Author: සරත් ජයසිංහ
Publisher: Wasana Publishers
First Edition 2013
ISBN 978-955-29-0192-8
351 Pages
මිනිසත්කම වියැකී ගිය ලොවක පාරමී පුරන්නට නොව , තම කුලුඳුල් පෙම සහෝදර සෙනෙහස වෙනුවෙන් පුදන්නට ඔහු වෙස්සන්තර කෙනෙකු විය . විරහව වේදනාව තුළින් වුවත් , ඔහු නොසැලී සිටියේය . ඒ ශක්තිය ඔහු තුළ තිබිණ . නොසිතූ විරූ මොහොතක ඇය ඔහුට සමීප වුවාය . නව ජීවයක් ලැබූ බවක් ඔහුට දැනිණ . එහෙත් අවසානයේ දී අවාසනාවන්ත ලෙස සමාජ සම්මතය ඉදිරියේ ඔහු අසරණ විය . සාගරයේ ජලය තරමට ඇය හඬන්නට ඇත . එහෙත් ඒ කදුළු අතරින් හිනැහෙන්නට තරම් ආත්ම ශක්තියක් “ මධු ” නම් වූ ඒ දිරිය දියණිය සතුව තිබිණ .
#MaNodutuEPurahanda #SarathJayasinha #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.