Sale!
, , , ,

ලංකා ඉතිහාසය 07

රු2,632.00

  • චරපුරුෂ ජොන් ඩොයිලි ගේ දින පොත + ලක්දිව කොකෝවා අන්දරය + වනගත පාසල
  • සාමාන්‍ය මිල – රු. 2770/=
  • අපේ මිල – රු. 2632/=

Out of stock

චරපුරුෂ ජොන් ඩොයිලි ගේ දින පොත + ලක්දිව කොකෝවා අන්දරය + වනගත පාසල

සාමාන්‍ය මිල – රු. 2770/=

අපේ මිල – රු. 2632/=

 

චරපුරුෂ ජොන් ඩොයිලි ගේ දින පොත

Author – කුමාර සිරිවර්ධන

Diary of MR . John D’oyly (by MR . John D’oyly) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Keheli publications

First Edition 2021

ISBN 978-624-5865-13-0

434 Pages

එංගලන්තයේ සිට තුරුණු වියේදීම මෙරටට පැමිණ සිංහල බස මනාව ඉගෙන හෙළ සංස්කෘතිය මැනවින් අධ්‍යයනය කළ ඩොයිලි, එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයින්, සංඝයා වහන්සේලා ඇසුරු කරමින් උඩ පහත දෙරටේ ම වැසියන්ගෙන් සමන්විත වූ චරපුරුෂ ඡාලයක් මනාව මෙහෙයවීය.

ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයට ද, ඉංග්‍රීසි ආක්‍රමණය හුදෙක් නායක්කර් රජුගේ අත්තනෝමතික හා කෲර පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනීමේ පිරිසිදු චේතනාවෙන්මය යන ජනමතයට ද ඩොයිලි මනාව නායකත්වය සැපයුවේය .

1815 දී ඔහු එකම බ්‍රිතාන්‍ය සෙබළකුගේ හෝ ජීවිතයකට හානි වීමට ඉඩ නොතබා ඉපැරණි කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට නතු කර දුන්නේය.

#CharapurushaJohnDoilyGeDinaPotha #KumaraSiriwardhana #SinhalaPoth #OnlineBooks

 

ලක්දිව කොකෝවා අන්දරය

Author – මනෝ ප්‍රනාන්දු

Every Day life on a Ceylon Cocoa Estate (by Mary E. Steuart) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Keheli publications

Second Edition 2021

ISBN 978-624-5865-08-6

234 Pages

1904 දී ලංකාවට පැමිණි මේරි ඊ. ස්ටුවට් මැතිණිය මාස දාහතරක කෙටි කාලයක් ලංකාවේ දුම්බර මිටියාවතේ ගත කළාය. මෙම කෘතිය ඇය නිරීක්ෂණය කළ දෑ සටහන් කළ දිනපොතයි.

මෙය සුවිශේෂ කෘතියකි. සැබවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන් ම ඇය සැබෑ යථාර්ථය තුළ කිමිදෙමින්, මිනිසා දරා සිටින්නා වූ බොහෝ ඇදහිලි, චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජයේ සුභවාදී ලක්ෂණද විදහා දැක්වීමට විශාල ප්‍රයත්නයක් දරයි. මෙසේ ඇයගේ රචනාව තුළ යහපත් සමාජයක් පිළිබඳ ප්‍රාර්ථනාවේ අංශු රැඳී ඇත. එහෙයින් මෙම කෘතිය කියවන ඕනෑම පාඨකයෙකු මහත් ප්‍රබෝධයකට පත්වනු නො අනුමාන ය.

#LakdivaKokovaAndaraya #LakdiwaCocovaAndaraya #ManoFernando #SinhalaPoth #OnlineBooks

 

වනගත පාසල

Author – සමරසිංහ ගුණසේකර

THE BLACKBOARD IN THE JUNGLE (by Victoria J. Baker) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Sunera Publishers

First Edition 2021

ISBN 978-955-3750-41-9

508 Pages

මොනරාගල දිස්ත්‍රික්කයේ වනගත හුදකලා ගමක, පාසල් වත්තේ ගැමියන් තනා දුන් පැල්පතක 16 මසක් ජීවත් වූ මහාචාර්ය වික්ටෝරියා ජේ. බේකර් නම් විශ්ව ප්‍රකට පර්යේෂිකාව ශ්‍රී ලංකා අවාසිදායක ග්‍රාමීය ප්‍රදේශවල විධිමත් අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණයක් කළාය. මානව වංශ විවරණය නම් වූ එම පර්යේෂණය අතිශයින් දුර්ලභ එමෙන්ම වෙහෙස ගෙන දෙන පර්යේෂණයකි. එම පර්යේෂණය පදනම් කරගෙන ඇය විසින් රචනා කළ The Blackboard in the Jungle කෘතිය විශිෂ්ට පර්යේෂණ කෘතියක් මෙන්ම තුන්වන ලෝකයේ අධ්‍යාපනයෙහි සැබෑ මුහුණුවර නිරාවරණය කළ විශ්ව කීර්තියට පත් කෘතියකි. සමරසිංහ ගුණසේකර “වනගත පාසල” නමින් සිංහලට පරිවර්තනය කළ මෙම කෘතිය අධ්‍යාපනය ගැන උනන්දුව දක්වන කවරෙකුට හෝ මූලාශ්‍ර ග්‍රන්ථයක් ලෙසද පර්යේෂකයින්ට අත්පොතක් ලෙසද සෙසු පාඨකයින්ට රසවත් නවකතාවක් සේද කියවිය හැකි උත්තම ගණයේ කෘතියකි.

#WanagathaPasala #VanagathaPasala #SamarasingheGunasekara #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 1.394 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකා ඉතිහාසය 07”

Your email address will not be published. Required fields are marked *