,

නැගෙනහිර ආසියානු මහායාන බුදු සමය(බෞද්ධ චින්තනය 2)

රු2,350.00

  • Author – මැදවච්චියේ ධම්ම‌ජෝති හිමි
  • Publisher – Sarasavi Publishers
  • First Edition 2022
  • ISBN 978-955-31-2623-8
  • 360 Pages

Out of stock

Author – මැදවච්චියේ ධම්ම‌ජෝති හිමි

Publisher – Sarasavi Publishers

First Edition 2022

ISBN 978-955-31-2623-8

360 Pages

 

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමියන් විසින් විරචිත නැගෙනහිර ආසියාවේ බෞද්ධ චින්තනයට අදාළ මෙම නිබන්ධය කරුණු කිහිපයක් නිසා අගය කළ යුතුය. පළමුව මෙහි කතුවරයා බෞද්ධ අධ්‍යයන විෂය පිළිබඳ ප්‍රවිණයෙක් වීම ය. මෙම කෘතියේ දී උන්වහන්සේ විෂය ක්ෂේත්‍රයට අදාළ ප්‍රාථමික සහ ද්වීතීයික මූලාශ්‍රය මැනවින් අධ්‍යයනය කොට තිබීම වැදගත්ය. දෙවනුව නැගෙනහිර ආසියාවේ බෞද්ධ චින්තනය පිළිබඳ සිංහල භාෂාවෙන් ලියැවුණු ග්‍රන්ථ අතිශයින් විරල අවස්ථාවක ආධුනික මෙන් ම ප්‍රවිණයන්ට ද කරුණු සම්බන්ධ මා හැගි ග්‍රන්ථයක් මෙමගින් ඉදිරිපත් කොට තිබීම ය. තෙවනුව විශ්වවිද්‍යාලයන්හි නිර්දේශ කොට ඇති මෙම විෂය පහසුවෙන් හැදැරිය හැකි අත්පොතක් මෙමගින් බිහි කොට තිබිමය. මධ්‍ය ආසියාව, කොරියාව, ජපානය වැනි රටවල ප්‍රචලිත බුදුසමයේ ඉතිහාසය, සාහිත්‍යය, අද්‍යතන ක්‍රියාකාරිත්වය සහ පුරාවිද්‍යාත්මක සාධක යන මේ සියල්ල පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලබා දෙන මෙම ග්‍රන්ථය බුදුදහම ලෝකයේ ව්‍යාප්තව පැවති සහ පවතින ආකාරය මැනවින් විග්‍රහ කොට ඇත.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමියන් නුතන ග්‍රන්ථ සම්පාදන සහ පර්යේෂණ ක්‍රමවේද අනුගමනය කරමින් රචිත මෙම ග්‍රන්ථය යෝජිත විෂය පිළිබඳ මෙතෙක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කොට ඇති විස්තාරිත වූත් ප්‍රශස්ත වූත් ප්‍රදානය හැටියට හැඳින්වීමට මම කැමැත්තෙමි. බෞද්ධ චින්තනය සහ සංස්කෘතියේ නව පරිමාණ සොයන අයට මෙම ග්‍රන්ථය පූර්වාදර්ශයක් වනු නොවනුමානය.

සම්මානිත මහාචාර්ය ඔලිවර් අබේනායක

 

#NeganahiraAasiyanuMahayanaBuduSamaya #MedavachchiyeDhammajothiHimi #SinhalaPoth #OnlineBooks

Weight 0.546 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නැගෙනහිර ආසියානු මහායාන බුදු සමය(බෞද්ධ චින්තනය 2)”

Your email address will not be published. Required fields are marked *