,

ජපන් බස රචනා සංග්‍රහය

රු600.00

  • Author – පරණගම ඤාණවිමල හිමි
  • Publisher – Ashirwada Publishers
  • First Edition 2015
  • ISBN 978-955-697-096-8
  • 180 Pages

Out of stock

Author – පරණගම ඤාණවිමල හිමි

Publisher – Ashirwada Publishers

First Edition 2015

ISBN 978-955-697-096-8

180 Pages

දෙවන ලෝක යුද්ධයෙහි අයහපත් ප්‍රතිඵල වලින් පසුව වුවද ජපානය ලොව පළමු පෙළේ ආර්ථික බලවතුන් අතරට පැමිණියේ ඉතා කෙටි කලකින් විශ්මය ජනක අයුරිනි. එම නිසා ම සමස්ත ලෝ වැසියන්ගේම අවධානය ජපානය දෙසට එල්ල විය. ජපන් ජාතිකයන්ගේ කාර්යශුර බව එම දියුණුවට මඟ පෑදු සාධකයෝ වෙති. එසේම ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින මිත්‍රශීලි බවට ඇත්තේ දිගු ඉතිහාසයකි. වාණිජමය ආර්ථිකමය හා ආගමිකමය වශයෙන්ද දෙරට අතර එදා සිටම පවතිනුයේ දැඩි සමීප සම්බන්ධතාවයකි. 

එවන් රටක භාෂාවක් ලාංකික ශිෂ්‍ය පරම්පරාවට ඉගෙනීමට ලැබී තිබීම අනර්ඝ අවස්ථාවකි. ඒ තුළින් ජපානයෙන් ලබා ගත හැකි විද්‍යා තාක්ෂණික ඥාණය සහ ඉහත සඳහන් ආදර්ශ අපේ දරුවන්ට ලබැගැනීමේ මාවත් තවත් පුළුල් වනු ඇත. විදේශ භාෂාවන් ඉගැන්වීමෙහි යෙදෙන අල්ප වූ ගුරුවරුන් පිරිසක් එම භාෂාව ඉගැන්වීමට දරන ප්‍රයත්නය ප්‍රශස්ත වේ. තම දැනුම තමන්ගේ පාසල් දරුවන්ට බෙදා දීමට මෙණක් සීමා නොවී ජපන් බස හදාරන සියලු ලාංකික දරුදැරියන්ට බෙදා දීමට පරණගම ඤාණවිමල හිමියන් මෙවැනි ග්‍රන්ථයක් එළි දැක්වීම තුළින් කටයුතු කර තිබීම පිලිබඳ බෙහෙවින් සතුටට පත්වෙමි. අගය කරමි.

කැළණී විශ්ව විද්‍යාලයෙන් ජපන් හා චීන භාෂාවන්ගෙන් උපාධිය ලැබ අනතුරුව ඉංහ්‍රීසි මාධ්‍යයෙන් ශාස්ත්‍රපති උපාධියෙන් ද පිදුම් ලැබ දැනට බප/ගම්/ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ සේවය කරන උන් වහන්සේට ඉදිරියටත් දේශයේ දරුවන් වෙනුවෙන් මෙවැනි ශාස්ත්‍රීය කටයුතු කිරීමට ශක්තිය ලැබේවායි පතමි. ජපන් භාෂාව ඉගෙන ගන්නා දරුවන්ට මෙන් ම ඉගැන්වීමේ යෙදී සිටින ගුරුවරුන්ට ද මෙම රචනා සංග්‍රහය ඵලදායි වටිනා ග්‍රන්තයක් වනු ඇතැයි සිතමි.

#JapanBasaRachanaSangrahaya #ParanagamaGnanavimalaHimi #SinhalaPoth #Usaspela #AdyapanaPoth #SinhalaPoth #OnlinePoth #OnlineBooks 

 

Weight 0.225 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජපන් බස රචනා සංග්‍රහය”

Your email address will not be published. Required fields are marked *