,

රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි

රු1,100.00

  • Author: ඉන්ද්‍රකීර්ති සිරිවීර
  • Publisher: Dayawansha Publication
  • Fourth Batch 2022
  • ISBN 978-955-551-109-9
  • 447 Pages

Out of stock

Author: ඉන්ද්‍රකීර්ති සිරිවීර

Publisher: Dayawansha Publication

Fourth Batch 2022

ISBN 978-955-551-109-9

447 Pages

 

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ක්‍රි.ව. දහසය වන ශත වර්ෂය  දක්වා වූ  පුළුල් කාල පරාසයක ශ්‍රී ලංකාවේ දේශපාලන,  සමාජ, ආර්ථික හා සංස්කෘතික ඉතිහාසය මෙම කෘතියෙහි අන්තර්ගතය. අදාල කාල පරිච්ජේදය අළලා ලංකා විශ්ව විද්‍යාලය විසින් සකස් කරවන ලද “ ලංකා ඉතිහාසය” පළමුවන වෙළුමේ කාණ්ඩ දෙක ප්‍රකාශයට පත් වූයේ 1959 හා 1960 වර්ෂ වල දී ය. එදා මෙදා තුර කතුවරයා විසින් ද අනෙකුත් ඉතිහාසඥයින් විසින් ද කර ඇති පර්යේෂණ මගින් පූර්ව යටත් විජිත යුගය පිළිබඳව නව තොරතුරු සමුදායක් හෙළි වී තිබේ. එමෙන්ම කාලයක් තිස්සේ නිරවද්‍ය යැයි පිළිගෙන තිබූ ඇතැම් අදහස් සංශෝධනයට භාජන වී ඇත. එම තොරතුරු සුදුසු තැන්හි දීර්ඝවත් සුදුසු තැන්හි සංෂිප්තවත් ගලපා සකසා ඇති “ රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි” නම් මෙම ග්‍රන්ථය පර්යේෂකයින්ට, පශ්චාත් උපාධි, උපාධි සහ විශ්වවිද්‍යාල ප්‍රවේශ අපේක්ෂකයින්ට, ගුරුභවතුන්ට මෙන්ම ස්වකීය මාතෘභූමියේ ඉතිහාසය පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයින්ට ද අතිශය වැදගත් වනු ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවා සම්මානිත මහාචාර්යවරයකු වන කර්තෘ  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ධූරය ද රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය ද හෙබවීය.

 

#RajarataShishtacharayaSahaNirithadigaRajadhani #IndrakeerthiSiriweera #SinhalaPoth #OnlineBooks

 

 

 

Weight 0.532 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි”

Your email address will not be published. Required fields are marked *