Author : ජයසේන ජයකොඩි
Publisher : Dayawansa Jayakody Publisher
Fourth Batch 2018
ISBN 978-955-686-338-3
206 Pages
“ ඔබ සසුන් ගත වූයේ කෙලෙසුන් මැඩීමට නොවේ ද නැඟණිය?”
“එ සේ ය.” උඩුබැල්මෙන් වැතිරහුන් මෙහෙණ සිවුර මනාව සකසා හිඳගත්තා ය.
“ එ සේනම් එහි ඇලී ගැලී මෙ සේ දුක්විඳින්නේ ඇයි?”
දෑත් බැඳ බිම බලාගත්තා මිස මෙහෙනගෙන් වහා පිළිතුරක් නොලැබිණි.
“රා ගින්නෙන් පැළැහුණු කල්හී දෑස් අන්ධ වේ . සිහි විකල් වේ.ඒ එහි සැටි ය.මම ඔබට දොස් නොපවරමි. යටි සිතිනුදු සිනා නොනගමි. අන් කෙනෙකුන්ට ද නොකියමි.කිසිත් නුවූවා සේ සිතා. සිහි නුවනින් මා දෙස බලන්න නැඟණිය?”
“මම කෙලෙස් තවමින් ම හුන්නෙමි ස්වාමීණි,මා නොමඟ හෙළුවෝ ඔබ වහන්සේම ය. ඔබවහන්සේගේ මධුර ස්වරයට,රන්වන් පැහැයට , සුපිපි වත කමලට,විනීත පැවතුමට ,ප්‍රනීත බැල්මට මා වශීව ගියේ ය.අනේ ස්වාමීණි,ගිණිගෙන දැවෙන මට අනුකම්පා කොට එකම එක් වරක් මා වැළඳ ගන්න.! මට ඒ ඇතිය. නොඑසේ නම් ම දිවි නොරැඳේ!”
“සුවය රැඳෙන්නේ ඇලීමෙන් නොවේ නැඟණිය. අත්මිදීමෙනි.ගිණි නිවනු සඳහා ළංකරගත යුත්තේ දර නොව දිය ය. මවෙත දිය මිස දර නොමැත.”
#MahaAnadaHimi #JayasenaJayakodi #SinhalaPoth
Reviews
There are no reviews yet.