, ,

නුවරට යනකං රීලෝඩ් ( කෙටි කතා එකතුවකි )

රු350.00

  • Author : රූපා ශ්‍රියානි ඒකනායක 
  • Publisher : Soorya Publisher 
  • First Edition 2018
  • ISBN 978-955-656-517-1
  • 156 Pages

Availability: 2 in stock

Author : රූපා ශ්‍රියානි ඒකනායක 

Publisher : Soorya Publisher 

First Edition 2018

ISBN 978-955-656-517-1

156 Pages

“ අපි සියලු දෙනා ගොගොල් ගේ හිම කබායෙන් එළියට ආවෙමු ” යැයි රුසියානු ලේඛක දොස්තයෙව්ස්කි වරක් කීවේ ය. අපේ පරපුර නියෝජනය කරන බොහෝ ලේඛකයන් ද, සහෘදයන් ද, සාහිත්‍ය රසය යනු කුමක් දැයි හඳුනන රසවතුන් ද, තම රස විඥනය පෝෂණය කර ගත්තේ ද ගොගොල් ගේ හිම කබාය ඇතුළු තවත් බොහෝ රුසියන් කෙටි කතා කියැවීමෙනි. ඒ අපූර්ව වූත්, ප්‍රතිභාපූර්ණ වූත් ලියැවිලිවලින් අප හදවත් තුළ ජනිත වූ සාහිතය රස උල්පත මහා ගංගාවක් බවට පරිවර්තනය කළෝ කෙටි කතාව නමැති කලාංගය බැති බරින් අප වෙත රැගෙන ආ අපේ ම ලාංකීය ලේඛකයෝ ය. ඒ අසහාය සාහිත්‍යකරුවන්ගෙන් පෝෂණ ලැබූ අප ද ඔවුන් උපහාරයක් වශයෙන් කෙටි කතාව නමැති සාහිත්‍යාංගය වත්මන් පාඨක ප්‍රජාව අතර ජනප්‍රය කිරීමට වෙහෙසින් උත්සහ කළ යුතු ය. 

මෙය රූපා ශ්‍රියානි ඒකනායක ගේ දෙවැනි කෙටිකතා සංග්‍රහයයි. වත්මන් සිංහල නවකතාකරුවන් අතර සුවිශේෂි ස්ථානයක් හිමි කරගෙන සිටින ඇය පාඨක හා විචාරක ප්‍රසාදය දිනාගෙන ඇති සම්මානනීය ලේඛිකාවකි. සමකාලීන සමාජයේ විවිධ සිද්ධීන් වරෙක සියුමු උපහාසයටත්, තවත් වරෙක අසීමිත දයානුකම්පාවටත් බඳුන් කෙරෙමින් විරචිත මෙහි එන කෙටි කතා ද පාඨක මනසේ මහත් ආනන්දයක් ජනිත කිරිමට සමත් වනු නොඅනුමානය.

#NuwarataYanakanReaload #RupaSriyaniEkanayake #SinhalaPoth #SinhalaKetikatha

WhatsApp us