,

දුටිමි නෙතින් කසුප් නිරින්ද්

රු650.00

  • Author – රූපා ශ්‍රියානි ඒකනායක
  • Publisher – sooriya Publishers
  • Fourth Edition 2021
  • ISBN 978-955-656-118-0
  • 344 Pages

Out of stock

Author – රූපා ශ්‍රියානි ඒකනායක

Publisher – sooriya Publishers

Fourth Edition 2021

ISBN 978-955-656-118-0

344 Pages

 

සීගිරිය, මහා කාශ්‍යපයන් ගේ සෞන්දර්යකාමී චින්තනය හා පුද්ගල වින්දනය ප්‍රකට කරන දර්පණ තලයයි. හෙළ සංස්කෘතික ස්මෘතිය කෙරෙහි තවමත් ආනුභාව පාන්නේ කාශ්‍යප විසින් ඉස්මතු කළ මේ චින්තන රටාව ම බව හොඳින් පැහැදිලි ය. සිංහල වංශ කතාකරුවන් විසින් ඉතා ඛේදනීය ලෙස අමතක කර දමා ඇත්තේ ද කාශ්‍යපයන් ගේ මේ විප්ලවීය අදහස් ය. ඔවුන් විසින් ඉස්මතු කර පෙන්වන්නට තැත් කර ඇත්තේ පීතෘ ඝාතකයෙකු ලෙස ඔවුන් විසින් ම හැදින්වූ කාශ්‍යපයන් ගේ රළු පරළු චරිතයයි.

රූපා ශ්‍රියානි ඒකනායක ගේ දුටිමි නෙතින් කසුප් නිරින්දී නවකතාව එවන් විද්වතුන් අතින් ගිලිහී ගිය මහ කසුප් රජුගේ මහා දාර්ශනික චින්තාවෙන් නො මඳ ආස්වාදයක් ලබමින් විරචිත ය. නවකතාව ලිවීමේ දී කතුවරිය විසින් උපයෝගී කර ගෙන ඇති රසාලිප්ත අදහස් කාශ්‍යප චින්තනය ගැන අද්‍යතන සාහිත්‍යකරුවන් ගේ විචාරක්ෂිය ඉඳුරා ම යොමු කරවන්නකි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක ලෙස සේවයේ නියුතු ව සිටි රූපා ශ්‍රියානි ඒකනායක වත්මන් සිංහල නවකතාකරුවන් අතර සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටින සම්මානනීය ලේඛිකාවකි. මෙසේ නව මුද්‍රණයක් ලෙස පාඨකයා අතට පත්වන ඇය ගේ දුටිමි නෙතින් කසුප් නිරින්දී කෘතියට 2010 වසරේ හොඳම නවකතාවට හිමි ගොඩගේ සාහිත්‍ය සම සම්මානය පිරිනැමිණි. මීට පෙර ඇය අතින් ලියැවුණු තරු බඹසර 2007 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය සඳහා අවසන් වටයට නිර්දේශ වූ අතර, සිටුවර පුවත 2012 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබී ය. 2018 වසරේ ප්‍රශස්ත නවකතාව ලෙස සෝඛන මාලිගා සමස්ත ලංකා බෞද්ධ සම්මේලන සාහිත්‍ය සම්මානයට ද, එම නවකතාව හා නුවරට යනකං රීලෝඩ් කෙටි කතා සංග්‍රහය රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසන් වටයට ද නිර්දේශ විය.

 

#DutimiNethinKasupNirind #RoopaSriyaniEkanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.408 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දුටිමි නෙතින් කසුප් නිරින්ද්”

Your email address will not be published. Required fields are marked *