, ,

මයාඩා

රු675.00

  • Author : දිලීප ජයකොඩි 
  • Mayada (by Jeas sasson) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි  
  • Publisher : Surasa Publishers
  • Fourth Batch 2020
  •  ISBN 978-955-677-970-7
  • 442 Pages

Availability: 1 in stock

Author : දිලීප ජයකොඩි 

Mayada (by Jeas sasson) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි  

Publisher : Surasa Publishers

Fourth Batch 2020

 ISBN 978-955-677-970-7

442 Pages

මානව ශිෂ්ටාචාරයේ මුල් බිමක් වූ මෙසපොටේමියාව, විවිධ වූ සංස්කෘතික ලක්ෂණයන්ගෙන් ඔපවත් වෙමින්, විශිෂ්ට වූ මානව ප්‍රවාහයක් ලොවට තිළිණ කළේය. එවන් වටිනාමකින් යුතු වූ මේ භූමිය, අයත් වූයේ ඔටෝමාන් මහා අධිරාජ්‍යයටයි. 

ඔටෝමාන් අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු මෙසෙපොටේමියාව, “ඉරාකය” නමින් හැඳින්වීමට වූයේය. අනතුරුව විවිධ දේශපාලන කුමන්ත්‍රණවලට මුහුණ දුන් ඉරාකය, 1979 දී සදාම් හුසේන් යටතට පත්වෙයි. බලයට පත් වූ මුල් වකවානුවේ ඔහු ජනතා හිතවාදීව කටයුතු කළද, වැඩි කලක් යාමට පෙර සිය ඒකාධිපති පොලිස්, හමුදා රාජ්‍යය ගොඩ නැංවීමට කටයුතු කළේය. 

ඒ මඟෙහි ඔහුට එරෙහි වූවන්ට හිමිවූයේ මරණයයි. ඔහුට විරුද්ධ වියැයි, ඉතා සුළු හෝ සැකයක් යමෙකු කෙරෙහි ඇතිවූයේ නම් ඔහුට හෝ ඇයට සිදු වූයේ, සදාම්ගේ සිපිරිගෙවල්වල පිහිටි වධකාගාරවලදී අප්‍රමාණ වධ බන්ධනවලට ලක් වීමටයි. 

එහිදී ඒ තැනැත්තා තමන්ට ඉතා සමීපව සිටියෙක් වූවද, වධ බන්ධනවලින් ගැලවීමට ඔවුන්ට නොහැකි විය. 

මේ සත්‍ය කතාව, කලක් සදාම්ගෙන් සම්මාන පවා ලබා, ඔහුගේ හිත දිනා සිටි, ඉරාකයේ සම්භාවනීය පවුලකට අයත් වන, මයාඩා අල් අස්කාරි නම් මාධ්‍යවේදිනිය, සදාම්ගේ වධකාගාරයක ගත කළ ගෝචනීය කාල පරිච්ඡේදය පිළිබඳවයි. එහිදී ඇයට හා ඇගේ සිර මැදිරියේ සිට අනෙකුත් සිරිකාරියන්ට, නොකළ වරදවල් සඳහා විඳින්නට සිදු වූ අනේක වධ බන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතාන්දරය මෙයින් කියවෙයි. 

#Mayada #Dileepajayakodi #Sinhalapoth #PariwarthanaNawakatha

 

Weight 0.501 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මයාඩා”

Your email address will not be published. Required fields are marked *