Sale!
, , ,

ලංකා ඉතිහාසය 06

රු1,615.00

  • ලංකා ඉතිහාසයෙන් කතන්දර + වැද්දෝ
  • සාමාන්‍ය මිල – රු. 1700/=
  • අපේ මිල – රු. 1615/-

 

Out of stock

ලංකා ඉතිහාසයෙන් කතන්දර + වැද්දෝ

සාමාන්‍ය මිල – රු. 1700/=

අපේ මිල – රු. 1615/=

 

ලංකා ඉතිහාසයෙන් කතන්දර

Author: අභය හේවාවසම්

Stories from The History Of Ceylon (by Madam Musaeus Higgins) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sooriya Publishers

Secound batch 2021

ISBN 978-955-8425-06-0

392 Pages

මුල් කෘතියේ සඳහන් අන්දමින් ම මාරි මියුසියස් හිගින්ස් මැතිනිය ගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත “STORIES FROM THE HISTORY OF CEYLON” නමැති කෘතිය තනි පොතක් ලෙසින් “ලංකා ඉතිහාසයෙන් කතන්දර” මැයෙන් මෙ සේ සිංහල සාහිත්‍ය හා සබැඳේ.

රාම – සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා යනුයේ කුතුහලය ද දනවමිනි.

තම මවු බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම කෘතිය විටෙක ත්‍රාසජනක ප්‍රබන්ධ කතාවක් ලෙසින් ද රස විඳිය හැකි ය.

පාසල් සිසුනට, ගුරුවරුනට පමණක් නො ව සාමාන්‍ය පාඨකයාට ද අතිශයින් ම වැදගත් වන මෙම ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපුරන බව ද අවධාරණය කිරීම වටී.

හැඳින්වීම

ලංකාවේ සිසුනට උගන්වන ගුරුවරුනට බොහෝ කලක සිට ඇවැසි වූ දෙයක් සම්පූර්ණ කර දීමට දරන උත්සාහයකි මේ පොත. සෑම දරුවකු ම කතාන්දරයකට ප්‍රිය කරයි. පොදුවේ ලියැවුණූ බොහෝ කතා තිබුණ ද , එක් විශේෂිත ජාතියකට අදාළ වූ කතාන්දර ද තිබේ. මේ දෙවන ආකාරයේ කතා තුළින් කුඩා දරුවකු තම ජාතිය පිළිබඳ හැඟීමක් ඇති කර ගනී. ලංකාවේ දරුවනට ඇල්ෆඩ් රජතුමා පිළීබඳ හෝ රොබට් බෲස් පිළිබඳ කතා කියා දීම උචිත නො වන්නේ, ඒ අය සම්බන්ධව සමීප බවක් ලංකාවේ දරුවනට නැති නිසාය. ඔවුන් ඒ පුද්ගලයන් පිළීබඳ කතා තුළින් වර්ධනය කළහොත්, ඒ් දරුවන් සීතා පිළිබඳ හෝ දුටුගැමුණු රජතුමා පිළිබඳව කිසිවක් නො දන්නා පිරිසක් බවට පත් වේ. මේ හේතුව නිසා ය මේ ග්‍රන්ථයේ කතුතුමිය ඉතා සරල භාෂාවෙන් පැරණි ලංකාවේ කතා ලංකාවට මෙන් ම ඉන්දියාවට ද පොදු රාමා ගෙන් පටන් ගන්නේ.

මේ පොත ලංකාවේ පාසල්වල උගන්වන ගුරුවරුන් සඳහා නිර්දේශ කරන අතර මෙය පාසැල්වල කියැවීමේ පොතක් ලෙස පාවිච්චි කරන්නේ නම් සතුටට කරුණක් වනු ඇත.

ජේ. හොවාඩ්

ලංකාවේ ප්‍රසිද්ධ උපදේශන පිළීබඳ අධ්‍යක්ෂ

#LankaIthihasayenKathandara #AbhayaHevawasam #SinhalaPoth #OnlineBooks

 

වැද්දෝ

Author: චන්ද්‍ර ශ්‍රී රණසිංහ

The Veddas (by C.G Seligmann) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Surasa Publishers

First Edition 2009

ISBN 978-955-1822-65-1

660 Pages

වැදි ජනතාවගේ ජීවන රටාව, සිරිත්විරිත්, ආගමික ඇදහිලි සහ පූජා විධි පමණක් නොව, ඔවුන්ගේ ඉන්ද්‍රීය සංවේදීතාව, සංගීතය, කලා ශිල්ප හා භාෂා පරිනාමය ආදී සෑම අංශයක්ම ගැඹුරින් විමර්ශනය කොට ලන්ඩන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සී.ජී. සෙලිග්මාන් සහ බ්‍රෙන්ඩා සෙලිග්මාන් විරචිත (veddas) “වැද්දෝ” , එම ජන සමූහය පිළිබඳව පළ කර ඇති විශිෂ්ටතම පරියේෂණාත්මක ග්‍රන්ථය වශයෙන් ලොව පුරා අවිවාදයෙන් පිළිගැනෙන මාහැඟි කෘතියකි.

#Waddo #Vaddo #Weddo #ChandraSriRanasinghe #SinhalaPoth #OnlineBooks #Veddo

Weight 1.310 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකා ඉතිහාසය 06”

Your email address will not be published. Required fields are marked *