Sale!
, ,

ජයසේන ජයකොඩි මහතාගේ පිච්චමල නවකතා මාලාව

රු4,703.00

  • පිච්චමල + අරලියමල් ආරාමය + මහමෙර + උපේකා + පින්කෙත + සිල් සුවඳ + සුදු නෙළුම + තෙර තරණය (සුදු නෙළුම – 2)
  • සාමාන්‍ය මිල – රු. 4950/=
  • අපේ මිල – රු. 4703/=

Out of stock

පිච්චමල + අරලියමල් ආරාමය + මහමෙර + උපේකා + පින්කෙත + සිල් සුවඳ + සුදු නෙළුම + තෙර තරණය (සුදු නෙළුම – 2)

සාමාන්‍ය මිල – රු. 4950/=

අපේ මිල – රු. 4703/=

 

  1. පිච්චමල

Author: ජයසේන ජයකොඩි

Publisher:  Dayawansa Jayakody & Company

Nineth Batch 2019

ISBN 978-955-686-340-6

239 Pages

“ මම බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රාවකයෙක්, නිරතුරුවම මම ඒ බව සිතනවා. ඒ අනුව

ක්‍රියා කරන්න උත්සාහ කරනවා. අන් අය කෙසේ සිතනවා ද, ක්‍රියා කරනවාදැ යි මම

දන්නෙ නෑ. ඒ ගැන සොයන්න වෙහෙසෙන්නෙ කුමකට ද මහත්තයා ? ඒ හැර, මං

පණ්ඩිතයෙක් ය.  තරුණයෙක් ය. සැලකිය යුතු ධනයක් ඇති පන්සලක දෙවැන්නා ය.

පන්සලේ අධිපතියා වූ කල කරන්නේ මේවා ය යනුවෙන් භික්ෂුවකට අනුචිත අදහස්

මම වැළඳ ගන්නේ නෑ. මට හැම මොහොතක ම වාගේ සිතෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ

යහපත් ශ්‍රාවකයින් වන සාරිපුත්ත මොග්ගල්ලාන මහ කාශ්‍යප වැනි ශ්‍රාවකයින් වහන්සේලා

මා හා සසඳන කල, මා කොතරම් නිවට හිස් භික්ෂුවක් ද කියායි.  බෝධිසත්ව චරිතවල සිද්ධාර්ථ චරිතයේ

බුද්ධ චරිතයේ අතිශයෝක්ති ආටෝප බුද්ධියෙන් හදුනාගෙන, ඒවා බැහැර කර ගත්තාම අපිට

බුදුරජාණන් වහන්සේ දැකගත හැකියි.  ඊට පසු උන්වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර

ගැනීමටත් ඒ අනුව පැවතීමටත් පහසුයි. ’’

 

#Pichchamala #JayasenaJayakody #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

 

 

  1. අරලියමල් ආරාමය

Author: ජයසේන ජයකොඩි

Publisher:  Dayawansa Jayakody & Company

Seventh Batch 2022

ISBN 978-955-686-341-3

238 Pages

 

“ උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද ?

උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දැපනය වැටුනා. ”

“ ඒක තමා මට උනෙත්….”

“ මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනවා බොල ”

“ අම්ම ඉතින් හාමුදුරැවන්ගෙන් අහල බලන්නකො ඇත්ත. ඉවරයිනෙ”

“ තෝ අපට පටලෝනවා. නූල් බෝලේ වගෙ පටලෝනවා. ”

“ පටලවාගෙන තියෙන්නෙ අම්මලානේ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා.

හාමුදුරුවන්ගෙන් අහන්නෙත් නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ, වෙලාවල්වල

හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුනෙ නෑ. ”

 

#AraliyaMalAramaya #JayasenaJayakody #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

 

 

  1. මහමෙර

Author: ජයසේන ජයකොඩි

Publisher: Dayawansa Jayakody & Company

Seventh Batch 2019

ISBN 978-955-551-794-2

214 Page

 

“අර ගෑනි මහ හදිස්සියකට වාගේ දුවගෙන ඇවිත්, කවුරු එනවා කියල ද කිව්වේ හාමුදුරුවනේ?”

“පාදිලිතුමෙක්”

“මොනවා හාමුදුරුවනේ…. පාදිලියො පන්සල්වලට එනවැයි?”

“කාරි නෑ නොවැ. ඉස්සර මේ අපේ උන්නාන්සේලයි ඒ ඇත්තොයි අතර වාද භේද වාද විවාද බොහොමයි. දැන් ඒවා සමනය වෙලා ඇයි හොඳයිකම් පවා පවත්වනවා. මම ඒ ඇත්තොත් එක්ක තවමත් කතාබහ කර නැහැ. නමුත්, එ ඇත්තො දැනුම් තේරුම් තිබෙන යහපත් උදවිය බව අසා තියෙනවා.”

“ඕකනෙ කියන්නේ…. ඕනෑ වසවර්තියෙක් හාමුදුරුවන්ට හොඳයි. මං අහගෙනයි. පියදාසයටත් එන්නෙයි කියලා කියනවා? ඌ එදා කියාපුවා හාමුදුරුවන්ට මතක නම් එන්නෙයි කියලා කියනව ද එහෙම?”

“මට ඒවා අමතක යි  සිංඤප්පු උන්නැහැ.”

 

#Mahamera #JayasenaJayakody #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

 

 

  1. උපේකා

Author: ජයසේන ජයකොඩි

Publisher: Dayawansa Jayakody & Company

Fifth Batch 2018

ISBN 978-955-686-342-0

191 Pages

 

පද්මාවතී ලිප ළඟ බංකු පොඩ්ඩේ හිඳගෙන තේමීය කුමාරයා සිහිපත් කළා ය. පැවිදිව හුදෙකලාව වනයෙහි වාසය කරන පුත් කුමරා බලන්ට පිය රජතුමා දිනක් ගියේ ය. ඔහු බලාපොරොත්තු වූයේ රළු වනයෙහි වන ඵල අහරකොට ගනිමින් ජීවත්වන තම පුත් කුමරා අතිශයින් කෘෂව ජරාජීර්ණව දුකට පත්ව ඇතැ යි කියා ය. එහෙත් බොහෝ පැහැපත්ව ප්‍රබෝධමත්ව ඔහු එහි පසුවනු දුටු රජතුමා මවිතයට පත්ව, මේ කටුක වනයෙහි මෙසේ පැහැපත්ව පසුවන්නේ කෙසේ දැ යි, ප්‍රශ්න කෙළේ ය. “අතුරනලද කොළ ඇතිරියෙහි තනිව නිදමි. කඩුගත්තාවු රාජාරක්ෂකයෝ මා වටා නැත්තෝ ය. අතීතය ගැන සිතා ශෝක නොකරමි. අනාගත ප්‍රාර්ථනා ද නැත. වර්තමානයෙන් යැපෙමි. මේ නිසා පිය රජතුමනි මට මැනවින් නිදි ලැබේ. ශරීර වර්ණය පැහැපත් වේ. සෝ තැවුල් නැත.” තරුණ තේමිය තවුසා පිළිතුරු දුන්නේ ය.

 

#Upeka #JayasenaJayakody #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

 

 

  1. පින්කෙත

Author: ජයසේන ජයකොඩි

Publisher: Dayawansa Jayakody & Company

Sixth Batch 2019

ISBN 978-955-551-795-9

143 Pages

 

රාහුල තෙරණුවෝ විමුක්ති සුව විදිති.

“නමුත් හාමුදුරුවනේ ස්වල්ප පිරිසක් හැර, සමස්තයක් හැටියට ගත් කල අද අපේ මිනිසුන් දෙස බලා කිසිසේත් සතුටුවීමට පුළුවන්කමක් නෑ. දූෂිතම තත්ත්වයේ පසුවන්නේ පාලක පක්ෂය යි. තත්ත්වය මේ ආකාරයට දිගින් දිගට වර්ධනය වුණොත් අනාගතය ඉතා භයානක යි. මම අපේ පොඩි හාමුදුරුවෝ එක්කත් කතා කරකර හිටියෙ එ් ගැන යි.”

“ඉහළ පහළ මැද කොතැන පසුවූවත්, අතළොස්සක් දෙනා හැර සෙසු සියලු මනුෂ්‍යයෝ අඩු වැඩි වශයෙන් කෙලෙසුන්ගෙන් ආතුරවූවෝ නොවැ. අනුකම්පා කටයුතු යි. එදා හොඳ ය, අද නරක ය කියා කම්පා විය යුතු නැහැ මහත්තයා. එයින් තැළෙන්නේ තම සිතයි. බොහෝ කාරණා කටයුතු සම්බන්ධයෙන් මහත්තයා ප්‍රඥාවන්ත යි. අඳුරට දොස් නොනඟා එයට පහනක් වනු නම් අගේ නොවැ.”

 

#Pinketha #JayasenaJayakody #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

 

 

 

  1. සිල් සුවඳ

Author: ජයසේන ජයකොඩි

Publisher: Dayawansa Jayakody & Company

Third Batch 2018

ISBN 978-955-686-343-7

269 Page

 

” ඔබ බ්‍රහ්මචාරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා? ”

” මම පිංතූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ.”

” බලා එය සිතින් හැලුවා නම් කම් නැහැ. එය මගෙන් වසන්කොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුවම කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි.  ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද, සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිර යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?”

 

#SilSuwada #JayasenaJayakody #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

 

 

  1. සුදු නෙළුම

Author: ජයසේන ජයකොඩි

Publisher: Dayawansa Jayakody & Company

Fourth Batch 2018

ISBN 978-955-686-344-4

223 Pages

 

” මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණේ.”

“ඒ වගක් හාමුදුරුවොත් දන්නවා එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවේ නැත්තම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මාරා දාන්න ඇත්තේ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නේ.”

“මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?”

“මේකිට මා අතින් මොනවා වෙයි ද දන්නේ නෑ.”

මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය. ” අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි ! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ.”

 

#SuduNeluma #JayasenaJayakody #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

 

 

  1. තෙර තරණය (සුදු නෙළුම – 2)

Author: ජයසේන ජයකොඩි

Publisher: Dayawansa Jayakody & Company

Third Batch 2022

ISBN 978-955-686-345-1

207 Pages

 

“අනේ නායක හාමුදුරුවනේ, රාහුල නායක හාමුදුරුවො විහාර මළුව පල්ලමේ පඩි පෙළෙන් වැටුණා ! මම උස්සාගෙන ඇවිත්….”

“මොනවා? කවුද උන්නාන්සේව කන්දට දොක්කාගෙන ගියේ?”

“උන්නාන්සේ ම යි මට කතාකළේ. මම පරිස්සමෙන් එක්කං ගියා. බුදුපිළිම වහන්සේට බිම දිගාවෙලා යි වන්දනාමාන කෙළේ. බුදුන් වහන්සේගෙන් සමුගත් බවකුත් මට කියා සිටියාය! ඇඳිරියත් සමඟ යි පල්ලම බැසීම ඇරඹුවෙ. විහාර මළුවේ දී බොහෝ දෙනා සමඟ කතාබහේ යෙදුණු නිසා එහි පැයකටත් වැඩි වේලාවක් රැඳීසිටීමට සිදුවුණා.”

“ඕවා නොවෙයි, මොකද දැන් නායක හාමුදුරුවන්ට, තුවාල ද?”

“පේන්න තුවාලයක් නම් නැහැ. ඒත් අංශයක් පණ නැහැ වගෙ.  කතාකරන්නත් බැහැ.”

 

#TheraTharana #JayasenaJayakody #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

Weight 1.830 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජයසේන ජයකොඩි මහතාගේ පිච්චමල නවකතා මාලාව”

Your email address will not be published. Required fields are marked *