,

බුදු දහමෙහි සාරය බුදු රදුන්ගේ වදනින් තෙවන කොටස

රු175.00

  • Author : මහාචාර්ය කේ.එන්.ඔ්. ධර්මදාස / විශේෂඥ වෛද්‍ය එච්.බී. ජයසිංහ
  • In the Buddha’s Words (by Ven. Bhikkhu Bodhi Thero) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Buddhist Publisher
  • First Edition 2015
  • ISBN 978-955-24-0420-7
  • 119 Pages

Out of stock

Author : මහාචාර්ය කේ.එන්.ඔ්. ධර්මදාස / විශේෂඥ වෛද්‍ය එච්.බී. ජයසිංහ

In the Buddha’s Words (by Ven. Bhikkhu Bodhi Thero) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Buddhist Publisher

First Edition 2015

ISBN 978-955-24-0420-7

119 Pages

ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ බෘක්ලින්හි ජෙෆ්රි බ්ලොක් නමින් උපත ලද පූජ්‍ය බෝධි තෙරුන් වහන්සේ 1966 දී බෘක්ලින් කොලීජියෙන් දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී (B.A.) උපාධිය ද, 1972 දී ක්ලෙයාමොන්ටි පශ්චාත් උපාධි ආයතනයෙන් දර්ශනශූරී (Ph.D.) උපාධියද ලබාගත්හ. 

1972 වර්ෂයේ අග භාගයෙහි ශ්‍රී ලංකාවට පැමිණි උන් වහන්සේ පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙයමහ නා හිමිපාණන්ගෙන් පැවිදිබව ලබා ඊළඟ වර්ෂයේ උන් වහන්සේගෙන් ම උපසම්පදාව ද ලබාගත්හ. 

පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමිපාණන් ඇසුරෙහි පාලි හා බන දහම් උගත් උන් වහන්සේ පසුව මහනුවර උඩවත්ත කැලේ වන සෙනසුනෙහි වැඩ විසූ ජර්මන් ජාතික ඤාණපෝණික මහ තෙරුන් වහන්සේ සමග එක්ව ධර්ම ශාස්ත්‍රීය කටයුතුවල සහ මහනුවර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ ධර්ම ප්‍රකාශන කටයුතුවල නිරත වූහ. 1984 වර්ෂයේ සිට 2002 දක්වා බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ ඉංග්‍රිසි සංස්කාරක ලෙස ද, පූජ්‍ය ඤාණපෝණික මහ තෙරුන් වහන්සේ වියපත් විමෙන් පසු 1988 සිට 2002 දක්වා බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ සභාපති ලෙස ද, උන් වහන්සේ ඉටුකළ මෙහෙවර සදානුස්මරණීය වේ. 2002 වර්ෂයේ සිය රටට වැඩම කිරීමෙන් පසුව ද උන් වහන්සේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ ගෞරවනීය අනුශාසක ලෙස ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරති.

ථෙරවාද බුද්ධ ධර්මය පිළිබඳ ප්‍රාමාණියකු ලෙස බෞද්ධ ලෝකයෙහි ගෞරවයට පාත්‍ර වී ඇති පූජ්‍ය බෝධි තෙරුන් වහන්සේ රචිත බෞද්ධ ග්‍රන්ථ සහ ලිපිලේඛන අතිමහත් වෙයි. ඒවා අතර උන්වහන්සේ විසින් හදුන්වා දෙමින් ඉංග්‍රිසියට පරිවර්තනය කරන ලද පාලි පිටක ග්‍රන්ථ ලෝකයේ විවිධ රටවල ධර්ම ගවේෂණයෙහි නිරතවන පාඨකයන්ට මහගු පිළිසරණක් වී තිබේ. 

මෙම ග්‍රන්ථයෙන් උන් වහන්සේ අපේක්ෂා කරන්නේ බුදු දහමේ සාරය සූත්‍ර පිටකයෙන් තෝරා ගත් සූත්‍ර පාඨ උපයෝගි කරගනිමින් අර්ථකථනය කොට පැහැදිලි කිරීමයි.

#BududahamehisarayaBuduRadungeWadanin3 #KNODharmadasa #DrHBJayasinghe #SinhalaPoth #BawuddhaGrantha

 

Weight 0.179 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බුදු දහමෙහි සාරය බුදු රදුන්ගේ වදනින් තෙවන කොටස”

Your email address will not be published. Required fields are marked *