,

නොමැකෙන අප්‍රිකානු මතකයන්

රු780.00

  • Author – නිමල් බණ්ඩාර
  • Publisher – Sooriya Publishers
  • First Edition 2022
  • ISBN 978-624-5638-38-3
  • 244 Pages

Availability: 3 in stock

Author – නිමල් බණ්ඩාර

Publisher – Sooriya Publishers

First Edition 2022

ISBN 978-624-5638-38-3

244 Pages

 

නිමල් බණ්ඩාර මහතා, ශ්‍රී ලංකා විදේශ සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකි. ඔහු විදේශ සේවයට පැමිණීමට පෙර ටැන්සානියාවේ සේවය කරන ලද කාලය හා ඉන් අනතුරුව අප්‍රිකානු මහාද්වීපයේ සිදුවන කාලානුරූප වෙනස්කම් පිළිබඳව මනස්කාන්ත සටහන් රැසක් පරිච්ඡේද නවයකට කැටිකොට ඉතා විචිත්‍ර ලෙස මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කොට තිබේ.

ඔහුගේ දින සටහන් ඇසුරෙන් ගොඩනැගෙන ස්වකිය අත්දැකීම් මෙන්ම අප්‍රිකාවේ ඉතිහාසය, එහි සොදුරු වනතීරය, වන සතුන්ගේ චර්යා රටා, එහි ජීවත්වන විවිධාකාරයේ ගෝත්‍රික ජනතාව, ඔවුන්ගේ ගති සිරිත්, කිලිමන්ජාරෝ කන්ද, වික්ටෝරියා විල, දේශීය ආහාර රටා, ටැන්සානියානු ගොවි දිනය, ආදිය පිළිබඳව ඔහු තබා ඇති සටහන් අතිශයින්ම වමත්කාරජනක ය.

ශ්‍රී ලංකාව හා අප්‍රිකානු රටවල් අතර ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතා, අප්‍රිකානු සංගමය, අප්‍රිකානු පාර්ලිමේන්තුව අප්‍රිකාවේ නම රැන්දු නායකයන්, නොබෙල් ත්‍යාගලාභීන්, රාජ්‍යය නායිකාවන්, මෙන්ම අප්‍රිකාව තුළ සිදුකරන චීන හා ඉන්දියානු ආයෝජනයන් පිළිබඳව මනාවූ සටහන් ගණනාවකින් තුළින් බොහෝ වැදගත් තොරතුරු අනාවරණය කෙරේ.

“නොමැකෙන අප්‍රිකානු මතකයන්” කෘතිය තුළින්, අප්‍රිකාව පිළිබඳව නොදන්නා බොහෝ හරවත් රසවත් මෙන්ම වැදගත් තොරතුරු රැසක් එකම ග්‍රන්ථයක් තුළින් සම්පිණ්ඩනය කිරීමෙන් අපේ තරුණ පරපුරට අප්‍රිකාව පිළිබඳව ග්‍රන්ථ සිය ගණනක් කියවා ලබාගත හැකි දැනුම මෙම කෘතිය පරිශීලනය තුළින් ලබාගත හැක. මෙම ග්‍රන්ථය අප්‍රිකාව පිළිබඳව සිංහල භාෂාවෙන් ලියු හොඳම කෘතිය බව මට හැගේ.

-ආචාර්ය සුනිල් ගෝවින්නගේ

 

#NomekenaAprikanuMathakayan #NimalBandara #SinhalaPoth #OnlineBooks

Weight 0.282 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නොමැකෙන අප්‍රිකානු මතකයන්”

Your email address will not be published. Required fields are marked *