, , ,

පෙරළුෑ නැවුම් පස

රු1,250.00

  • Author: දැදිගම වී.රුද්‍රිගු
  • VIRGIN SOIL UPTURNED (by Mikhail Sholokhov) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: Ashirwada Publishers
  • ISBN: 978-955-697-253-5

Out of stock

Author: දැදිගම වී.රුද්‍රිගු

VIRGIN SOIL UPTURNED (by Mikhail Sholokhov) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: Ashirwada Publishers

ISBN: 978-955-697-253-5

 

මිහායිල්  ෂොලොහොව් (1905-1984) ලෙනින් සහ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ලෝකයේ නූතන  ආරයේ ලේඛකයෙකි. ඔහුගේ Virgin Soil  Upturned නවකථාව එක්සත් සෝවියට් රුසියානු සමූහාණ්ඩුව ග්‍රාම්‍ය ප්‍රදේශ සාමූහිකකරණය කරන වකවානුව පිළිබඳ ලියවී ඇති අතර  එය භාෂා 75 කට  පරිවර්තනය කරනු ලැබ පිටපත් මිලියන තිහකට වඩා අලෙවි විය.1932  වසරේදී පළමු කොටස ප්‍රකාශනයට පත් කරන ලද අතර එම වසරේදී දෙවන කොටස ලිවීම ආරම්භ කරන ලද බව ෂෝලොහොව් විසින් ප්‍රකාශ කරන ලදී.  නමුත් දෙවන කොටස එළිදැක්වීමට 1960 දක්වා නොහැකි විය.

එක්සත් සෝවියට් රුසියානු සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු ග්‍රාමීය ජනතාව  එය පිළිගත් ආකාරය විවිධ විය. එසේම කලින් කලට ඔවුන්ගේ නැමියාව ද වෙනස් වෙන සුළු  විය. ජනතාවගේ සිත් තුළ මුල්බැස ගත් ආකල්ප වෙනස් කිරීම මොනතරම් අපහසු ද යන්න මෙයින් මොනවට පැහැදිලි වේ. සෑම තැනකම පාහේ  සිටින දෙපිටකාට්ටුවන් ද,  සෑම දෙයකම  හාස්‍ය දකින්නන් ද, වැල යන අතට මැස්ස  ගසන්නන්  මෙන්ම උඩු ගං බලා පිහිනන්නන්ද මෙහි අඩුවක් නැත. මෙය සෑම කල්හිම එකසේ රසවිඳිය හැකි අගනා කෘතියකි.

මෙම පොත සිංහල බසට පරිවර්තනය කරනු ලැබුවේ අප හට රුසියානු සාහිත්‍යයට මංපෙත් හෙළි කළ දැදිගම  වී. රුද්‍රිගු  මහතාය. ඔහුගේ සරල බස් වහර අප එක්සත් සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ එම වකවානුව කරා ගෙන යන්නේ අනායාසයෙනි.

 

#PeraluNeumPasa #PeraluNewumPasa #PeraluNaumPasa #DadigamaVRudrigo #SinhalaPoth #SinhalaPariwarthana #OnlineBooks

Weight 1.052 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පෙරළුෑ නැවුම් පස”

Your email address will not be published. Required fields are marked *