, , ,

ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා ජේ.ආර්. යුගයේ නොපළ කතා

රු980.00

  • Author : ප්‍රදීප් ජයවර්ධන 
  • Publisher : Sooriya Publisher
  • First Edition  2020
  • ISBN 978-955-656-563-8
  • 178 Page

Out of stock

Author : ප්‍රදීප් ජයවර්ධන 

Publisher : Sooriya Publisher

First Edition  2020

ISBN 978-955-656-563-8

178 Page

ප්‍රදීප් ජයවර්ධන විසින් තමන්ගේ මතකයන් පිළිබඳ අදහස් එකතුවක් කෘතියක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීම ගැන මම ඉතාමත් සතුටට පත් වෙමි. මේ අදහස ප්‍රදීප් මා වෙත කිව්වේ පසුගිය පළාත් පාලන (2018) මැතිවරණය ආසන්නයේ දිනයකදී ය. ප්‍රදීප්ගේ මතකයන් යනු අපේ රටේ ඉතිහාසයේ ඉතාමත් ආන්දෝලනාත්මක යුගය ඓතිහාසික සටහන් යැයි මම එවලේම ඔහුට කිවෙමි. මේ කෘතිය හරහා ප්‍රදීප් සිදු කරන්නේ, විශේෂයෙන්ම එතුමන්ගේ සීයා වූ, දිවංගත ජයවර්ධන ජනාධිපත්තුමන්ගේ රාජ්‍ය පාලනය පසුපස කතාවේ කොටසක් ජනතාව හමුවේ තැබීම ය.

ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ දේශපාලන චරිතයෙන් අප ඉගෙන ගත යුත්තේ ගෞරවාන්විතව ස්වකීය දේශපාලනය ගොඩනසා ගන්නා ආකාරය පමණක් නොවේ. අභියෝග හමුවේ නොසැලී සිටින්නට දේශපාලන පන්නර⁣ය ලබා දුන් විශිෂ්ටයෙකු ලෙසින් එතුමන් ⁣පෙන්වන විශේෂත්වය ප්‍රදීප් ඇතුළු අපේ පරපුර ඉගෙන ගත යුතු පාඩමක් බව මගේ මතයයි. 

ජේ. ආර්. ගේ දේශපාලන ගමන් මෙන් මුල සිටම ස්වොත්සාහයෙන් නැගී සිටින්නට ප්‍රදීප් ජයවර්ධනට හැකි බව මගේ නිරීක්ෂණයයි. ඒ සඳහා ඔහු  ( ප්‍රදීප් ) පටන් ගත්තේම ජේ. ආර්. මෙන්ම කොළඹ නගර සභාවෙන් වීම ඉතාමත් වැදගත්ය. 

අපේ රටේ දේශපාලනයට ප්‍රදීප් ජයවර්ධන වැනි අවංක දේශප්‍රේමීන්ට විශාල ඉඩක් විවර වෙමින් ඇති බව පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව පෙනී ගිය කාරණයකි. මේ තත්ත්වය නිසිලෙස කිරා බලා ජාතික දේශපාලනයට අවතීර්ණ වන්නට ප්‍රදීප්ට හැකි වේවායි මාගේ අවංක ප්‍රාර්ථනයයි.

මේ කෘතිය මඟින් ඉදිරිපත් වන ජේ. ආර්. ජයවර්ධන චරිතයේ තිරෙන් පසුපස කථාව, අපේ රටේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සැවොම කියවිය යුතු බවට යෝජනා කරනු කැමැත්තෙමි.

මහාචාර්ය චරිත හේරත්

පාර්ලිමේන්තු මන්ත්‍රි,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.

#PrajathanthrawadayeEkadipathiya #PradeepJayawardana #SinhalaPoth #Deshapalanaya

Weight 0.529 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා ජේ.ආර්. යුගයේ නොපළ කතා”

Your email address will not be published. Required fields are marked *