Author – ජගත් කේ. වික්‍රමගේ
Publisher – Susara Publishers
ISBN 978-955-0065-80-6
First Edition 2010
56 Pages
අකුරු ඉගෙන ගැනීම ආරම්භ කරන දරු දැරියන්ගේ හැකියාවන් හා ක්‍රියාකාරකම් මැනවින් දැන හඳුනා ගැනීමට මෙන්ම ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරගැනීමට වැඩි අවස්ථා සැලසීමෙන් ළදරු අධ්‍යාපන ක්ෂේත්රයෙහි සුවිශේෂ සංවර්ධනයක් ඇති කළ හැකිය.
ළදරු වියෙහි අකුරු ඉගෙනීමට යොමුවන දරුවා ඉතා කඩිසරය. ඒ කඩිසරකම ඇතිවන්නේ දරුවාගේ හෝ දැරියගේ උනන්දුව මතය. අකුරු ලිවීමට මෙන්ම ඇඳීම වැනි වෙනත් ක්‍රියාකාරකම් කෙරෙහිද කුඩා වියේ පසුවන දරු දැරියන්ගේ මනස යොමුවේ.
ඒ අනුව ඔවුන්ව ඒ සදහා යොමු කළ යුතුව ඇත්තේ ළමා ලෝකයට හා ළමා මනසට ගැළපෙන වැඩසටහන්වලටය. විශේෂයෙන් ප්‍රාථමික අවස්ථාවේදී ළමයා අකුරු ලිවීමටත් එසේම යම් යම් රූප සටහන් ඇඳීමටත් දැඩි කැමැත්තක් දක්වයි.
ළදරුවාගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය වන ආකාරයෙන් මෙම පොත සම්පාදනය කර ඇත. මෙහි ඇති අභ්‍යාස තවදුරටත් වර්ධනය කරමින් අභ්‍යාස නිර්මාණය කර ළදරුවා ලවා තවදුරටත් පුහුණු කරවන්න.
#PeraPasalWedapothaSusara #JagathKWickramage #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.