Sale!
, , ,

මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ‌පොත් එකතුව 03

රු1,164.00

  • වෘක්ෂලතා හා සත්වයෝ වාදය + පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම + සත්ව සන්තතිය + මානව හිතවාදය හා එතෙර වියත්හු
  • සාමාන්‍ය මිල – රු.1225/ =
  • අපේ මිල – රු. 1164 /=

 

Out of stock

වෘක්ෂලතා හා සත්වයෝ වාදය + පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම + සත්ව සන්තතිය + මානව හිතවාදය හා එතෙර වියත්හු

 සාමාන්‍ය මිල – රු.1225/ =

අපේ මිල – රු. 1164/=

 

වෘක්ෂලතා හා සත්වයෝ වාදය

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

First Edition 2019

ISBN 978-955-695-024-3

96 Pages

“ මාර්ටින් වික්‍රමසිංහගේ පළමුවැනි පුවත්පත් ලිපියෙන්ම වාදයක් පැන නැඟීම, ඔහුගේ ලේඛන ජීවිතය ආරම්භයේදීම සුබ දිසාවකට හැරුණු ඉඟිය සටහන් කරන සිද්ධියකි. අනෙක් වැදගත්ම කාරණය වනුයේ, මීට සියවසකටත් පෙර ශ්‍රී ලාංකික     සමාජය – විශේෂයෙන්ම, සිංහල සමාජ – නවීන විද්‍යාව එකහෙළාම ප්‍රතික්ෂේප කරන්ට අධිෂ්ඨාන සහගතව සැදී පැහැදී සිටි ආකාරයයි. ඒ සමාජයේ ඇස් කන් නවීන ලෝකය දිසාවට – නවීන දැනීම දිසාවට – හැරවීම වූකලී, තරුණ මාර්ටින් වික්‍රමසිංහ ඉදිරියේ පැන නැගුණු බරපතලම අභියෝගය විය. ඉකුත් සියවසේ දශක හතක් පුරාම පැතිර ගිය ස්වකීය ලේඛන සම්ප්‍රදානය, මාර්ටින් වික්‍රමසිංහ නමැති තරුණ ලේඛකයා, නිර්භයව ඒ අභියෝගයට මුහුණ දුන් හැටි කියන අපූරු වෘත්තාන්තයක් වැන්න.”

#WrukshalathaHaSathwayo #MartinWickramasinghe #SinhalaPoth

 

පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Seventh Batch 2016

ISBN 978-955-0201-50-1

123 Pages

සිංහල සාභ්‍යත්වයේ සමාරම්භක යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා මෙරට ජීවත් වු කාන්තාවන් පරිහරණය කළ ඇඳුම් පැළඳුම් පිළිබඳවත් තත්කාලීන ජනකායගේ සංස්කෘතික පසුබිම පිළිබඳවත් තොරතුරු මෙම කෘතියෙන් විවරණය වෙයි. ලාංකික සාහිත්යික මූලාශ්‍ර පමණක් නොව සංස්කාත ඉංගිරිසි ග්‍රන්ථයන්හි දක්නා ලැබෙන තොරතුරු ද පුරාවස්තු ඇසුරෙන් සපයාගන්නා ලද සාධක ද ඇතුළත් වන මෙම ග්‍රන්ථය මහඟු ශාස්ත්‍රීය ගවේශනයකි. 

ඉංගිරිසි භාෂාව නොදන්නා පාඨකයන්ට මෙබඳු ශාස්ත්‍රීය විෂයයක් අරභයා ඉතා දැනුමක් ලබා ගැනීමට මෙම පොත ප්‍රයෝජනවත් වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පොතට සපයා ඇති ප්‍රස්තාවනාවෙහි දැක්වෙයි.

#PuranasinhalaStreengeAdum #MartinWickramasinghe #SinhalaPoth #SriLankaweIthihasaya 

සත්ව සන්තතිය

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Nineth Batch 2008

ISBN 978-955-0201-55-6

240 Pages

පොදු පාඨකයාට වටහාගත හැකි අයුරින් ජීව ලෝකයේ තොරතුරු ගැමුරින් ගවේෂණය කිරීම පරිපාකයට පත් වූයේ  ‘ සත්ව සන්තතිය ’ ග්‍රන්ථයෙනි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ශාස්ත්‍රිය ලේඛන බස් වහර කෙටි කාලයක් තුළ මුහුකුරා ගිය ආකාරය එම ග්‍රන්ථයෙන් පිළිබිඹු වෙයි. නවීන විද්‍යාත්මක ලේඛනයේ දී අවශ්‍යවන පාරිභාෂික වචන සිංහලයට ගැලපෙන සේ සකස් කර ගත හැකි අයුරු ද තර්කානුකුල භාෂා රීතියක් හැඩගස්වා ගත හැකි අයුරු ද හෙළි කෙරෙන සත්ව සන්තතිය සත්ව විද්‍යාව හා පරිණාමවාදය අරභයා සිංහලෙන් ලියැවුණු ප්‍රථම ග්‍රන්ථයයි. 

ඩාවින්ගේ පරිණාමවාදය හා එහි ඵල වශයෙන් බිහි වූ විද්‍යාත්මක, දාර්ශනික, ආගමික හා සාමාජික විපර්යාසයන් මනා ලෙස වටහා ගැනීමට යෝගය ග්‍රන්ථයක් ලෙස සත්ව සන්නතිය සම්භාවනාවට පත් වී ඇත. 

#SathwaSanthathiya #MartinWickramasinghe #Sinhalapoth

 

මානව හිතවාදය හා එතෙර වියත්හු

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Third Batch 2018

ISBN 978-955-0201-89-1

156 Pages

අපරදිගුවන් පෙරදිග ජනතාවට ශිෂ්ටාචාරය ඉගැන්වූහ යි උදම් ඇනූ අපේ ඇතැම් උගත්තු මානව හිතවාදය පහළ වූයේ බටහිර සංස්කෘතික හරයෙහි ඵල විසින් බව ඒත්තු ගන්වන්ට තැත් කළහ. බටහිර ශිෂ්ටාචාරය පහළ වීමට සියවස් දහසයකටත් පෙර පෙරදිග ජනකාය සිය උතුම් දහම් මඟ අනුව යමින් මානව හිතවාදය මිනිසුන් අතර පමණක් නොව සතුන් කෙරෙහි ද පතළ කළ බව ඔවුන් නොදැන සිටියා නොවේ. එහෙත් ගලේ කෙටූ ඒ අතීතය ඔවුන්ට මකා දැමිය නොහැකි විය. මෙම ග්‍රන්ථයේ පිට කවරයේ දැක්වෙන සිත්තම හා ඊට පාදක වූ ගල් කැටයම අරභයා මාර්ටින් වික්‍රමසිංහ කර ඇති විචරණය ඈත අතීතයේ සිට ජනකාය තුළ පැවති මානව හිතවාදය පිළිබිඹු කරන විශිෂ්ට සාධකයකි. 

මානව හිතවාදය උතුම් දහමක් ලෙස අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ අපේ උරුමයේ කිඳා බැස පැවති අයුරු වික්‍රමසිංහයන් නොඑක් විට පෙන්වා දී ඇත. අපට වුවමනා කරනුයේ බටහිර සංස්කෘතියෙහි හරය ද පෙරදිග සංද්කෘතියෙහි හරය ද සංකලනයෙන් තනාගත් අදීන සංස්කෘතියක් ඇතිව නැඟීමට කැමති මිනිසුන්ගේ පරම්පරාවක් බව විවෘත මනසක් ඇති වික්‍රමසිංහ මහතා තිරලෙස ඇදහී ය. විදෙස් විද්වතුන් අරභයා ඔහු ලියා ඇති මෙම ග්‍රන්ථයෙන් ද සමර්ථනය කෙරෙන්නේ එම ඇදහුමෙහි තවත් පැතිකඩකි. 

#ManawaHithawadayaHaEtheraWiyathu #MartinWickramasinghe

Weight 0.797 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ‌පොත් එකතුව 03”

Your email address will not be published. Required fields are marked *