Sale!
, , , , ,

රාමචන්ද්‍ර පොත් පෙළ

Original price was: රු3,000.00.Current price is: රු2,850.00.

  • රාවණ + සීතා + රාම
  • සාමාන්‍ය මිල – රු. 3000/=
  • අපේ මිල – රු. 2850/=

Out of stock

රාවණ + සීතා + රාම

සාමාන්‍ය මිල – රු. 3000/=

අපේ මිල – රු. 2850/=

 

රාවණ

Author: කුමාර සිරිවර්ධන

Raavan (by Amish Ram Chandra) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition 2021

ISBN 978-624-5519-30-9

447 Pages

ලංකාව කේන්ද්‍ර කොටගෙන වෙළෙඳ අධිරාජ්‍යයක් ගොඩනැගූ ඔහු දඹදිවට නැතොත් සප්ත සින්දු අධිරාජ්‍යයට එසේත් නැතහොත් ආර්යවතයට වෛර කළේය.

වේදවතී ට ආදරය කළේය.

මන්දෝදරී හා විවාහ වූයේය.

සීතාව පැහැරගෙන ගියේය.

ධර්මය වෙත ළං වන්නට සිය සොයුරු කුම්භකරුණට උපකාර කළේය.

ගායනයේ , වාදනයේ, චිත්‍ර ශිලපයේ සුහුරුවකු වූ ඔහු රාවණ හත වීණාවේ නිර්මාතෘ ය.

රණ ශුරයෙකු හා බුද්ධිමතකු ද වූ රාවණ එදා මෙදා තුර මෙලොව පහල වූ ශ්‍රේෂ්ඨතම දුෂ්ඨයා ද? ආලෝකය පතුරවනු පිණිස විශ්වීය බලවේගයන්ට අවශ්‍ය වූ ඝන අන්ධකාරය පතුරුවාලූ මිනිසා ද?

#Ravana #Ravan #Raavana #KumaraSiriwardhana #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

 

සීතා

Author: කුමාර සිරිවර්ධන

Seeta (by Amish Ram Chandra) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition 2021

ISBN 978-624-5519-29-3

446 Pages

ඉන්දියාව වැටී තිබූ අගාධයෙන් ගොඩ ගන්නට ගැලවුම්කරුවකුගේ අවශ්‍යතාව මතුව තිබිණි. වායුපුත්‍රවරු ද මලයපුත්‍රවරු ද එවැන්නෙකු සොයමින් සිටියහ.

කුඩා සහ කිසිසේත් ප්‍රබල රාජධානියක් නොවූ මිථිලාවේ රජු හා රැජින වෘකයන් රැලකට මැදිවූ අතැර දැමුණු බිළිඳියක සොයා ගෙන එම බිළිඳිය හදාවඩාගත්හ.

යොවුන් වියට පත් ඇය රණශුරියක වෙමින් මිථිලාවේ අගමැතිනි තනතුරට ද පත්වූවාය.

ගැලවුම්කාරිය ඇය යැයි මලයපුත්‍රවරු විශ්වාස කළහ.

එහෙත්… ඉන්දියාව අපේක්ෂා කළ දේවතාවිය ඇයද? ධර්මය ආරක්ෂා කළ පමණින් ඇයට දේවත්වය ලැබිය හැකිද?

#Seetha #Sitha #Seeta #KumaraSiriwardhana #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

 

රාම

Author : කුමාර සිරිවර්ධන

Ram (by Amish Ram Chandra) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: Ashirwada Publishers

First Edition 2021

ISBN 978-624-5519-28-6

435 Pages

ඔහු උපන්නේ අභාග්‍යය තුරුලු කරගෙනය යන්න බහුතරයකගේ විශ්වාසය වූයේය.

එහෙයින්ම ‘මනු වර්ෂ 7032 කැළල’ යන අන්වර්ථ නාමය ද ඔහු විසූ සමාජය විසින් ඔහුට ලබා දුන්නේය.

එම සමාජය දූෂ්‍ය එකක් වූ අතර එය පරිපූර්ණ සමාජයක් බවට පරිවර්තනය කිරීමේ අභියෝගය විශ්වය හෝ දෛවය හෝ ඔහු ඉදිරියේ තබා තිබිණි.

නොපැකිළ හෙතෙම එම අභියෝගය බාර ගත්තේය.

එහෙත් පරිපූර්ණත්වය සඳහා ඉහළ මිලක් ද ගෙවිය යුතු වූයේ ය.

මේ එම ඉහළ මිල ගෙවූ රණශූරයා වූ,

රාම රාජ්‍යය තැනූ ප්‍රභාසම්පන්නයා වූ රාම් ගේ කතාවයි.

#Ram #KumaraSiriwardhana #SinhalaPoth #OnlineBooks

Weight 1.635 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රාමචන්ද්‍ර පොත් පෙළ”

Your email address will not be published. Required fields are marked *