Sale!
, ,

රංජිත් ධර්මකීර්ති මහතාගේ රාජ්‍ය සම්මාන දිනූ යොවුන් නවකතා පෙලක්

රු1,929.00

  • සැඟවුණු ලෝකය + සොර නැව බිලිවුණු සුනාමිය + පසුනොබසිමි + අභයභූමිය + අහස පොළොව ළංවෙලා
  • සාමාන්‍ය මිල – රු. 2030/=
  • අපේ මිල – රු. 1929/=

Out of stock

සැඟවුණු ලෝකය + සොර නැව බිලිවුණු සුනාමිය + පසුනොබසිමි + අභයභූමිය + අහස පොළොව ළංවෙලා

සාමාන්‍ය මිල – රු. 2030/=

අපේ මිල – රු. 1929/=

අහස පොළොව ළංවෙලා

Author : රංජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publishers

Eleventh Batch 2020

ISBN 978-955-1300-10-4

106 Pages

යොවුන් සාහිත්‍ය නමින් අද බිහිවන  හුදෙක් ත්‍රාසය හා අත්භූතය පමණක් මුසු වූකතන්දරය වෙනුවට මෙම යොවුන් නවකතාව  යෞවනයින් රැගෙන යන්නේ  ඊට වෙනස් විෂය  ප්‍රදේශයකටය . පරිසරයට ආදරය කරන  පියසේකර නමැති චිත්‍ර හා මූර්ති  ශිල්පියාත් මාලි නමැති ඔහු ගේ දියනියත් මුහුණ දෙන අත්දැකීමක්  තුළින් යොවුන් පාඨකයන් පරිසරය කෙරෙහි  සංවේදී කරවන සුළු  කතා ප්‍රවෘත්තියක් මෙම යොවුන් නවකතාවට පාදක වී ඇත.

බහු පෙළපොත් ක්‍රමය යටතේ  6 වසර සිංහල පෙළ පොතට  මෙම ග්‍රන්තයේ පරිච්ඡේදයක් ඇතුළත් කොට තිබිණ .එම වයස් කාණ්ඩවල ශිෂ්‍ය ශීෂ්‍යයාවන් පරිසරයට සංවේදී කරන  නිර්මාණයක් ලෙස අධ්‍යාපනවේදීන්ගේ ද අවදානයට යොමු වී ඇත.

#AhasaPolowalanwela #RanjithDharmakeerthi #SinhalaPoth

සැඟවුණු ලෝකය

Author : රංජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publishers

Thurd Batch 2021

ISBN 978-955-1300-49-4

196 Pages

නූතන ලෝකයේ විද්‍යුත් තාක්ෂණයේ  දියුණුවත් සමඟ ම යොවුන් පරපුර ඒ කෙරෙහි වැඩි වශයෙන්  ආකර්ෂනය වන යුගයක  දී අපට නොපෙනෙන ,සැඟවුණු ලොවක  සැරි සැරීමට සිදුවූ  යෞවනයන් තිදෙනෙකු  වටා ගෙතුණු මෙම නවකතාව ,නව විෂය ශේත්‍රයක් හා තේමාවක් හඳුන්වා දෙයි. “අභයභූමිය “ යොවුන් නවකතාවට විෂය වූ  කල්පිටිය ප්‍රදේෂයේ කුඩා සැඟවුණු දූපතක් ම පාදක  කරගනිමින් කතුවරයා  වර්ථමානයේ පෙනෙන ලොවක් තුළ ඇති සැඟවුණු ලොවක සිදු වුණු  එනමුත් අත්භූත ලොවක  නොව යතාර්තය තුළ යෞවන පාඨකයා  රඳවන,කතාවක්  මෙ වර යොවුන්  පාඨකයාට පිරි නමයි.

#SangaunuLokaya #RanjithDharmakeerthi #Sinhalapoth

අභයභූමිය

Author : රංජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publishers

Twelth Batch 2017

ISBN 978-955-1300-12-8

145 Pages

“අභයභූමිය’ යොවුන් නවකතාවේ දොළොස්වැන් මුද්‍රණය ඉක්මවීම, එය මෙරට යොවුන් පාඨකයන්ගේ සිත් ඇදගත් ග්‍රන්තයක් ද වූ බවට සාක්ෂියකි. ගැටවර වියේ පසුවන යොවුන් පිරිසක් පාත්‍ර වූ බිහිසුනු අත්දැකීමක්  පසුබිම් කොට ගත් මෙම යොවුන් නවකතාව ,එක දිගටම කියවා රසවිඳිය හැකි ශෛලියකින් හා සරල බස් වහරකින් රචිතය. ත්‍රාසය හා හුදු කතාරසයට පමනක් සීමා නොවන කතුවරයා යෞවනෝදය  ප්‍රකට වන වයස් සීමා වල පසුවන පාඨකයන්ගේ යතාර්ථ දෘෂ්ටිය ,පරිකල්පනය හා ප්‍රඥාව ද වඩවන  අයුරින් මෙම අත්දැකීම් ඉදිරිපත් කරයි. පාඨකයා හුදු අත්භූත ලොවක රඳවනු වෙනුවට ජීවිතය පිළිබඳ යතාවබෝධය වර්ධනය  කරවන සුළු විශේෂත්වයකි.රාජ්‍ය සම්මාන  දිනාගත් මෙම යොවුන් නවකතාව  අධ්‍යාපන ග්‍රන්ත ප්‍රකාෂණ උපදේශක මණ්ඩලය මගින් පුසුතකාල පොතක් වශයෙන්ද  අනුමත කොට ඇත.

#Abayaboomiya #RanjithDharmakeerthi #Sinhalapoth

පසුනොබසිමි

Author : රන්ජිත් ධර්මකීර්තී

Publisher : Sakila Publications

Third Edition 2020

ISBN 978-955-1300-64-7

220 Pages

 

2019 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් මෙම යොවුන් නවකතාව, එම වසරේ රජිත පුස්තක සම්මාන උළෙලේ අවසාන වටයට ද තේරුණි. මෙම කතුවරයා ලියූ යොවුන් සාහිත්‍ය කෘති පහ අතුරින් හතරක් ම රාජ්‍ය සම්මාන දිනා තිබීම විශේෂත්වයකි. “ යෞවන – වැඩිහිටි ” සාහිත්‍ය කියවන වයස් කාණ්ඩයට අයත් පාඨකයන් ගේ මනස්, යථාර්ථ ලෝකයට යොමු කරමින් චිත්ත ශක්තිය, උට්ඨාන වීර්යය වඩවන තේමාවක් මෙම යොවුන් නවකතාවට පාදක වෙයි.

ඇඹිලිපිටියට නුදුරු ගොවි ජනපදයක පදිංචියට ආ හේන් ගොවියකු ගේ පුතකු වන සාලියට ගමේ පාසලේ දී    මානවහිතවාදී ගුරුවරයෙකු හා ගමේ පන්සලේ උගත් හිමි නමක හමු වෙයි. එම සත්පුරුෂයන් ගේ මඟ පෙන්වීම යටතේ පොතපත කියවමින්, ධෛර්යයෙන් යුතුව වැඩ කිරීමෙන් ජයග්‍රහණ සාක්ශාත් කර ගන්නා සාලියගේ චරිතය පාඨකයා හමුවට පත්කරන්නේ ‘ මානිවත්ත අභික්කම ’  යන බුදුවදන ද සිහියට නඟමිනි. සරල රසවත් කතා පුවතක් කියවීමට ඉඩ සලසන කතුවරයා, යොවුන් මෙන් ම වැඩිහිටි පාඨකයන් තුළ ද චමත්කාරය දනවන නිර්මාණයක් ඉදිරිපත් කරයි.

#Pasunobasimi #RanjithDharmakeerthi #YounNawakatha

සොර නැව බිලිවුණු සුනාමිය

Author : රංජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publisher

 Fourth Batch 2019

ISBN 978-955-1300-10-4

 173  Pages

 2010 වසරේ හොඳම යොවුන් නවකතාවට හිමි රාජ්‍ය සම්මානය දිනාගත් ` සොර නැව බිලි වුණු සුනාමිය´ යොවුන් පාඨකයා නව විෂය ප්‍රාදේශයකට කැඳවාගෙන යන මෙම නවකථාව,නැව් කපිතන්වරයකු විමට ඉගෙනුම ලබන ලාංකික තරුණයකු හා ඔහු ගේ ඉන්දුනිිසියානු මිතුරකු එකතු විි අබිරහස් සොර නැවක් සෙවිිමේ ගවේශණයක් වටා ගෙතී ඇත. සොරාගත් පුරාවස්තු තොගයක් ප්‍රවාහණය කරමින් තිබුු ඉන්දුනිිසියානු නව්කාවක් ගාල්ලට ඔබ්බෙන් ගැඹුරු මුහුදේ යාත්‍රා  කරද්දිි සුනාමියට හසු වි සුණු විසුණු විි යයි. මෙම පුවත ඔස්සේ හඹා යන තරුණයින් දෙ දෙනා සිය ගවේශණයේ දී මුහුණ දෙන ත්‍රාසය පිරි අත්දැකිිම් මෙම නවකථාවට  විෂය වෙයි.සමුද්‍ර විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබු ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලුණු ⁣නෞකා පිළිබඳ සත්‍ය තොරතුරු පාදක කොටගත් ප්‍රබන්ධයක් වන මෙම නවකථාව, යොවුන් පාඨකයන් ගේ දැනුම් පරාසය පුළුල් කරමින් නිර්මාණ සාහිත්‍ය කෘතියක රස විිඳිමේ අවස්ථාව සලසා දෙයි.

#SoraNawaBiliunuTsunamiya #RanjitDharmakirti #SinhalaPoth #YounNawakatha

 

 

Weight 1.074 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රංජිත් ධර්මකීර්ති මහතාගේ රාජ්‍ය සම්මාන දිනූ යොවුන් නවකතා පෙලක්”

Your email address will not be published. Required fields are marked *