,

මානව හිතවාදය හා එතෙර වියත්හු

රු350.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ 
  • Publisher : Sarasa Publishers
  • Third Batch 2018
  • ISBN 978-955-0201-89-1
  • 156 Pages

Availability: 3 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Third Batch 2018

ISBN 978-955-0201-89-1

156 Pages

අපරදිගුවන් පෙරදිග ජනතාවට ශිෂ්ටාචාරය ඉගැන්වූහ යි උදම් ඇනූ අපේ ඇතැම් උගත්තු මානව හිතවාදය පහළ වූයේ බටහිර සංස්කෘතික හරයෙහි ඵල විසින් බව ඒත්තු ගන්වන්ට තැත් කළහ. බටහිර ශිෂ්ටාචාරය පහළ වීමට සියවස් දහසයකටත් පෙර පෙරදිග ජනකාය සිය උතුම් දහම් මඟ අනුව යමින් මානව හිතවාදය මිනිසුන් අතර පමණක් නොව සතුන් කෙරෙහි ද පතළ කළ බව ඔවුන් නොදැන සිටියා නොවේ. එහෙත් ගලේ කෙටූ ඒ අතීතය ඔවුන්ට මකා දැමිය නොහැකි විය. මෙම ග්‍රන්ථයේ පිට කවරයේ දැක්වෙන සිත්තම හා ඊට පාදක වූ ගල් කැටයම අරභයා මාර්ටින් වික්‍රමසිංහ කර ඇති විචරණය ඈත අතීතයේ සිට ජනකාය තුළ පැවති මානව හිතවාදය පිළිබිඹු කරන විශිෂ්ට සාධකයකි. 

මානව හිතවාදය උතුම් දහමක් ලෙස අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ අපේ උරුමයේ කිඳා බැස පැවති අයුරු වික්‍රමසිංහයන් නොඑක් විට පෙන්වා දී ඇත. අපට වුවමනා කරනුයේ බටහිර සංස්කෘතියෙහි හරය ද පෙරදිග සංද්කෘතියෙහි හරය ද සංකලනයෙන් තනාගත් අදීන සංස්කෘතියක් ඇතිව නැඟීමට කැමති මිනිසුන්ගේ පරම්පරාවක් බව විවෘත මනසක් ඇති වික්‍රමසිංහ මහතා තිරලෙස ඇදහී ය. විදෙස් විද්වතුන් අරභයා ඔහු ලියා ඇති මෙම ග්‍රන්ථයෙන් ද සමර්ථනය කෙරෙන්නේ එම ඇදහුමෙහි තවත් පැතිකඩකි. 

#ManawaHithawadayaHaEtheraWiyathu #MartinWickramasinghe

Weight 0.190 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මානව හිතවාදය හා එතෙර වියත්හු”

Your email address will not be published. Required fields are marked *