, , , ,

මයාඩා – ඉරාකයේ දියණිය

රු580.00

  • Author – චිත්‍රා අයි පෙරේරා
  • DAUGHTER OF IRAQ (by Jean Sasson) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – wijesooriya Publishers
  • ISBN 978-955-652-356-0

Availability: 2 in stock

Author – චිත්‍රා අයි පෙරේරා

DAUGHTER OF IRAQ (by Jean Sasson) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – wijesooriya Publishers

ISBN 978-955-652-356-0

 

පළමු ලෝක යුද්ධයෙන් පසුව ඔටෝමන් අධිරාජ්‍යය පරිහානියට පත් විය. අධිරාජ්‍ය පාලනය යටතේ පීඩාවට පත් ව සිටි අරාබි ජනතාව නිදහස් ජාතීන් වශයෙන් නැගී සිටින්නට සිතූහ. එහෙත්, යුරෝපීයයන් රටේ අයිති අයිතිකරුවන් සේ  සිතන බව දැනගත් අරාබි ජාතීහු කලකිරීමට පත්වූහ. සුන්නි මුස්ලිම්වරුන් ගේ ආශ්‍රය බ්‍රිතාන්‍යයන් පහසුවට පත් කළ හෙයින් වැඩි ජනකායක් වූ ෂිට් මුස්ලිම්වරුන් සුන්නි මුස්ලිම්වරුන් යටත්ට පත් වන්නට උපක්‍රම යෙදිණි.

මයාඩා ගේ මුතුන් මිත්තෝ ඔටෝමන් රජ පෙළපතට නෑකම් කියන්නෝ වූහ. එසේ වුවද, සුවිශේෂී පුද්ගලයෙකු වූ මයාඩා ගේ පියාගේ පියා ජෆාර් අල් අස්කාරි , අරාබි හමුදාවේ නායකයා විය. ෆයිසාල් කුමරුට හා ඊ . වී. ලෝරන්ස්ට එක්වී ඔහු ඔටෝමන් රාජ්‍යය බිඳ හෙළුවේ ය. මයාඩා ගේ මව ගේ  පියා සාති අල් හුස්රි , අරාබි ලොවම පිළිගත් බුද්ධිමතෙක් විය. අරාබි දේශය පාලනය කරනු ලැබිය යුත්තේ අරාබි විසින්ම බව පළමුවරට පැවසුවේ ඔහු ය.

මුතුන් මිත්තන් මෙන් මයාඩා ද සුන්නි මුස්ලිම් කාන්තාවකි.  මයාඩා ගේ මුල් නිවස හැඳින්වූයේ දේශපාලන නිවස යනුවෙනි. 1968 පසු බාත් පක්ෂය  බලයට පැමිණියේය. මයාඩා ගේ  පවුලේ වැඩිහිටියන් දේශපාලන බලයෙන් ඉවත් කෙරිණි. එසේ වුවද මයාඩා ගේ පවුලේ සාමාජිකයෝ බැග්ඩෑගයෙහිම ජීවත් වූහ.

මයාඩා උපන්නේ හැදුණේ වැඩුණේ ඉරාකයෙහි ය.  ඈ පුවත්පපතක වාර්තාකාරියක ලෙස සේවය කළාය. ඇය විවාහ වූයේ ද ඉරාක ජාතිකයකු සමගිනි. ඉරාකයේ දී දරුවන් දෙදෙනෙකු ලද්දා ය. ඉරාක- ඉරාන යුද්ධය, ගල්ෆ් යුද්ධය ආදියට මුහුණ දී සිටියද ඇය ඉරාකයේ ම ජීවත් වීමට සිතා ගත්තේ කුඩා කල සිටම ජීවත් වූ ජන්ම භූමියට ආදරය කළ නිසාය.

#Mayada #Mayaada #ChithraIPerera #SinhalaPoth #OnlineBooks

Weight 0.293 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මයාඩා – ඉරාකයේ දියණිය”

Your email address will not be published. Required fields are marked *