, ,

බංගලාවෙන් බිල්ලක්

රු750.00

  • Author – ලසිත රවීන් උමගිලිය
  • Publisher – Prathiba Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5152-32-2
  • 319 Pages

Out of stock

Author – ලසිත රවීන් උමගිලිය

Publisher – Prathiba Publishers

First Edition 2021

ISBN 978-624-5152-32-2

319 Pages

 

අපි පියගැට පෙළ බැස පහළට ගමන් ගැනීමට වීමු. පෙර ජගත්ගේ ගිනි අවියෙන් එල්ල වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් බිඳී ගිය ඇට සැකිල්ල පියගැට පෙළෙහි මධ්‍යයේ වූ චතුරස්‍රාකාර කොටසේ රැදී තිබිණි. මම තවත් වරක් ඒ දෙස සුපරීක්ෂාකාර ව බැලුවෙමි. ශ්වේත වර්ණ හිස් කබලෙහි අක්ෂි කුහර යුගල තුළ සැගවුණු කිසියම් අද්භූත බවක් ඇතැයි මට සිතුනේ වරක් දෙවරක් නොවේ. කිසියම් මොහොතක මෙම ඇට සැකිල්ල මා වෙත පැන මාගේ ගෙල සිරකර මා මරා දමනු ඇතැයි වරෙක මට සිතිණි.

දුර්වර්ණ වූ අයෝමය ගේට්ටුවේ සිට නිවස දක්වා දිවෙන වක්‍රාකාර ගමන් පථය මීටර් දෙසීයක පමණ දුරකින් යුක්ත වූ අතර අපි එය මගහැර උද්‍යානයේ තිබූ දැවැන්ත තුරු ලතාවන්ගේ ආවරණය ලබමින් අඳුරු සෙවණැලි අතරින් ක්‍රමයෙන් නිවස කරා සමීප වීමු. අපගේ සවන්හි වැකුණු යම් හඬක් විණි නම් ඒ නොනවත්වා නැගුණු රැහැයියන්ගේ නාදයත් දිරාපත් වූ කොළ රොඩු අතු ඉති මතින් දෙපා තබද්දී නැගුණු ‘සර සර’ නාදයත් පමණි. ජංගම දුරකථන ‘නිහඬකරණයට’ ලක්කර ගන්න යැයි උපදෙස් දී තිබුණෙන් මෝටර් රථයෙන් බිමට බට මොහොතේ ම අපි එය ක්‍රියාත්මක කළෙමු.

“මෙතැනදී තමයි සර් අනතුර වෙලා තියෙන්නෙ. අන්න අර පහළින් පේන පයිනස්ට් ගහේ වැදිලා තමයි කාර් එක නතර වෙලා තිබුණෙ. පේනවනෙ බැරිවෙලා හරි ඒ ගහේ වැදීලා වාහනේ හිරවුණේ නැත්නම් තවත් මීටර් පනහක් හැටක් විතර පහළට පෙරළිලා තමයි තතර වෙන්නෙ.”

 

#BangalawenBillak #LasithaRaveenUmagiliya #SinhalaPoth #OnlineBooks

Weight 0.372 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බංගලාවෙන් බිල්ලක්”

Your email address will not be published. Required fields are marked *