Sale!
,

ජීවිතේ දිනන අයට

රු3,325.00

  • පියෙන් පියවර නැගෙන් මුදුනට + නොගන් ගිරිහිස නෙතින් ඉවතට + දිදුලන මනස + ජීවිතයට පාඩම් සියයක් + ජය ගතිමි ජීවිතය + ඒ අපූරු මග
  • සාමාන්‍ය මිල – රු.3500/=
  • අපේ මිල – රු. 3325/=

Out of stock

 

පියෙන් පියවර නැගෙන් මුදුනට + නොගන් ගිරිහිස නෙතින් ඉවතට + දිදුලන මනස + ජීවිතයට පාඩම් සියයක් + ජය ගතිමි ජීවිතය + ඒ අපූරු මග

සාමාන්‍ය මිල – රු.3500/=

අපේ මිල – රු. 3325/=

 

පියෙන් පියවර නැගෙන් මුදුනට 

Author : දිලීප ජයකොඩි 

THE GREATNESS GUIDE – 2 ( by ROBIN SHARMA’S)  මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Fast Publishing (Pvt) Ltd 

First Edition 2016

ISBN 978-955-677-568-6

219 Pages

මේ The Greatness Guide ( සිංහල පරිවර්තනය: නොගන් ගිරි හිස නෙතින් ඉවතට ) පොතේ දෙවන පියවරයි, රොබින් ෂර්මා මෙහිදීත් සිය අපූර්ව අන්තර්ඥානයන් හා ලොව විශිෂ්ටත්වයට, සාර්ථකත්වයට පත්කරලීමේ ක්‍රමවේදයන් ඔබ හා බෙදා හදා ගනියි. ජීවිතය ජය ගැනීමට, එය සාර්ථක කරගැනීමට මේ සිතුවිලි සහ උපක්‍රම ඔබට බෙහෙවින් උපකාරි වනු ඇත.

වැඩ කිරීමේදී සහ පුද්ගලික දිවියේදී ලෝක මට්ටමට ළඟා වීමට 

මන බඳනා සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමේ හොඳම මග හදා ගැනීමට

අසාමාන්‍යයකුවීමට අවැසි ආවේගය, ආශාව, උද්‍යෝගය මතුකර ගැනීමට

දිවියේ සතුට සොයා යාමට හා වඩාත් විනෝදකාමීව ජීවිතය ගෙවීමට

ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව සහ නිහතමානීව මුහුණ දීමට

ඔබේ පුද්ගලික දිවිය මෙන්ම වෘත්තියමය දිවිය වඩාත් සරල කර ගැනීමට

මෙයින් ඔබට අසාමාන්‍ය උපදෙස් රැසක් ලැබෙනු ඇති. එළඹී ඇත්තේ ඔබේ වාරයයි. ඉහළ මිනිස් දිවියක් හිමිකර ගැනීමට ඔබටත් පුළුවන්. අවැසිවන්නේ එයට නිසි මඟ පෙන්වීමක් සහ නොසිඳෙන දිරියයි.

මේ, එය ලබාදෙන, එය මතුකරලන තිළිණයක්.  

#PiyenPiyawaraNegenMundunata #DileepaJayakody #Sinhalapoth #SinhalaPariwarthana #DanathmakaChinthanaGrantha

 

නොගන් ගිරිහිස නෙතින් ඉවතට 

The Greatness Guiide (Robin Sherma) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Author: දිලීප ජයකොඩි 

Publisher: Fast Publishing (pvt) Ltd  

First Edition 2015  

ISBN 978-955-677-424-5

279 Pages

මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබින් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය , ලොව පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියයකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග්‍රාහී ඉලක්කයක් කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල්වනු ඇත.

රොබින් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව විශේෂඥයින්ගෙන් කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීර්තිමත් ආයතනවලට සේවා උපක්‍රම සහ ධනාත්මක ක්‍රමවේදයන් පිළිබඳව උපදෙස් දෙමින් සහයවන්නෙකි. ඔහුගේ කෘති භාෂා 70 කට වැඩියෙන් පරිවර්තනය කර ඇති අතර එහි පිටපත් මිලියන ගණනක් විකිණී ඇත. ජනප්‍රිය රොක් ගායකයින්, රාජකීයයන්, ව්‍යවසායකයින් අතර ඔහු ඉතාමත් ජනප්‍රියය.

#NoganGirihisaNethinIvathathta #DileepaJayakody #SinhalaPoth #SinhalaPariwarthana #DanathmakaChinthanaGrantha

 

දිදුලන මනස

Author : ජයන්ත රුබේරු 

IGNITED MINDS (by A.P.J. Abdul Kalam) යන කෘතියේ පරිවර්තනයකි. 

Publisher :ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් 

Edit : First Edition 2017

ISBN :978-955-677-678-2 

Pages : 174

 

දිදුලන මනස දිවංගත ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් තුමන් විසින් විශේෂයෙන් ම තරුණ පරපුරේ අධ්‍යාත්ම හා පෞරුෂ වර්ධනය අරමුණු කොට ගෙන රචිත “IGNITED MINDS” නමැති සාරවත් කෘතියේ සිංහල පරිවර්තනයයි. 

මෙම කෘතියේ පරිවර්තක ජයන්ත රුබේරු මහතා හැට හැත්තෑව දශකවල සහ ඉන් පසුවත් බෙහෙවින් ජනප්‍රසාදය දිනා තිබූ “සෝවියට් දේශය”  සඟරාවේ සහකාර සංස්කාරවරයකු වශයෙන් වෘත්තීය සිය ජීවිතය ආරම්භ කොට අනතුරු ව එම සඟරාවේ ප්‍රධාන සංස්කාරක වශයෙන් ද , 70 දශකයේ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ විචාරශීලි සඟරාවක් වූ “ජගත්” සඟරාවේ සහාය සංස්කාරක වශයෙන් ද දශක දෙකකට ආසන්න කාලයක් පුරා පරිවර්තන කලාවේ පළපුරුදුකම් හා අත්දැකීම් සම්භාරයක් ලබා සිටින මාධ්‍යවේදියකු වනවා පමණක් නොව පසුකාලීන ව අමාත්‍යාංශ ගණනාවක මාධ්‍ය ලේකම්වරයෙකු , සම්බන්ධීකරණ ලේකම්වරයකු මෙන් ම පෞද්ගලික ලේකම්වරයකු ද වශයෙන් රාජකාරිවල නිරත ව පොදු ජන හදගැස්ම හඳුනාගත් ජනහිතකාමියකු ලෙස ද හඳුන්වාදීම යුක්ති යුක්ත ය .

“දිදුලන මනස” පරිවර්තන කෘතිය මඟින් ජයරත්න රුබේරු මහතා සිංහල පාඨක සමාජය වෙත ඉදිරිපත් කර ඇති මෙම අපූර්වතම උපදේශනාත්මක ග්‍රන්ථය විශේෂයෙන් ම ශ්‍රී ලාංකික තරුණ පරපුර විසින් වැළඳ ගනු ඇතැයි විශ්වාස කරන අතර ඉදිරියේදීත් මෙවන් ප්‍රායෝගික කෘති තව තවත් සිංහල පාඨක ජනතාව වෙත පිළිගැන්වීමට හේතු වාසනා ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

–  කේ.ආරියතුංග – 

ප්‍රවෘත්ති කර්තෘ 

ජනාධිපති මාධ්‍ය අංශය  

#DidulanaManasa #JayanthaRuberu #SinhalaPoth

 

ජීවිතයට පාඩම් සියය

Author : උපාලි රත්නායක 

Life Lessons (by Robin Sharma)  කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Susara Publisher 

First Edition 2017

ISBN 978-955-330- 380-6

 224 Pages

 

ජීවිතයට පාඩම් සියයක් පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය ; බරපතළ ලෙස ප්‍රායෝගිකය. සැබැවින්ම උද්යෝගය වඩවනසුලුය. මෙහි මා ඔබ සමඟ බෙදා ගන්නා අදහස් සරලය. එහෙත්, ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නේ නම් අවසානයේ දී සම්පූර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය. මම ඔබ ගැන දැඩි උනන්දුවකින් පසුවෙමි. 

#JeewithayataPadamSiyayak #UpaliRathnayaka #Translation # Pariwarthana

 

ජය ගතිමි ජීවිතය

Author : නිපුන් කුමාර කාලිංග 

Screw it, Let’s do it (by Richard Branson) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher :ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් 

Edition : First Edition 2018

ISBN : 978-955-677-763-5

Pages : 122

ලෝකයේ අති සාර්ථක ව්‍යාපාරික ධන කුවේරයන් අතර මුල් හිනිපෙත්තේ සිටින රිචඩ් බ්‍රැන්සන් ජීවිතය ජය ගැනීම උදෙසා කළ සුවිශිෂ්ට කැපවීම පිළිබඳ ආත්මකථනය.

මා සෑම විටම අවස්ථාවන් ග්‍රහණය කර ගනිමින් ද අභියෝගයන් ජය ගනිමින් ද ජීවිතය ගෙවා ඇත. මගේ ජීවන අභිප්‍රාය වූයේ අභියෝග පිහිටුවාගෙන ඒවා කරා ළඟාවීම ය. ජීවිතයේ උගත් සෑම පාඩමක්ම, මෙම ක්‍රියාවන්ගේ සෘජු ප්‍රතිඵලයකි.

කිසිවක් නොසිතන්න – එය සිදුකරන්න

හැකි යයි සිතන්න – බැහැ යයි නොසිතන්න

ඔබට අභියෝග කරන්න – ඉලක්ක ඇතිකර ගන්න

විනෝද වන්න – වෙනසක් සිදු කරන්න

ඔබේ දෙපයින් නැඟී සිටින්න – අවංකවන්න

ජීවිතය උපරිමයෙන් රසවිඳිමින් ගෙවන්න 

#JayaGathimiJeewithaya #NipunKumaraKalinga

 

ඒ අපූරු මග

Author : උපාලි රත්නායක 

Leadership Wisdom (by Robin Sharma) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Susara Publisher 

First Edition 2018

ISBN 978-955-33-0919-8

 312 Pages

ජීවිතයේ සැබෑ සතුට මෙයයි. එනම්, දැවැන්ත ඉලක්කයක් ලෙසින් ඔබටම හැඟෙන කිසියම් අරමුණක් උදෙසා කැප වී වෙහෙසීමයි; ලෝකය විසින් ඔබට කිසිම හොඳ දෙයක් ලබා දෙන්නේ නැතැයි කන්කෙඳිරි නොගා, සෝමාරියකු, අලසයකු නොවී සොබාදහමේ සැබෑ බලවේගයක් බවට පත් වීමයි… මට නම් අවශ්‍යව ඇත්තේ මා මිය යන මොහොත වන විට මගේ ජීවිතය මුළුමනින්ම ප්‍රයෝනයට ගෙන තිබීමටය. මක්නිසා ද යත් මා හොඳින්ම ජීවත් වන බව දැනෙන්නේ, මා හොඳින් වෙහෙසෙන විට බැවිනි. මම ජීවිතය රස විඳිමි. මට අනුව නම් ජීවිතය යනු දැවී යන ඉටිපන්දම් කොටසක් නොවේ. ජීවිතය යනු මේ මොහොතේ දී මා අතෙහි ඇති දීප්තිමත් විලක්කුවකි. එය අනාගත පරම්පරාව සඳහා භාර දීමට පෙර හැකි තාක් ආලෝකය උපදවන සේ බැබළවීම මගේ වුවමනාවය.

–  ජෝර්ජ් බර්නාඩ් ෂෝ –

#EApooruMaga #UpaliRathnayaka #Translation #Pariwarthana

Weight 1.652 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජීවිතේ දිනන අයට”

Your email address will not be published. Required fields are marked *