Author : කාංචනා ඔ්විටිගල
Publisher : Sarasavi Publisher
First Edition 2018
ISBN 978-955-31-1279-8
108 Pages
“ ඒතකොට මම කුකුළයි, ගොක් කොළ ටිකයි ගේන්නම්.” තව අයෙක් හෙමින් කීය.
ගිහාන්ගේත්, තාරකගේත් හදවත ‘ ඩිග් ’ ‘ ඩිග් ’ ගාන්නට විය. ඔවුන් දෙදෙනා හුස්ම ගත්තේ පවා හෙමිනි. බිත්තිය අතරට වී බිම ඉඳගෙන ටික වේලාවක් සිටි නිසා ගිහාන්ගේත්, තාරකාගේත් කකුල් හිරි වැටී ඇත. නැගිට්ටොත් කකුගේ ඇට කැඩෙන හඬ ඔවුනට ඇසීමට හැකිය. තවත් ඉවසා සිටිය නොහැක. තාරක එක වරම නැගිට්ටේය. ඔවුන්ගේ කතාව මඳකට නතර විය.
“ කවුරු හරි මේ පැත්තට එනවා වගේ ” යයි එක් අයෙක් කීය.
“ එහෙනම් හෙට නෙවෙයි. අනිද්දා රෑ එකොළහ හමාරට විහාරයට නගින තැන ගංසූරිය ගහ ළඟ දී හමු වෙමු ” යයි තව අයෙක් කීය.
#NamalKandeWickramaya #KanchanaOwitigala #SinhalaPoth #LamaintaKiyaweemata
Reviews
There are no reviews yet.