිළිබඳ සිත්ගන්නා සුලු තොරතුරු මෙහි ඇතුළත් වෙයි. ඔවුහු විනාශ වී දියේ ගිලුණු නෞකා ගණනාවක් හා පෘතුගීසීන් විසින් විනාශ කළ කුළුණු දහසකින් යුත් කෝවිලක නටබුන් ද සොයා ගනිති. දුර්ලභ මුහුදු ජීවීන් ද නිරීක්ෂණය කරති. ඊට අමතරව සීගිරි බළකොටුව හා දඹුලු විහාරය ගැන ලියැවුණු සටහනක් ද මෙහි ඇතුළත් වෙයි. 

ආතර් සී. ක්ලාක් 2001: A Space Odyssey වැනි සම්භාව්‍ය විද්‍යා ප්‍රබන්ධ රචනා කළ ලෝ පතළ විද්‍යා ප්‍රබන්ධකරුවකු වෙයි. එම කෘතියේ පසු ප්‍රබන්ධ ලෙස පළ වූ  2010: Odyssey Two,  2061: Odyssey Three, 3001: Final Odyssey, ආදිය ද, මහත් පාඨක ප්‍රතිචාර දිනූ The Songs of Distant Earth,  The Sentinel වැනි කෘතීන් සහ ප්‍රබන්ධ හා ප්‍රබන්ධ නොවන වෙනත් කෘති ගණනාවක් ද ඔහු අතින් ලියැවිණ. සම්මානිත පුරවැසියකු ලෙස ශ්‍රී ලංකාවේ ජීවත වූ ආතර් සී. ක්ලාක් අනූ විය පසු කොට තෙමසක් ඉක්ම යත් ම, 2008 මාර්තු මස 19 වැනි දා අභාවයට පත් විය.

#LakDivaSagaraPathla #ManoPranandu #SinhalaPoth #Pariwarthana #AtherCClark #NandanaEllawala

 

මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය 

 

Author: මනෝ ප්‍රනාන්දු

The Treasure of the Great Reef (by Arthur C. Clarke) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

Second Edition 2020

ISBN 978-955-656-288-0

300 pages

 

ආතර් සී. ක්ලාක් ලෝ පතළ විද්‍යා කථා ප්‍රබන්ධකරුවෙකි. මෙසේ මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය නමින් සිංහලට නැඟෙන්නේ ආතර් සී. ක්ලාක්ගේ The Treasure of the Great Reef ග්‍රන්ථය යි. මෙම අපූර්ව ග්‍රන්ථය තුලින් ඈත අතීතයේ දී ඉන්දියන් සාගරයේ ගිලුණු නෞකා පිළිබඳ මයික් විල්සන්, රොඩ්නි ජොන්ක්ලාස් හා ආතර් සී. ක්ලාක් කළ ගවේෂණ තොරතුරු අන්තර්ගත වේ. තවද මේ කාර්යයට අහම්බෙන් මෙන් ඉංග්‍රීසි ගැටව් දෙදෙනෙක් ද, සාගර පුරාවිද්‍යාඥයකු වූ පීටර් තෝර්ක්මෝන්ද සහභාගි වේ.

ඔවුහු දෙවුන්දරට, කිරින්දට හා තංගල්ලට නුදුරින් ඇති සාගරයේ කරන ගවේෂණ, අපූරු සොයා ගැනීම් සදහා මගපාදයි. ඉන් මූලික එකක් වන්නේ අරුම පුදුම සාගර ජීවින් පිළිබඳ ඉදිරිපත් කරන තොරතුරු යි. මේ ග්‍රන්තය රසවත් වන්නේ ඒ නිසා යි.

පරිවර්තක – මනෝ ප්‍රනාන්දු   

#MahaGalWetiyeMuhudubathNidanaya #ManoPranandu #SinhalaPoth #Pariwarthana #AtherCClark

 

Weight 0.620 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලක්දිව මනරම් සයුර”

Your email address will not be published. Required fields are marked *