, ,

පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්

රු650.00

  • Author: ලයනල් මුණසිංහ
  • Publisher : Sooriya Publishers
  • First Edition 2019
  • ISBN 978-955-656-513-3
  • 283 Pages

Out of stock

Author: ලයනල් මුණසිංහ

Publisher : Sooriya Publishers

First Edition 2019

ISBN 978-955-656-513-3

283 Pages

 

විශ්‍රාමික පොලිස් පරීක්ෂක ලයනල් මුණසිංහ මහතා හතලිස් එක් වසරක් , වසර 1959 සිට 2000 දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තරාතිරම්වල විවිධ පළාත්වල සේවය කොට ලබා ගත් පුළුල් අත් දැකීම් සම්භාරයක් සහිත නිලධාරියෙකි.

අවුරුදු හයක් යාපනය දිස්ත්‍රික්කයේ ද, පසුව වවුනියා යුද කලාපයේ ද සේවය කළ ඔහු, දෙමළ බස මැනවින් හැසිරවීමේ සමතෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද කලක් පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව නැගෙනහිර පළාතේ ද අනතුරුව සබරගමුව සහ කොළඹ තදාසන්න පෙදෙස්වල ද කළ සේවයෙන් ලබාගත් පුළුල් අත්දැකීම් ඇත්තෙකි.

එමෙන්ම අපරාධ පරීක්ෂණයෙහි ද, අධිකරණය හමුවේ නඩු ඉදිරිපත් කිරීමෙහිලා ද ඔහු ලත් පරිචය ගැඹුරු ය. මේ පොතෙහි අඩංගු වන්නේ මේ විවිධ ක්ෂේත්‍රවල ඔහුට මුහුණ පාන්නට සිදු වූ අපූරු අත්දැකීම්වල තොරතුරුය.

එදා පොලිසියේ ස්වභාවය ද එහි ගැඹුර ද පිළිබඳ මේ තොරතුරු මඟින් සාමාන්‍ය පාඨකයෙකුට ලැබෙන රසවත් අත්දැකීම් හා දැනුම් සම්භාරය බොහෝ වනු ඇත. මේ බඳු පොත් සිංහලයෙන් ලියැවෙන්නේ කලාතුරකිනි.

ගාමිණී ගුණවර්ධන

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

 

#PoliceNiladariyakugeMathakaSatahan #LayanalMunasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.333 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්”

Your email address will not be published. Required fields are marked *