Author : චන්දන විජේකෝන්
Publisher : Susara Publisher
First Edition 2019
ISBN : 978-955-33-1093-4
80 Pages
” මම සාමාන්‍ය ජින්නා මහත්මයා වශයෙන් ජීවත් වූයෙමි. මා මිය යන්නට අදහස් කරන්නේ ද සාමාන්‍ය ජින්නා මහත්මයා වශයෙනි. මොනයම් ම හෝ නිල නාමයකට හෝ ගෞරවාචාරයකට හෝ මම මහත් සේ විරුද්ධ වෙමි. මගේ නමට කිසිදු පදවි නාමයක් නොමැත්තේ නම් මම ඉමහත් සේ සතුටු වෙමි ” යැයි මොහොමඩ් අලි ජින්නා මහතා වරක් ප්‍රකාශ කළේය. එහෙත් ඉතිහාසය ඔහුගේ එම ප්‍රකාශයට එකඟ නොවීය. පකිස්ථානයේ ඉතිහාස කතාව ලියද්දී ඔහු නිකම් ම නිකම් ජින්නා නොවන්නේය. පකිස්ථාන ජනතාව හා රජය ඔහු හඳුන්වනු ලබන්නේ ‘ ශ්‍රේෂ්ඨ නායකයා ‘ හෙවත් Quaid – i – Azam නාමයෙනි.
අද පකිස්ථානය කෝටි 19.1 ක ජනගහනයකින් යුක්ත, වර්ග කිලෝ මීටර 803,940 ක් හෙවත් වර්ග සැතපුම් 310,403 ක් විශාල එමෙන්ම ලෝකයේ රටවල් අතර භූමි විශාලත්වයෙන් 36 වැනි තැන දරන පෙඩරල් පාර්ලිමේන්තු ජනරජයකි.
#PakistanNirmathruAliJinna #ChandanaWijekoon #SinhalaPoth #Charithapadana
Reviews
There are no reviews yet.