Sale!
, , , ,

ජයසේන ජයකොඩි මහතාගේ පොත් එකතුවක්

රු1,995.00

  • සත්සයුර +මහ අනඳ හිමි + අමාවැස්ස + ගෝතම ගීතය
  • සාමාන්‍ය මිල – රු. 2100/=
  • අපේ මිල – රු. 1995/=

Out of stock

සත්සයුර +මහ අනඳ හිමි + අමාවැස්ස + ගෝතම ගීතය

සාමාන්‍ය මිල – රු. 2100/=

අපේ මිල – රු. 1995/=

 

සත්සයුර

 

Author : ජයසේන ජයකොඩි 

Publisher : Dayawansa Publisher 

Second Batch 2019

ISBN 978-955-686-337-6

168 Pages

අලම්බූසා, සමිත අතින් ඇද හිඳුවා, ‘ ගුරු ගෞරවය ’ ඒ කිම දැ යි නොදත්තා සේ ඇසුවා ය.

නිහඬ ව බිම බලා පසුවන සමිතයන් යළි ඇමතූ නුරාබල මැහැල්ල, “ නුඹ උහුගෙන් අකුරකුදු මෙතෙක් උගෙන නැති කල, ඔබට ඔහු ගුරු වනුයේ කෙසේ දැ” යි විචාළා ය. 

එ වර ද සමිතයන්ගෙන් පිළිතුරක් නොලැබුණෙන්, මැහැල්ලට මඳ කොවක් නැගිණි. “ නුඹ පැකිළෙනුයේ උහුගේ මුහුණ බලනු අපාසු වෙතැ යි සිතා නම් එයට ද පිළියම් තිබේ. ඉදින් ඔහු දිවි නොමැති කල මට මනාප දැ යි කියන්?”

ලජුබරව පසුවන සමිතයන්ට බියත් තැතියත් උපන්නේ ය. 

“ කතාකරන් කොල්ල. මියගියවුන්ට අප මුහුණු නොපෙනේ. උහු නොමැති කල ඔබ ප්‍රතිචාරය කෙසේ ද? ”

“ මෙලෙස ඉදිරියටත් සේවා කරන්නෙමි.”

“ පිරිමි කිස එය නොවේ! මරන්! ඔහු මරන්! රැයෙහි මෙහි කැඳවා නිදිගත්වා ගෙලට ම කඩු පහර දී මරන්! ”

“ අහෝ මට එ වැන්නක් කරනු තබා සිතනුත් අපාසු යි! ”

#SathSayura #JayasenaJayakodi #SinhalaPoth #SinhalaPoth

 

මහ අනඳ හිමි

Author : ජයසේන ජයකොඩි  

Publisher : Dayawansa Jayakody Publisher 

Fourth Batch 2018

ISBN 978-955-686-338-3

206 Pages

“ ඔබ සසුන් ගත වූයේ කෙලෙසුන් මැඩීමට නොවේ ද නැඟණිය?”

“එ සේ ය.” උඩුබැල්මෙන් වැතිරහුන් මෙහෙණ සිවුර මනාව  සකසා හිඳගත්තා ය.

“ එ සේනම් එහි ඇලී ගැලී මෙ සේ  දුක්විඳින්නේ ඇයි?”

දෑත් බැඳ බිම බලාගත්තා මිස මෙහෙනගෙන් වහා පිළිතුරක් නොලැබිණි.

“රා ගින්නෙන් පැළැහුණු කල්හී දෑස් අන්ධ  වේ . සිහි විකල් වේ.ඒ එහි සැටි ය.මම ඔබට දොස් නොපවරමි. යටි සිතිනුදු සිනා නොනගමි. අන් කෙනෙකුන්ට ද නොකියමි.කිසිත් නුවූවා සේ  සිතා. සිහි නුවනින්  මා දෙස බලන්න නැඟණිය?”

“මම කෙලෙස් තවමින්  ම හුන්නෙමි ස්වාමීණි,මා නොමඟ හෙළුවෝ ඔබ වහන්සේම ය. ඔබවහන්සේගේ මධුර ස්වරයට,රන්වන් පැහැයට , සුපිපි වත කමලට,විනීත පැවතුමට ,ප්‍රනීත බැල්මට මා වශීව ගියේ ය.අනේ ස්වාමීණි,ගිණිගෙන දැවෙන මට අනුකම්පා කොට එකම එක් වරක් මා වැළඳ ගන්න.! මට ඒ ඇතිය. නොඑසේ නම් ම දිවි නොරැඳේ!”

“සුවය රැඳෙන්නේ ඇලීමෙන් නොවේ නැඟණිය. අත්මිදීමෙනි.ගිණි නිවනු  සඳහා ළංකරගත යුත්තේ දර නොව දිය ය. මවෙත දිය මිස දර නොමැත.”

#MahaAnadaHimi #JayasenaJayakodi #SinhalaPoth

 

අමාවැස්ස

Author : ජයසේන ජයකොඩි  

Publisher : Dayawansa Jayakody Publisher 

Twelfth Batch 2020

ISBN 978-955-551-690-7

268 Pages

බුදුරජාණන් වහන්සේ ගේ අසමසම ප්‍රඥා මහිමය කරුණාව, දයාව, මුදිතාව ,උපේක්ෂාව හා ලෝක සත්වයා කෙරෙහි අනන්ත කැපවීම නිරූපණය කෙරෙමින් ,උන්වහන්සේ කෙරෙහි පවත්නා භක්තිය සිය දහස් වරකින් ඔප් නංවන,සමාධි සුව සිසිළ දනවන මෑත යුගයේ බෞද්ධ සාහිත්‍යයට එක් වූ විශ්ෂ්ටතම කෘතිය.

#Amawessa #JayasenaJayakodi #SinhalaPoth 

 

ගෝතම ගීතය

Author : ජයසේන ජයකොඩි 

Publisher : Dayawansa Publisher 

Fifth Batch 2010     

ISBN 978-955-551-764-5

263 Pages

“ එ සේ නම් බ්‍රහ්මණය මම ඔබ විචිරමි. අතපත් නිලුපුලෙක පුසුඹ පැහැය හා සොබාව කොතරම් කලක් ආස්වාදනය කළහැකි දැ යි කියන්න ?

“ හෝරාවක් දෙ හොරාවක් හෝ එයට ද වැඩි කාලයක් ආස්වාදනය කළහැකි වන්නේ ය.”

“ පින්වත් බ්‍රාහ්මණය, ඒයින් ඉක්බිති ව එහි පුසුඹ පැහැය හා සෝබාව කෙසේ ද? මුකුලිත වූ කවර හෝ පුෂ්පයක් සියතට ගෙන සිඹින්නෙක්, නරඹන්නෙක් සිටිත් ද? පින්වත් බ්‍රාහ්මණය, මම යළිත් ඔබ විචාරන්නෙමි. මෙහි පසුවන ස්ත්‍රීන් දෙ දෙනා ගෙන් ඔබ දියණිය මට හඳුන්වා දෙන්න?”

‘’කුමරාණෙනි.ආරම්භයේදී කෝළ හැඟීමෙන්  යුතු ව .මහත් වේගයෙන් ඇසමරමින් නෙතඟ බැලුම් ඇතිව සිට .දැන් හේබාගිය ළහේපලු පතක් සේ පහත්  කැරගත්  හිසින්  ද. අඩව පියාගත් නෙතින් ද පසුවන අභිරූමතිය  මාගේ දියණි ය. ඔබගේ දකුණු පසින් පසුවන් නී ඔ් ය. මාලාදාමය වමතින් බාගත්වනම සිටින් නී ද ඔී ය.”

“බ්‍රාහ්මණ ය මම ඇය හඳුනාගතිමි.ඔබ බිරින්දෑත් දෝණියන්දෑත් අතර වයස් පරතරයක් ඇති බව පමණක් දකිමි.එකියක සුරූපියක හා අනියකවිරූපියක බව නොදකිමි.මෙයින් විසි තිස් වසරකට පෙර ඔබ බිරින්දෑ කෙසේද බ්‍රොහ්මණ ය.?

බ්‍රාහ්මණයාගේ මුව ප්‍රහර්ෂයෙන් පිරිහී ගියේය. “කුමාරයාණෙනි. එවකට ඇය ද මාගේ දියණියට සමාණ රූ ඇති රූමතියක්ව සිටියා ය.”

“එ සේ නම් බ්‍රාහ්මණ ය.තවත් විසි තිස් වසරකට  පසු ඔබේ දියණිය කෙසේදැයි ඔබට කිව හැකි ද?”

#GothamaGeethaya #JayasenaJayakodi #SinhalaPoth #

 

Weight 1.064 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජයසේන ජයකොඩි මහතාගේ පොත් එකතුවක්”

Your email address will not be published. Required fields are marked *