, ,

බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය

රු1,200.00

  • Author – නිමල් බණ්ඩාර
  • MANUAL OF THE PROVINCE OF UVA (by Herbert White) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Sooriya Publishers
  • First Edition 2022
  • ISBN 978-624-5638-40-6
  • 423 Pages

Out of stock

Author – නිමල් බණ්ඩාර

MANUAL OF THE PROVINCE OF UVA (by Herbert White) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Sooriya Publishers

First Edition 2022

ISBN 978-624-5638-40-6

423 Pages

 

යටත්විජිත යුගයේ සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික පරිපාලන නිලධාරීන්ගෙන් සිදුවූ එක් අගනා සේවයක් වුයේ ඔවුන් සේවය කරන ලද පළාත් අළලා පරීපූරණ විස්තරාත්මක ග්‍රන්ථ සම්පාදනය කිරීමයි. Manual හෝ Gazetteer නමින් ඒ ඒ පළාත් හෝ දිස්ත්‍රික්ක පිළිබදව ලියන ලද එවනි ග්‍රන්ථ කීපයක්ම එකල ප්‍රකාශයට පත් කොට තිබුණි. ඒ අතර, මධ්‍යම, උතුරු මැද, වන්නි, මඩකලපුව සහ පුත්තලම පිළිබදව ලියවී ඇති ග්‍රන්ථ බ්‍රිතාන්‍ය යටත් විජිත ඉතිහාසය සහ එකල ජනජීවිතය පිළිබඳ ලියැවුණු මහගු මූලාශ්‍ර ලෙස සම්භාවනාවට පාත්‍රවී ඇත.

මෙවැනි ග්‍රන්ථ අතර, ලංකා (Ceylon) සිවිල් සේවයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය ජාතික හර්බට් වයිට් මහත්මා විසින් ඌව පලාත පිළිබදව සම්පාදනය කරන ලද Manual of the Uva Province නම් අගනා කෘතිය අතිශය දුර්ලභ ග්‍රන්ථයකි. එහි පිටපත් ඇත්තේ සීමිත සංඛ්‍යාවකි. 1893 දී මුද්‍රණය කිරීමෙන් පසු එය නැවත මුද්‍රණය කළ බවට සාධක නැත. මා මේ ග්‍රන්ථය කියවනු ලබුවේ වර්ෂ ගණනාවක් විවිධ පුස්තකාලවල සොයා බලා අවසානයේ කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයෙනි. එයද පිටතට රැගෙන යාමට නොදෙන දුර්ලභ කෘතියක් ලෙස සංරක්ෂණ අංශයේ තබා තිබේ. ඒ අනුව බලන කල ඉතිහාසඥයකු නොවන නිමල් බණ්ඩාර මහතා මෙය සොයාගෙන කියවීම ම බෙහෙවින් අගය කළ යුතුය.

මේ ග්‍රන්ථය ඌවේ ඉතිහාසය, පරිසරය සහ සමාජය පිළිබද කෝෂ-ග්‍රන්ථයක් බඳු ය. ඌවේ ස්වාභාවික පරිසරය, ගොවිබිම්, ජල මාර්ග, කඳුවැටී සහ වනාන්තර ආදිය පිළිබද විස්තර මෙහි අඩංගු ය. ඛණිජ සම්පත් සහ ශිල්පීය කර්මාන්ත පිළිබදව මෙහි සදහන් කොට ඇති කරුණු වෙනත් මෙවැනි ග්‍රන්ථයකට වඩා විස්තරාත්මක ය. පැරණි විහාරස්ථාන පිළිබඳව මෙහි වදගත් කරුණු රැසක් අඩංගු වේ. ඒ අතර බින්තැන්න දාගැබ හෙවත් මහියංගණ ස්තූපයත්, කතරගම මහා දේවාලයත් ගැන සදහන් කරුණු අතිශය වැදගත් ය.

ඌව පළාත සහ එහි ස්ථාන නාම පිළිබදව පිටස්තර ලේඛකයකුට වඩා තමා සතු පාරම්පරික දැනුම පරිවර්තකයාට සිය කාර්යය මනාව ඉටුකිරීමේ ලා මහඟු පිටුවහලක් වී ඇති බව කිව හැකිය. ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන නිමල් බණ්ඩාර මහතා සිය රාජකාරියට පරිබාහිර මෙවැනි ශාස්ත්‍රීය කාර්යයක නියැලී සිටීම අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ආදර්ශයක් බව සදහන් කරනු කැමැත්තෙමි.

මහාචාර්ය අනුර මනතුංග  (පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්)

 

#BrithanyayanLiyuSebeUvaIthihasaya #NimalBandara #SinhalaPoth #OnlineBooks

Weight 0.487 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය”

Your email address will not be published. Required fields are marked *