, , ,

නිධාන කැලේ අභිරහස

රු450.00

  • Author: දිනේෂ් ගුණතිලක සමරවික්‍රම
  • Publisher: Dayawansa Jayakody & Company
  • ISBN 978-955-551-607-5
  • 230 pages
  • Note: 2009 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ යොවුන් නවකතාව
  • අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් පුස්තකාල සදහා නිර්දේශිත ග්‍රන්තයකි.

Out of stock

Author: දිනේෂ් ගුණතිලක සමරවික්‍රම

Publisher: Dayawansa Jayakody & Company

ISBN 978-955-551-607-5

230 pages

Note: 2009 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ යොවුන් නවකතාව

අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් පුස්තකාල සදහා නිර්දේශිත ග්‍රන්තයකි.

මීට ශත වර්ෂයකට පමණ ඉහත පිටිසර ගම්මානයක් පසුබිම් කර ගෙන ඇති මෙම කතා වස්තුවේ, ළමුන් හතර දෙනෙකුගේ වීරක්‍රියාවක් වර්ණනා කෙරේ. ගමට ම මහත් තර්ජනයක් වූ, ගමම භීතියෙන් වෙළා ගත් අභිරහසක්, මෙම කුඩා ළමුන් හතර දෙනාගේ දක්ෂකම හා වීරකම නිසා සොයා ගෙන, වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කර ගන්නා අයුරු මෙහි විදහා දැක් වේ. මෙහි ප්‍රධාන චරිතය හොබවන පුංචි මහත්තයා, ගමේ ප්‍රභූ පෙළපතකින් පැවතෙන ඉතාමත් ඥාන සම්පන්න නිහතමානී අයෙකි. කරුණු වහා අවබෝධ කර ගැනීමේ ඔහු තුළ වූ සියුම් නුවණින්, නිවැරදි නිගමනවලට එලඹෙමින්, මෙම අභිරහස සොයා ගැනීමෙහි ලා ඔහු තම මිතුරන්ට නායකත්වය දෙන අයුරු ඉතාමත් කදිමය. මෙම කතා වස්තුවට පසුබිම් වූ ගම් ප්‍රෙද්ශයේ ඇති ඇළ, දොළ, ගංඟා, වගුරු බිම් ආදියේ සුන්දරත්වය  ද , ගොවිතැන හා බැඳුන ගැමියන්ගේ ජීවන රටාව හා ඔවුන්ගේ සිතුම් පැතුම්, කතා බහ, ඇදහීම් විශ්වාස ආදිය කෙරෙහි ද යම් තරමට එබී බැලීමට කර්තෘ වෑයම් කර ඇත. රහස් පරීක්ෂක කෘතියක ලක්ෂණ ඉස්මතු වන මෙම නවකතාවේ, අධිකරණ වෛද්‍ය විද්‍යාවේ එන විෂයය කරුණු හා න්‍යායන් ද ඇතැම් තැන්හි යොදා ඇත. ඒවා ගැමියන්ගේ මති මතාන්තර, සිතුම් පැතුම්, ඇදහීම් විශ්වාස, තුළින් පිටිසරබද කතාවට උචිත අයුරින් යෙදීමට කතුවර වෛද්‍ය දිනේෂ් ගුණතිලක සමරවික්‍රම සමත් වී ඇත.

#NidanaKeleAbirahasa #DineshGunathilakaSamarawickrama #ForKids #ReadingForKids #SinhalReadingForKids

Weight 0.260 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිධාන කැලේ අභිරහස”

Your email address will not be published. Required fields are marked *