Author : ජී. ඩබ්ලිව්. නන්දිසේන
Publisher : Sunera Publishers
First Edition 2021
ISBN 978-955-3750-31-0
128 Pages
මිනිසා මිනිසා ගැන දැන සිටි ප්රමාණය කොතෙක් අල්පද යන්න මිනිසාටම හැඟුනේ චාල්ස් ඩාවින් සිය “පරිමාණ වාදය” ඔහුට කියා දුන් කල්හිය . එතෙක් මිනිසා සිතුවේ තමාම උත්තරීතර බවය . එහෙත් අවුරුදු කෝටි ගණනක් මුළුල්ලේ විකාශනය වීමෙන් අද තත්ත්වයට පැමිණීමට පෙර මිනිසාද තිරිසන් සතෙක් වීයැයි ඩාවින් හේතු ඇතිව පෙන්වා දුන්විට මිනිසා ගොළු විය.
සිග්මන්ඩ් ෆ්රොයිඩ් මනෝ විශ්ලේෂණය සොයා ගන්නා තුරු මිනිසා හැසුරුණේ තමා තරම් අහිංසකයකු ලොව නැතැයි කියාපාන්නාක් මෙනි . එහෙත් මිනිස් සිත හාරා අවුස්සා උඩු යටි කුරු කොට පෙරළා බැලූ ෆ්රොයිඩ් එහි සැඟවී තිබුණු අභිරහස් රාශියක් එළිදරව් කිරීම නිසා මිනිසා සෑහෙන දුර මෙල්ල වූයේය.
ලෝකයේ යථාර්ථය අප හිතන දෙය නම් එහි යථාර්ථය අප නොහිතන දෙයද විය හැකි බව මිනිසාට පෙන්වා දෙමින් ඩාවින් හා ෆ්රොයිඩ් කළ කටයුත්තේ ඉතිරිව තිබුණු ගාම්භීරම කොටස ඉෂ්ට කෙළේ ඇල්බට් අයින්ස්ටයින් ය. ඔහුගේ “සාපේක්ෂතාවය ” මගින් මුළු ලෝක ධාතුවම එකට එක් කරන්නේ වෙන්කළ නොහැකි පරිද්දෙනි.
1850 – 1960 සියවස හැළියක් නම් ඩාවින් , ෆ්රොයිඩ් හා අයින්ස්ටයින් ඒ හැළිය දරා සිටින ළිප් ගල් තුන වැන්න. එම කාල පරිච්ඡේදය තුළ මිනිස් චින්තනය වෙනස් මගකට යොමු කිරීමට මුල් වූ මහා ප්රාඥයන් අතුරින් ප්රධානම තුන් දෙනා මොවුන් වීම ඊට හේතුවයි . මේ සරල බසින් , සැකෙවින් ලියැවුණු ඔවුන්ගේ චරිත කතා යි.
#DavinFrovid&Aistain #GWNandisena #SinhalaBook #OnlineBooks
Reviews
There are no reviews yet.