Author: වසන්තා කේ. මිහිඳුකුලසූරිය
PAAILA PAAILA – A Nepali Novel (by Bhisma Upreti)
Publisher: KPS Publishers
First Edition 2020
ISBN 978-955-4635-67-8
263 Pages
“ අම්මට දැන් වයස කීයද? ’’
“ මට දැන් අසූවක් වෙන්ඩ එනවා…”
“ අම්ම විවහ වෙනකොට වයස කීයද? ”
“ මට වයස අවුරුදු දොළහක් – දහතුනක් විතර ඇති.’’
“ ඔහ්, අම්මා බොහොම ළපටි කාලෙ ! ” බිෂ්ණු පැවසී ය.
“ ඒක මගේ කැමැත්ත නෙමෙයි. මගේ දෙමාපියො මට බල කෙරුවා… ඒ
ගොල්ලො කියන්නෙ මොකක්ද, මං ඒක කළා. මට මගේ කියල මොළයක් –
කල්පනාවක් තිබුන එකක්යෑ…” ඇය අවංකවම කීවා ය.
“ මේ පළාතේ එක ගෑනු ළමයෙක් සහෝදරයින් කීප දෙනෙකුට බන්දලා
දෙනවා… අම්මටත් එහෙම වුණාද? ” මම සෙමින් ඇසුවෙමි.
“ ඔව්… ඒක එහෙම තමයි, මගේ පුරුෂයායි, තවත් සහෝදරයො දෙන්නෙක්…
බාලයා තරමක් කුඩයි – වයස අවුරුදු හතක් – අටක් විතර ! ”
“ ස්වාමිපුරුෂයො තුන්දෙනෙක් එක්ක ආරවුලක් නැතුව ජීවිතය ගෙවා ගත්තේ කොහොමද? ”
“ කොහොම හරි මං ඒ්ක කළා. මං ඒ උදවියට බැඳිලා ඉන්න කොට වෙන කරන්ඩ දෙයක් තිබුණේ නෑ…”
#Yathrahari #WasanthaKMihindukulasuriya #BhismaUpreti #Pariwarthana #KSP
Reviews
There are no reviews yet.