, ,

මැනරිං මැඳුරේ අබිරහස

රු480.00

  • Author: ආනන්ද අමරසිරි
  • The Mystery of Mannering Mansion (by Sir Arthur Conan Doyle) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Naleen Publishers
  • First Edition 2022
  • ISBN 978-624-5858-09-5
  • 152 Pages

Out of stock

Author: ආනන්ද අමරසිරි

The Mystery of Mannering Mansion (by Sir Arthur Conan Doyle) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Naleen Publishers

First Edition 2022

ISBN 978-624-5858-09-5

152 Pages

ඒ අවස්ථාවේ දී මම , සැඟැව හුන් තිරපට පිටිපසින් ඉවත් ව අනෙක් කාමරය තුළට පැන ගතිමි. සිදු වූ දැයින් සන්ත්‍රාසයට පත් ව මම වෙවුලුම් ගත් සිරුරින් යුතු ව සිටියෙමි. මහලු මිනිසා වාඩි ගෙන හුන් අසුනෙහි පහළට රූරා ගොස් සිටියේය. ඔහු ගේ පිටෙහි විශාල මොල්ලියක් මතු ව ගියා සේ පෙනෙන තුරු ඩේසිංගවොම ඉහළට ඇදී ගුළි වී තිබිණ. රන්මුවා උපැස් යුගලය තව දුරටත් නාසය මත රැඳී තිබිය දී ම ඔහු ගේ හිස පසෙකට ඇල වී , එල්බෙමින් තිබුණු අතර , මැරුණු මාළුවකු ගේ මෙන් ඔහු ගේ කුඩා මුඛය විවර ව තිබිණ. ලේ ගලා යමින් තිබුණේ කවර තැනෙකින් ද යන්න මට දැක ගත නොහැකි විය. එහෙත් , තව දුරටත් ගෙබිම මතට ලේ වැගිරෙන හඬ මට ඇසිණි. ඉටි පහනෙහි ආලෝකය මුළුමනින් ම ඇයගේ මුහුණ මත පතිත වද්දී , ඈ ඔහු පිටිපසින් සිට ගෙන හුන්නා ය. දෙ තොල එකට තද වී ඇය ගේ දෑස දිලිසෙමින් පැවැති අතර , ඇය ගේ දෙ කොපුල මතට යම් තරමක පැහැයක් පැමිණ තිබිණ. කෙදිනෙක හෝ මා දැක සිටි මැදි වියේ පසු වූ සුන්දරතර ගැහැනිය ඇය බවට පත් කිරීමට ඒ අවස්ථාවට ඇවැසි වූවා සේ විය.

#ManarinMadureAbhirahasa #AnandaAmarasiri #SinhalaBook #OnlineBooks

Weight 0.184 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මැනරිං මැඳුරේ අබිරහස”

Your email address will not be published. Required fields are marked *