, ,

නිහඩ නොවූ සාක්ෂි 2

රු350.00

  • Author: වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර
  • Publisher: Dayawansha Jayakody & Company
  • Third Batch 2020
  • ISBN 978-955-686-298-0
  • 176 Pages

Out of stock

Author: වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර

Publisher: Dayawansha Jayakody & Company

Third Batch 2020

ISBN 978-955-686-298-0

176 Pages

මෙම පොතේ කතුවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිය ලබා පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත් ලැබීය. හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකි.

අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ නීතිය පිළිබඳව අදාල පර්යේෂණ කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ස්විට්සර්ලන්තය, මලයාසියාව සහ සිංගප්පූරුව ආදී රටවල් සමූහයක සංචාරය කර ඇති ඔහු, අන්තර් ජාතික සමුළු ගණනාවකදී අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ නීතිය පිළිබඳව දේශන පවත්වා ඇත. ඔහු විසින් වර්ෂ 2007 දී ඉදිරිපත් කරන ලද නව කල්පිතයක් මේ වන විට ඇමෙරිකානු අධිකරණ විද්‍යා ඇකඩමිය සහ අන්තර් ජාතික අධිකරණ විද්‍යා සංගමය මඟින් පිළිගෙන ඇත.

2007 වසරේ අන්තර් ජාතික ඉන්දු පැසිෆික් අධිකරණ වෛද්‍ය විද්‍යා සහ නීති සමුළුවේදී ඔහු කළ ඉදිරිපත් කිරීම එම සමුළුවේ වෛද්‍ය විද්‍යා අංශයේ හොඳම ඉදිරිපත් කිරීම ලෙසට සම්මාන ලැබීය.

නීතිය සහ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සහ දේශීය සඟරා ගණනාවකටම පර්යේෂණ ලිපි සපයා ඇති ඔහු ලංකාදීප, දිනමිණ සහ ඩේලි නිවුස් පුවත්පත්වල විශේෂාංග ලේඛකයකු ද වෙයි. මලයාසියාවේ ක්වාලාලම්පූර් හි පිහිටි මලයා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීම් ලබා ඇති ඔහු දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා ලෙසත්, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා ලෙසත් කටයුතු කරයි.

#NihandaNowuSakshi2 #SarathchandraKodikara #Sinhalapoth #AparadhaVidyaPoth

Weight 0.221 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිහඩ නොවූ සාක්ෂි 2”

Your email address will not be published. Required fields are marked *