Author – නීතිඥ කපිල ගාමිණී ජයසිංහ
Publisher – Sarasavi Publishers
First Edition 2021
ISBN 978-955-31-2296-4
87 Pages
මෑතකාලීන ව වන විනාශ, පරිසර විනාශ, කොරෝනා වසංගතය පැතිරවීමට දායක වීම් වැනි මහජන පීඩා සහ පුද්ගලික පීඩා පිළිබඳ සමාජයේ දැඩි කතාබහක් පැතිරෙමින් පවතී. ඒවාට අදාළ නීතිමය තත්වයන් ගැන ජනතා අවධානයද වැඩිවිය. මේ සම්බන්ධයෙන් වන නීතිමය තත්වයන්, එබඳු පීඩා පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ලැබුණු විට පොලිසියේ කාර්ය භාරය, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වගන්තියට අදාළ ප්‍රතිපාදන, මහජන පීඩාවනට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් ප්‍රතිපාදන, පීඩාවේ විවිධ ස්වරූප, පුද්ගලික පීඩාවකදී ගතහැකි විත්තිවාචක හා ප්‍රතිකර්ම, මහජන පීඩාවකට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් කොන්දේසි සහිත ආඥාවක් හා තහනම් ආඥාවක් නිකුත් කළ හැකි ආකාරය සහ මහජන සුභ සාධන නඩුකර හා මහජන පීඩා ආදී මාතෘකා ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන හා විනිශ්චිත නඩු තීන්දු ඇසුරින් පරිච්ඡේද 15 ක් පුරා විස්තර කෙරේ. “පුද්ගලික පීඩා හා මහජන පීඩා නඩු”. ග්‍රන්ථයේ 2021 ජනවාරි මස දක්වා යාවත්කාලීන කළ නඩු තීන්දු 95 ක් විවරණයට ලක්කර ඇත.
සරල සිංහලයෙන් ලියැවී ඇති මෙම ග්‍රන්ථය නීති වේදීන්ට නීති සිසුන්ට මෙන්ම නීතිය පිළිබඳව උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ට ද එකසේ ප්‍රයෝජනවත් වනු ඇත. මෙහි රචකයා වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ මීට පෙර සිංහලෙන් නීති ග්රන්ථ 41 ක් ලියා පළකළ අතර, ඔහු ප්‍රායෝගිකව සිවිල් නීති ක්ෂේත්රයේ නඩු කටයුතු මෙහෙයවන නීතිඥවරයෙකුද JMC (ජයසේකර කළමනාකරණ ආයතනයේ) වාණිජ නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කරයි. ඔහු විසින් ලියන ලද ග්රන්ථ අතර නවකතා 5 ක්, කෙටි කතා පොත් 4 ක්, පරිවර්තන 2 ක් හා නාට්‍ය ග්‍රන්ථය ක් ද වේ.
#PudgalikaPeedaSahaMahajanaPeedaNadu #KapilaGaminiJayasinghe #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.