,

බොරළු වලව්ව

රු950.00

  • Author – වත්සලා කරුණාරත්න
  • Publisher – Sanka Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5626-11-3
  • 479 Pages

Out of stock

Author – වත්සලා කරුණාරත්න

Publisher – Sanka Publishers

First Edition 2021

ISBN 978-624-5626-11-3

479 Pages

 

“ඇයි සිහිනි ඔයාගේ ඇස් ඉදිමිලා.. ඔයා ඇඬුවද ” එවරත් සිහිනදී උමාල් දෙස බැලුවාය. එවර නම් ඔහුගේ දැස් සිහිනදීගේ දෑස් මත රැදී තිබිණි. ඇය බිම බලා ගත්තාය. දැසට කඳුළු පිරී යද්දී සිහිනදී එය වළකා ගන්නට උත්සහ ගත්තාය.

තේෂාන් රෝද පුටුව ඇය අසලට ගෙන ගියේය. ඔහු ඇයගේ සුරත අල්ලා ගනිද්දී සිහිනදී තිගැස්සුණාය. තේෂාන් ඇයව යහනේ වාඩිකරවා ගෙන ඇය ඉදිරියට ආවේය.

“ඇයි බබා… ඇයි ඔයා අඬන්නේ.. මොකද්ද ඔයාට තියන ප්‍රශ්නේ” ඔහු ඇසුවේ ආදරණියවයි. සිහිනදීට ඉකි ගැසිණි.

“සිහිනි…” තේෂාන් ඇයව ළයේ හොවා ගත්තේය. උමාල් සිහි වෙද්දීම තිගැස්සුණු සිහිනදී වහා තේෂාන්ගේ ළයෙන් ඉවත් වූවාය. ඇය යටි ඇසින් උමාල් දෙස බලද්දී ඔහු ඉවත බලා ගත්තේ ය.

“මගේ වැරැද්ද… අළුත් මනමාලිගේ හිරි ඔතප් බිදින්න බැරි වුණ එක.. නේද මචං” තේෂාන් උමාල් ගෙන් ඇසුවේය.

“කවුද දන්නේ ඒවා බිදගෙන ඇවිත් බයට ගැස්සුණාද කියලා” ඔහු කීවේය. සිහිනදී වෙව්ලා ගියාය.

“මේ පුංචි කෙල්ල”

“පුංචි ද ලොකු ද කියලා තේරෙයි උඹට ගෑනි කර ගත්ත දවසට

“හරි හරි… ඒක එදාට බලා ගමු” සිනාසෙමින් උමාල්ට කියූ තේෂාන්.

“ඔයාට වෙන මොනවා හරි ප්‍රශ්නයක් තියනවද සිහිනි” යි සිහිනදී ගෙන් ඇසුවේ ය .

“අර.. නිම්නා අප්පො … එයා ආවේ ඇයි” සිහිනදී කොලයක් ගෙන ලියා දුන්නාය.

“මචං උමා… මේ බලපන්කෝ … උඹේ සිහින කුමාරි මෙහෙට ආවේ ඇයි කියලා මෙයා අහනවා”

 

#BoraluWalawwa #BoraluValawwa #BoraluWalavwa #WathsalaKarunarathna #SinhalaPoth #OnlineBooks

Weight 0.564 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බොරළු වලව්ව”

Your email address will not be published. Required fields are marked *