Sale!
, , , , ,

ඩෑන් බ්‍රවුන් (DAN BROWN) පරිවර්තන එකතුව…

රු5,890.00

  • ඩ වින්චි කේතය + නිරය + සම්භවය + සැඟවුණු සංකේතය+ භූතාවේෂය
  • සාමාන්‍ය මිල – රු. 6200/=
  • අපේ මිල – රු. 5890/=

Out of stock

ඩ වින්චි කේතය + නිරය + සම්භවය + සැඟවුණු සංකේතය+ භූතාවේෂය

සාමාන්‍ය මිල – රු. 6200/=

අපේ මිල – රු. 5890/=

 

ඩ වින්චි කේතය

Author: කුමාර සිරිවර්ධන

The Da Vinci CODE (by Dan Brown) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Ashirwadha Publisher

ISBN 978-955-697-241-2

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමවූ සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.

පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සො‌ෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ ඇමරිකානූ මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි.අනාවරණය වන ‌ඵෙතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

#DavinchiKethaya #KumaraSiriwardana #DanBrown #ParivarthanaPoth #ParivarthanaNawakatha

 

නිරය

Author: කුමාර සිරිවර්ධන

Inferno (by Dan Brown) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Ashirwadha Publisher

ISBN 978-955-697-254-2

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්ත වර්ණයෙන් ගලා යන නදියක අනෙක් ඉවුරේ මළ සිරුරු දහස් ගණනක් මැද සිටගෙන සිටින රිදී පැහැ හිසකේ සහිත කාන්තාව ඔහුට පවසන්නේ ‘ සොයන්න. සම්බවේවි. ’  කියාය.

අවදි වන රොබට් ලැන්ග්ඩන් හට ගත වූ දින දෙකක මතකය අහිමිව තිබේ. හිසේ වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයකි. කළු ඇඳගත් ඝාතක කාන්තාවක සහ කළු නිල ඇඳුමෙන් සැරසුණු සෙබළු ඔහු පසුපස ලුහුබැඳීම අරඹති.

තරුණ වෛද්‍යවරියක වූ සියෙනා බෲක්ස් ඔහුගේ සහයට පැමිණෙන අතර මාරක වසංගතයකින් ලෝකය ගලවා ගැනීමේ අභියෝගය ඔහු ඉදිරියේ වෙයි.

අභියෝගය ජය ගන්නට නම් ඔහු සියවස් හතකට පමණ පෙර ඉතාලියේ විසූ කවියා දාන්තේ අලිගියරි සමඟ ‘නිරය’ හරහා යා යුතු වෙයි.

#Niraya #KumaraSiriwardana #DanBrown #ParivarthanaPoth #ParivarthanaNawakatha

 

සම්භවය

Author: කුමාර සිරිවර්ධන

Origin (by Dan Brown) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Ashirwadha Publisher

ISBN 978-955-697-278-8

අප පැමිණියේ කොතැනක සිට ද?

අප යන්නේ කොතැනකට ද?

ආදියේ පටන් මානවයා නැඟූ ප්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඩ්මන්ඩ් කියර්ෂ් ය.

ඒවාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි.

මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැජින අම්බ්‍රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය.

කියර්ෂ් නිහඬ කළ අයට ඒ දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?

 

#Sambavaya #KumaraSiriwardana #DanBrown #ParivarthanaPoth #ParivarthanaNawakatha

 

සැඟවුණු සංකේතය

Author: කුමාර සිරිවර්ධන

The Lost Symbol (by Dan Brown) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Ashirwadha Publishers

ISBN 978-955-697-309-9

සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලු දෙන මියගියහ.

එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තිබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද? එක මෙක වචනයක් පමණක්ද?

අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්‍රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.

 

#SagaunuSankethaya #KumaraSiriwardana #DanBrown #ParivarthanaPoth #ParivarthanaNawakatha

 

භූතාවේෂය

Author: කුමාර සිරිවර්ධන

Angels & Demons (by Dan Brown) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Ashirwadha Publisher

ISBN 978-955-697-328-0

අමුතු ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමුවුයේ ස්විස්ටර්ලන්තයේදීය.

ඊට සැතපුම් සිය ගණනක් ඈත රෝමයේ වතිකානු නගරයේ ලොව දස දෙසින් ආ කාදිනල්වරුන් රැස්ව සිටියේ නව ශුද්ධෝත්තම පියතුමකු තෝරා පත් ගන්නටය. ඔවුන් නොදැන සිටියේ ඔවුන්ගේ පාදයන්ට යටින් තැනෙක වතිකානුව පොළොවටම සමතලා කර දමන්නට සමත් නව තාක්ෂණික කාල බෝම්බයක් ඇති බවය. මධ්‍යම රැය එළඹෙන නිමේෂයේ එය පුපුරා යනු ඇත.

ඉතිරිව තිබූ සීමිත පැය ගණන ඇතුළත, හුදෙකලා සිදුවිම් ලෙස පෙනෙන මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධතාව මෙන්ම තවත් සංකේතාත්මක හංවඩු හතරක් ද, සොයමින් මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් යා යුතු වූයේ ඉලුමිනාටි ප්‍රදීපනයේ මාවත ඔස්සේය.

අවරෝහණ කාල ගණනය ඇරඹී තිබිණි. ඔර්ලෝසුව නවතන්නට ලැන්ග්ඩන්ට හැකිවේවිද?

#Boothaveshaya #KumaraSiriwardana #DanBrown #ParivarthanaPoth #ParivarthanaNawakatha

Weight 4.140 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඩෑන් බ්‍රවුන් (DAN BROWN) පරිවර්තන එකතුව…”

Your email address will not be published. Required fields are marked *