Sale!

ජීවිතය දිනන අයට 2

Original price was: රු1,980.00.Current price is: රු1,881.00.

  • ඔබේ යහන සකසන්න + මම වෙනස් වෙමි ලෝකය වෙනස් කරමි + යතිවරයෙකු සේ සිතන්න
  • පොතේ මිල – රු. 1980/=
  • අපේ මිල – රු. 1881/=

Out of stock

Category:

ඔබේ යහන සකසන්න + මම වෙනස් වෙමි ලෝකය වෙනස් කරමි + යතිවරයෙකු සේ සිතන්න

පොතේ මිල – රු. 1980/=

අපේ මිල – රු. 1881/=

 

ඔබේ යහන සකසන්න

Author – ප්‍රදීප්කුමාර බාලසූරිය

Make Your Bed (William H. Macros) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wijesooriya Grantha Kendraya

First Edition 2021

ISBN 978-624-566-432-0

120 Pages

විශ්‍රාමික නාවුක අද්මිරාල්, විලියම් එච්. මැක්රාවන් ලොව වඩාත් රළු හා අසීරුතම හමුදා පුහුණුව වූ ඇමෙරිකානු නාවුක හමුදාවේ ‘SEAL’ පුහුණුව ලැබූවෙකි. ඔහු මෙම ‘Make Your Bed’ ග්‍රන්ථය රචනා කළේ තමා එම හමුදා පුහුණුව ලබන විට මුහුණ දුන් අසීරුතා හා අභියෝග ඇසුරෙනි. ඔබට ජීවිතය හා ලෝකය වෙනස් කරන්නට අවශ්‍ය නම් එයට උපකාරී වන විශේෂිත පාඩම් 10 ක් මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ. මෙය ඔබට බොහෝ දේ උගත හැකි වටිනා ග්‍රන්ථයක් වන්නා සේම අනෙකෙකුගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක තිළිණ කිරීමට සුදුසු ග්‍රන්ථයකි.

#ObeYahanaSakasanna #PradeepkumaraBalasooriya #SinhalaPoth #OnlineBooks

 

මම වෙනස් වෙමි ලෝකය වෙනස් කරමි

Author – ගාමිණී කුමාර විතාන/ ළහිරු කෝකිල විතාන

Publisher – Wijesooriya Grantha Kendraya

ISBN 978-955-691-268-5

Second batch 2019

288 Pages

මැදියම් රැය ආසන්න වනතෙක් සීත වලාවන් අතරින්…. තාරකා පිරි නුබ ගැබ සිසාරා ඒ මැදුරෙහි…..

පියානෝවෙන් මිහිරි වාදනයක් ඇදී ආවා. ඒ පියානෝ වාදනය මාධූර්යයෙන් අනුනයි. හැම සෞම්‍ය

රාත්‍රියකම මහ රෑ ඇසෙන මේ මිහිරි සංගීත සංධ්වනිවල රසවින්දේ නිදි වරාගෙන පාඩම් කල දිළිඳු සරසවි

ශිෂ්‍යයෙක්. ඒ දරුවා, අම්මත්, තාත්තත් නැති අනාථයෙක්. වයස දහඅටයි. එයා තමන්ගේ සියලු පාඩම්

කටයුතු නවත්වලා මැදියම් රැයට ඇසෙන මේ රමනීය පියානෝ වාදනයට සවන් දුන්නා. මේ මිහිරි

පියානෝ වාදනය ලෝක ප්‍රකට පියානෝ වාදක ඉග්නාසි ෆිදරෙවුස්කිගෙ. ලෝකයේ නම් දරාපු පියානෝ

වාදකයා. ලේසි පහසුවෙන් කෙනෙකුට හමුවෙන්නපුළුවන් මිනිසෙකු නොවන බවත් මේ සරසවි ශිෂ්‍යයා

දැනගෙන හි ටියා. දවසක් මේ පියානෝ වාදනය අහගෙන සිටි මේ දිළිඳු ශිෂ්‍යයාට තමන්ගේ ඉගෙනීමේ

කටයුතුවලට මුදල් සොයාගන්න කදිම අදහසක් පහළ වෙනවා. මේ මහා පියානෝ වාදකයා ලවා

සරසවියේ පියානෝ වාදන ප්‍රසංගයක් පවත්වලා ඉන් ලැබෙන ලාහයෙන් ඉදිරි අධ්‍යාපන කටයුතුවලට

යන වියපැහැදම් සොයා ගැනීම ඔහුගේ අරමුණ වුණා. ඔහු මේ අරමුණ තමන් වගේම දුප්පත් සරසවි

ශිෂ්‍යයෙකුත් එක්ක සාකච්ඡා කළා.’

#MamaVenasVemiLokayaVenasKarami #GaminiKumaraVithana #SinhalaPoth #OnlineBooks

 

යතිවරයෙකු සේ සිතන්න

Author – ප්‍රදීප්කුමාර බාලසූරිය

Think Like A Monk (Jay Shetty) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wijesooriya Grantha Kendraya

First Edition 2022

ISBN 978-624-566-418-4

428 Pages

මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපුරු ග්‍රන්ථයකි. වෙළෙඳපොලට නිකුත් වූ සැනින්ම ලොවපුරා මිනිසුන් මිලියන ගණනින් වැලඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම “Think Like a Monk’ ග්‍රන්ථය වසර 2020 දී  Amazon.com හා New York Times හි වැඩිම අලෙවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත්විය. මේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහනඳම් පිරුවෙකි. සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ එදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මග ජේ සෙන්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මුලධර්ම රැසකිනි. එහෙයින් මෙම ග්‍රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මුල ධර්ම ඔබේ ජීවිතය වෙනස් මගකට යොමු කරවන්නකි.

සම්මානනීය කතා පවසන්නෙකු හා අන්තර්ජාල ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නෙකු වන ජේ සෙත්තිගේ දැක්ම ‘ප‍්‍රඥාව අන්තර්ජාල ගත විය යුතුය’ යන්න ය. වසර 2019 දී ජේ සෙත්තිව Adweek’s Young Influentials හි ‘කවරයේ තරුව’ සේ නම් කෙරුණේ ‘ආධ්‍යාත්මික ශක්තියෙහි ප්‍රභවයක්” යන හේතු පාඨයද සමඟිනි. එමෙන්ම වසර 2017 දී ලෝක ප්‍රකට Forbes සගරාව තම වයස අවුරුදු 30 ට අඩු 30දෙනාගේ ශ්‍රේණිගතයට ජේ සෙත්තිව එක්කෙරුණේ ඔහු මාධ්‍යයෙහි පවතින තත්වය නොසිතු විරූ වෙනසක් එක් කළ පුද්ගලයාසේ නම් කරමිනි.

ජේ සත්තිගේ අන්තර්ජාල වීඩියෝ වාර බිලියන 8ක් පමණ දැනට නරඹා තිබේ. එමෙන්ම සමාජ මාධ්‍යය හරහා පුද්ගලයන් මිලියන 40ක් පමණ ඔහුගේ අනුගාමිකයෝ සිටිති. ලොව අංක එකේ සෞඛ්‍යය හා යහ පැවැත්ම පිළිබඳ අන්තර්ජාල ගුවන්විදුලි සාකච්ජාමය වැඩසටහන වන On Purpose හි නිර්මාතෘවරයා වන ඔහු Google සිට Microsoft දක්වා හා Netflix සිට HSBC දක්වා ලොව දැවැන්ත සමාගම් රැසක ප්‍රමුඛ දේශකයාද වේ.

#YathiwarayakuSeSithanna #PradeepkumaraBalasooriya #SinhalaPoth #OnlineBooks

Weight 0.901 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජීවිතය දිනන අයට 2”

Your email address will not be published. Required fields are marked *