Sale!
, , , , ,

පැරණි ලක්දිව

Original price was: රු2,350.00.Current price is: රු2,233.00.

  • ලංකාව පෘතුගීසි යුගය + ලංකාවේ පෘතුගීසි යුගය 2 කාණ්ඩය 
  • සාමාන්‍ය මිල – රු.2350 /=
  • අපේ මිල – රු.2233 /=

Out of stock

ලංකාව පෘතුගීසි යුගය + ලංකාවේ පෘතුගීසි යුගය 2 කාණ්ඩය 

සාමාන්‍ය මිල – රු.2350 /=

අපේ මිල – රු.2233/=

 

ලංකාව පෘතුගීසි යුගය

Author : අභය හේවාවසම්

Ceylon The Portuguese Era (by Paul E. Peiris) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

First Edition 2008

ISBN 978-955-656-085-5

639 Pages

 

1505 දී ලංකාවට පාතුගීසීන්ගේ පැමිණීම, වසර දෙදහසක ඉතිහාසයක් ඇති පැරැණි සිංහල රාජධානිය යුරෝපීය බලයකට සෘජුව මුහුණ දෙන පළමු අවස්ථාවයි. 1505 සිට, 1650 දී ඔවුන් ලන්දේසීන් විසින් නෙරපා හරින තුරු පෘතුගීසීහූ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයේ නොයෙක් කොටස් විවිධ අවස්ථාවලදී තම අණසකට යටත් කරගෙන සිටියහ. බොහෝ රජවරු ද කුමාරවරු මෙන්ම සාමාන්‍ය වැසියෝ ද කිතු දහම වැළඳ ගත් අතර කිතුනු දහමේ ස්ථීර ආභාෂය ඔවුන් විසින් අප රටට දායාද කර දෙන ලදී. ශ්‍රී ලංකාවේ සමාජ ජීවිතය පිළිබඳව ද, සංගීතය, භාෂාව, ඇඳුම් පැළඳුම්, ආහාර සහ වෙනත් දේ පිළිබඳව ද එවැනි බලපෑමක් ඔවුන් විසින් ඇති කරන ලදී.

ශ්‍රී ලංකාවේ වසර 150 ක පමණ වූ මේ පෘතුගීසි පාලන කාලය පිළිබඳව ප්‍රාමාණික ලෙස තොරතුරු වාර්තාගතව ඇත්තේ එකම එක් වතාවක පමණි. ඒ, 1913 වසරේ දී පළමුවරට ප්‍රකාශයට පත් කරන ලද, පෝල් ඊ. පීරිස් මහතා ගේ CEYLON : THE PORTUGUESE ERA නම් ග්‍රන්ථයෙනි. 1874 දී උපත ලැබූ පෝල් ඊ. පීරිස් මහතා දශක හයකට අධික කාලයක් ලංකාවේ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යුගයන් ගැන පර්යේෂණයෙහි යෙදුණු ඒ පිළිබඳ ව දෙස් විදෙස් හි පතළ වටිනා ග්‍රන්ථයන් පළ කළ විද්වතෙකි.

මේ ග්‍රන්ථයෙහි පළමු කාණ්ඩය ලංකාව – පෘතුගීසි යුගය නමින් මෙසේ සිංහල පාඨකයන් අතට පත් වෙයි. 

මෙම කෘතිය පරිවර්තනය කරන ලද්දේ, දෙස් විදෙස් ලේඛකයන් විසින් විවිධ විෂයයන් යටතේ ඉංග්‍රීසි බසින් ලියූ කෘතීන් රැසක් සිංහලට පරිවර්තනය කළ, ප්‍රවීණ ඉංග්‍රීසි භාෂා උපදේශකවරයකුව සිටි, නැසී ගිය අභය හේවාවසම් සූරීන් විසිනි.

#LankawaPruthuGreesiYugaya #PollEPeries #SinhalaPoth #SinhalaPariwarthana #Sri LankaweIthihasaya

 

ලංකාවේ පෘතුගීසි යුගය 2 කාණ්ඩය   

Author : ප්‍රේමචන්ද්‍ර අල්විස්

Ceylon The Portuguese Era (by Poll E. Peiris) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

First Edition 2018

ISBN 978-955-656-390-0

508 Pages

පෝල් ඊ. පීරිස් විද්වතාණන් විසින් CEYLON – the Portuguese Era යනුවෙන් ඉංග්‍රීසියෙන් රචිත ග්‍රන්ථයේ පළමුවැනි කාණ්ඩය කලකට පෙර අභය හේවාවසම් සූරීන් විසින් සිංහලයට නඟන ලදුව අප විසින් ප්‍රකාශයට පත් කරන ලදි. සම්මානලාභී පරිවර්තක ප්‍රේමචන්ද්‍ර අල්විස් සූරීන් විසින් සිංහලයට නඟන ලද එම ග්‍රන්ථයේ දෙවැනි කාණ්ඩය දැන් මෙසේ ඉදිරිපත් කරමු. 

වර්ෂ 1505 දී අප රටට කඩා වැදුණු පෘතුගීසීන් මීගමුවේ සිට ගාල්ල දක්වා මූදූබඩ ප්‍රදේශ කීපයක ඔවුන්ගේ ආධිපත්‍යය පිහිටුවා ගැනීමෙන් පසු එම ප්‍රදේශවල ගෙන ගිය අන්ත අමානුෂික දුෂ්ට පාලනය පිළිබඳ අතිශය ඛේද ජනක  කතාව මෙම කෘතියෙන් සවිස්තරව ඉදිරිපත් කැරෙයි. පෘතුගීසි පාලකයෝ ඇතැම් අවස්ථාවල කොතරම් කුරිරු වූවෝද යත්, සිංහල මවුවරුන් අතේ සිටි බිළිඳුන් පැහැර ගෙන ගල් රෝලවලට වීසි කොට “ තොපගේ පැටවුන් තලප වන හැටි බලා හිඳ ඉන් පසු තොප ද මැරියවු ” යනුවෙන් පවසමින් ඒ බිළිඳුන් හා මවුවරුන් ඝාතනය කළහ. පෘතුගීසීන්ගේ අන්ත අමානුෂිකත්වය පිළිබඳ තවත් එවැනි උදාහරණ කීපයක්ම මෙම කෘතියෙහි ඇතුළත්ය.

#LankawePruthugreesiYugaya2 #PremachandraAlvis #SinhalaPoth #SinhalaPariwarthana #SriLankaweIthihasaya

Weight 1.285 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පැරණි ලක්දිව”

Your email address will not be published. Required fields are marked *